• රට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයේ දි අවසන් කිරිමට රජය සිය විශේෂ අවධානය...
  • කටුනායක ගුවන් තොටුපළේ පැකේජ ඒ ව්‍යාපෘතිය නියමිත කාලය තුළ අවසන් කරන්න යැයි උපදෙස්...                                                                                                                                                                                                                                                               

රට  තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයේ දි අවසන් කිරිමට රජය සිය විශේෂ අවධානය යොමු කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති ද නියමිත කාලයට අවසන් විය යුතු බවයි.

කටුනායක ගුවන් තොටුපළේ පැකේජ ඒ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබද ඊයේ (14) අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ පැකේජ ඒ ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන්නේ කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරයි. එය 2020 වසරේ මෙරට ආරම්භ කෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ද වේ. 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ශිංෂෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරිම් ආරම්භ කර වසර 03 ක් තුළ නිම කිරිමට සැලසුම් කර තිබුණ ද පැකේජ ඒ ව්‍යාපෘතියේ ඉදිකිරිම් පසුගිය යහපාලන රජය අතහැර දමා තිබිණි. ව්‍යාපෘතිය නැවත ආරම්භ කෙරුණේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2020 නොවැම්බර් 18 වෙනිදායි. ඒ යහපාලන රජය මෙම ව්‍යාපෘතිය අතහැර දැමීමෙන් වසර 05කට පසුවයි.

මේ යටතේ කටුනායක ගුවන් තොටුපළේ වසරකට මගීන් හැසිරවීමේ ධාරිතාව මිලියන 15 ක් දක්වා ඉහළ නැංවේ. ඒ වෙනුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකෙරෙන අතර උස්මාර්ග පද්ධතියක්, මගී පාලම්, වැසි ජලය අපහරණ පද්ධතියක්, ජීව වායු සැලැස්ම සහිත කොම්පෝස්ට් පද්ධතියක්, මහල් 05 කින් යුත් රථගාලක් ඉදි කෙරේ. ව්‍යාපෘතිය ජපන් යෙන් 41,553,891,286 (මිලියන 41553) හා රුපියල් 35,135,843,333 ක (මිලියන 35,135) ක සමුච්චිත වටිනාකමකින් යුක්ත වේ.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් සදහා මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස අවධානය යොමු කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම ගැටළු මහා භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළේය. ඒ සදහා මහා බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ඡාවක් ඉදිරියේ දි පැවැත්වීමට ද තීරණය කෙරිණ.

ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙරට සංවර්ධන ව්‍යාපෘති අඩාල නොවිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවයි. ඒ නිසා මෙහි ඉදිකිරීම් කිසිසේත් ප්‍රමාදවීමට ඉඩ නොතබන ලෙස කොන්ත්‍රාත්භාර සමාගමට උපදෙස් දුන් ඇමතිවරයා අදාළ ගැටළු කඩිනමින් හදුනාගෙන ඒවා විසදා ගැනීමට ඔවුන්ට සහාය දක්වන ලෙස ද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ බළධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ හා සංවර්ධන හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2022 02 14 at 16.29.48

  • මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේ ක්‍රියාමාර්ග පුළුල් කෙරේ
  • පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක්. ගුවන්යානා මෙහෙයුම් 722ක්
  • ේ වසරේ සංචාරකයන් 2919ක් මත්තලින් ශ්‍රී ලංකාවට ඇවිත්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලෝකයේ ප්‍රමුඛපෙලේ ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. මේ වසර තුල එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපලේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයිද ඇමතිවරයා විශ්වාසය පල කරයි.

පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව තිබේ. හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722කි. ඉන් 584ක්ම ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් වීම විශේෂත්වයකි. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ පසුගිය වසරක කාලය තුල අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් 138ක්ද සිදුව ඇතැයි  ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා සංචාරකයන් 2919ක් මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇතැයි ද මත්තල ගුවන්තොටුපල වාර්තා සඳහන් කරයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ කෙරුණේ 2013 මාර්තු 18 වන දිනයි. එම වසරේදී ‍ගුවන් මගී මෙහෙයුම් 36,137ක් සිදුකෙරුනු අතර ගුවන්යානා මෙහෙයුම් 1520ක් සිදුකෙරිණි. 2014 වසරේදී ගුවන් මගී මෙහෙයුම් 40,386ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල තුල සිදුව තිබේ.එම වසර තුලදී සිදු කෙරුනු ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 2924කි.2015 යහපාලන රජය බලයට පත්වීමත් සමග මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් අඩාල කෙරුනු අතර එහි වී ගබඩා කිරීමට ද යහපාලන රජය කටයුතු කල බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. යහපාලන කාල සීමාව තුල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමක් සිදුනොවූ අතර එය අකර්මණ්‍ය කිරීම සඳහා එම රජය කටයුතු කල බව පෙන්වා දෙයි.

2020 නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු එම ගුවන්තොටුපල “ විදේශීය සංචාරක ගමනාන්තයක්” ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කලේය. ඒ අනුව ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්තොටුපල ගාස්තු නිදහස් කෙරිණ. ඊට අමතරව ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගුවන්සේවා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගෙන ඒම සඳහා පියවර ගත් බවද ඇමතිවරයා පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් ස්කයිඅප්, ගලිවර්, උස්බෙකිස්ථාන ගුවන්සේවය, කටාර්, එයා(ර්) ඒෂියා, මාලදිවයින් ගුවන්සේවය, සලාම් එයා(ර්) වැනි ජාත්‍යන්තර ගුවන්සේවා මත්තලට සිය ගුවන්ගමන් සිදුකරනු ලබයි.

මීට අමතරව මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට ද රජය සිය විශේෂ අවධානය යොමුකර තිබේ.  ඒ අනුව ප්‍රධාන කාණ්ඩය තීරු බදු රහිත වෙළදසැල් දෙකක්, තේ අලෙවිසැලක්, ගෘහ විදුලි උපකරණ වෙළඳසැල් දෙකක් , සංචාරක ‍සේවා කවුළුක්, ජංගම දුරකථන සන්නිවේදන කවුළු හා බැංකු කවුන්ටර් ස්ථාපිත කර ඇත. ඉදිරියේදී ගුවන් මෙහෙයුම් වැඩි වීමත් සමග එහි පහසුකම් තවදුරටත් පුළුල් කරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

  • කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඒ අවට නව රථවාහන සැලැස්මක් සැකසේ...
  • අදියර දෙකක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි....වැයකරන මුදල රුපියල් මිලියන 600ක්...
  • ගුවන් තොටුපළ දැනට පවතින මගී පර්යන්ත ගොඩනැගිල්ලත් ප්‍රතිව්‍යුහගත කෙරේ...

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා ඒ අවට නව රථවාහන සැලැස්මක් සැකසෙයි. ගුවන්තොටුපළ හා ඒ අවට මාර්ග තදබදය අවම කිරීම එහි අරමුණයි. ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අදියර 1 යටතේ ඇවරිවත්ත හංදියේ සිට ආයෝජන මණ්ඩල ප්‍ර වේශය දක්වා මිටර් 660 ක් දිග මංතීරු හතරක ද්විත්ව මාර්ගයක් ඉදිකෙරේ. එහි ඉදිකිරිම් මේ වනවිටත් අවසන්ව තිබේ. ඊට සමගාමීව ඇවරිවත්ත මංසන්ධිය සංවර්ධනය කිරිමට ද අපේක්ෂිතයි. අදියර 2 යටතේ  ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව මගින් අවශ්‍ය ඇළ මාර්ග ඉදිකිරිම හා ආයෝජන මණ්ඩල පිවිසුමේ සිට මිනුවන්ගොඩ දෙසට මිටර් 1050 දිග මංතීරු හතරකින් යුතු ද්විත්ව මාර්ගයක් ඉදි කෙරේ. සමස්ථ ව්‍යාපෘතිය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 600කි. කටුනායක ගුවන්තොටුපළේ සියලු පැමිණිම් හා පිටවීමේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක පරික්ෂාවෙන් පසු ගුවන් තොටුපළට ඇතුළුවීමට හැකියාව ලැබෙන අතර පැමිණිමේ හා පිටවීමේ පර්යන්ත වලට ප්‍ර වේශ විය යුතු ආකාරය ඇතුලත් සංඥා පුවරු සවි කිරිමට ද පියවර ගෙන ඇත.

මගී පහසුව සදහා ගුවන් තොටුපළේ දැනට පවතින මගී පර්යන්ත ගොඩනැගිල්ල ප්‍රතිව්‍යුහගත කිරිමට හා ප්‍රතිසංස්කරණය කිරිමට ද පියවර ගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉක්මවිමේ ගැටළුවට විසදුමක් ලෙස එම පියවර ගෙන තිබේ. ඒ අනුව මගී පර්යන්ත ගොඩනැගිල්ලේ විගමන ප්‍ර දේශයේ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරිමට කටයුතු කෙරිණ. ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 430කි. මේ යටතේ  ආගමන විගමන ප්‍ර දේශයේ ඉහළ මාලයට මාරු කෙරෙන අතර අතිරේක ආගමන කවුන්ටර් 04 ක්, අතිරේක ඇතුල්වීමේ කවුන්ටර් 05 එස්කැලේටර් දෙකක්, සෝපානයක් හා නව පඩිපෙළක් සහ අමතර ඉඩකඩ, ආපනශාලා හා සනිපාරක්ෂක පහසුකම් ද එක් කිරිමට නියමිතයි. ඇමතිවරයා පවසන්නේ මෙම ඉදිකිරිම් කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක බවයි. මේ වසර තුළ ව්‍යාපෘතිය අවසන් කිරිමට සැලසුම් කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ මිලියන 06 ක් වන වාර්ෂික මගී ධාරිතාව මේ වන විට මිලියන 10 ඉක්මවා ඇති අතර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ ව්‍යපෘතිය අවසන් වීමෙන් පසු එම ධාරිතාව මිලියන 15 ක් දක්වා ඉහළ යනු ඇත. කටුනායක ගුවන් තොටුපළ සංවර්ධන කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ. නියමිත කාලසීමාවන් වලදී එම කටයුුතු අවසන් කිරිම සදහා අදාළ අංශවෙත උපදෙස් දි ඇතැයි ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටි.

  • මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පූර්ණ ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ....
  • ඒ වෙනුවෙන් ත්‍රෛපාර්ශවික ගිවිසුමක්.....

මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පුර්ණ දේශිය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ. දේශිය හා විදේශිය සංචාරකයන්ට සේවා සැපයිම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් හමුදාව අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමකට එළඹීමට ද අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගිවිසුම සැකසීම මේ දිනවල සිදු කරනු ලබයි. සිවිල් හා හමුදා මෙහෙයුම් අතර පැහැදිලි වෙන්විමක් ඇති කිරිමට මෙමගින් අපේක්ෂිතයි. ගුවන් ධාවන පථයේ උතුරු ප්‍ර දේශය ආශ්‍රිතව ගුවන්ගමන් පාලන කුළුණු, ගිනි හා  මුදවා ගැනීමේ පහසුකම් ඉදි කිරිමට ද අපේක්ෂිතයි.

ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ වාණිජ ආයෝජන අවස්ථා හදුනා ගැනිම සදහා ද විශේෂ වැඩපීළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ගුවන් සංතරණ ගණයට වැටෙන හා නොවැටෙන ආයෝජන අවස්ථා පිළිබද ව මෙහි දි අවධානය යොමු කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. මඩකලපුව ප්‍ර දේශයේ සංචාරක හෝටල්, සංචාරක ක්ෂේත්‍ර යේ ක්‍රියාකාරින් සමග මඩකලපුව ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරිමේ විශේෂ ව්‍යාපෘතියක් ද දැනටමත් ආරම්භ කර තිබේ.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් නතරවුණු යාපනය - කොළඹ සංවිධිත ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව ඊට අදාළ සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් මේ වසරේ මුල් කාර්තුව තුළ එම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සදහා සහන රැසක් ලබා දී තිබේ. ගුවන් තොටුපළ අපනයන බද්ද වන ඇමෙරිකානු ඩොලර් 60 ක මුදල වසර දෙකක් සදහා ලබා ගැනීම අත්හිටුවා ඇති අතර ගොඩබෑමේ හා නැවතුම් ගාස්තු වලින් ද ගුවන් සමාගම් නිදහස් කර තිබේ. ඉතා ධනවත් ව්‍යාපාරික පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මගින් ව්‍යාපාරික ජෙට් යානා ගෙන්වා ගැනීම සදහා ද සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයි ඇමතිවරයා කියයි.

සංචාරකයන්ගේ  පහසුව සදහා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති අතර සන්නිවේදන සේවා හා බැංකු කවුන්ටර් පවත්වාගෙන යාම සදහා ද මේ වන විට අවසර දි තිබේ.

දැනටමත් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට මාලදිවයින, කටාර්, එයාර් ඒෂියා යන ගුවන් සේවා සෘජු ගුවන් ගමන් සිදුකරයි. තවත් ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් ම ලබන වසරේ දි මත්තල නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබේ. ඔවුන් සමග මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බව ඇමතිවරයා කියයි. සලාම් එයාර් ගුවන් සමාගම සිය භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එමිරේට්ස් ගුවන් සමාගම ද ඉතා නුදුරේ දිම සිය භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපළ තුළ ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මිට අමතරය මුහුදු නාවික කාර්යය මණ්ඩල මාරු විම සදහා කේන්ද්‍රස්ථානයක් ලෙස ද මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීමට පියවර ගෙන තිබේ. කටාර් ගුවන් සමාගම හා එයාර් ඒෂියා ගුවන් සමාගම දැනටමත් සිය මෙහෙයුම් මත්තලට ක්‍රියාත්මක කරයි. 2020 පෙබරවාරි මාසයේ සිට ඉන්දියානු කළාපය වසා දැමීම නිසා මුහුදු කාර්යය මණ්ඩල මාරු වීම සදහා මෙම මෙහෙයුම් ආරම්භ කළ බවත් ඇමතිවරයා කියයි.

මේ අතර මත්තල ගුවන් තොටුපළේ ගුවන් යානා නඩත්තු හා අලුත්වැඩියා කිරීම් පහසුකම් ස්ථාපිත කිරීමෙ කෙරෙහි ද රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව විදේශ ආයෝජනයක් මගින් හෝ ශ්‍රී ලංකා සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරායක් ලෙස එය ආරම්භ කිරිමට අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර රැසක් ගෙන ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි.

මත්තල ගුවන්තොටුපළ මේ වසරේ මුල් මාස 09 ක කාලය තුළ ගුවන් යානා 518 ක මෙහෙයුම් සිදු කර තිබේ. මගීන් 27,859 කට පහසුකම් සලසා ඇත. හසුරුවා ඇති ගුවන් භාණ්ඩ සංඛ්‍යාව මෙට්‍රික් ටොන් 21.5 කි. පෙර වසරේ මුල් මාස 09ට සාපේක්ෂව මගි මෙහෙයුම් 52% ක වැඩිවිමකි. භාණ්ඩ මෙහෙයුම් 106% ක වැඩිවීමක් බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

සංචාරක පුවත්

Mega Travel Influencer ‘Nas Daily’ join-hands to promote Tourism in Sri Lanka

Sri Lanka Tourism Promotion Bureau (SLTPB), under The Ministry of Tourism and Lands welcomed World's Top Travel Influencer Nusier Yassin also known as ''Nas Daily'’ to promote Sri Lanka as One of Best Travel Destinat

Continue Reading

Sri Lanka celebrates its milestone surpassing 100,000 Russian arrivals through direct flights

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with Airport and Aviation Services organized a special ceremony to celebrate 100,000 tourist arrivals from Russian Federation through direct flights.

Continue Reading

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය