මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන  ගුවන් සමාගම් සදහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල ගුවන් තොටුපළ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනිම මෙහි අරමුණයි.

මේ අනුව මෙතෙක් මත්තල ගුවන්තොටුපළට ගුවන් මෙහෙයුම් සිදු නොකළ ජාත්‍යන්තර ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් ආරම්භ කරන දින සිට වසර දෙකක කාලයක් සදහා ඩොලර් 60 ක ගුවන්තොටුපළ විගමන බද්ධ අය නොකිරීමට යෝජනා වී තිබේ. ගුවන් යානා ගොඩ බැසීම් හා නැවතුම් ගාස්තු සදහා ද සහන ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර හතරක් දක්වා එම ගාස්තු සදහා වට්ටම් ලබාදිමට නියමිතයි. පළමු වර්ෂයේ 100% කින් ගුවන් යානා ගොඩ බැස්සවීම් හා නැවතුම් ගාස්තු නිදහස් කෙරෙන අතර දෙවන වර්ෂයේ 75%කින් ද තුන්වන වර්ෂයේ 50% ක් ද, සිව්වෙනි වර්ෂයේ 25%ක් ද නිදහස් කෙරෙනු ඇත.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සතියකට අවම වශයෙන් එක් කාලසටහන් ගත ගුවන් ගමනක්වත් මත්තල ගුවන් තොටුපළ සදහා ක්‍රියාත්මක කිරීමට කිසියම් ගුවන් සමාගමක් ගිවිසුමකට එළඹෙන්නේ නම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පළමු වර්ෂයේ මෙහෙයුම් වල ගුවන්යානා ගොඩබැසීම් හා නැවතුම් ගාස්තු සදහා 50% ක වට්ටමක් ලබාදීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය ගෝලීය ගුවන් ප්‍රවාහන කර්මාන්තයට ද සැලකිය යුතු අන්දමින් බාධා පමුණුවා ඇති බවත් ඒ නිසා සමස්ථ ගුවන් කර්මාන්තයම අර්බුදයකට ලක් ව ඇති බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. මත්තල ගුවන් තොටුපළ සදහා නව ගුවන් සේවා ආරම්භ කිරීමට කැමති ගුවන් සමාගම් ඉලක්ක කර ගනිමින් මෙම සහන පැකේජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළේ ඒ අනුව බවත්, මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන්තොටුපොළ පරිහරණය කරන සංචාරකයින්ට හා ශ්‍රී ලාංකිකයන්ට පවතින බාධා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක්වෙමින් (14)  අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ඉදිරි කාල සීමාවේදී සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බැවින් සංචාරකයින් අපහසුතාවයට පත්වීම  අවම කිරීමට අදාළ ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවට එක් විය.

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටව යාම සඳහාත්, සිය ගමන්මලු ලබා ගැනීම සඳහාත්, රේගු සේවා සඳහා ත් වෙන වෙනම කුටි සකසන ලෙස අමාත්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් සමග සංචාරක කර්මාන්තය නගා සිටුවීම කෙරෙහි බොහෝ රටවල අවධානය යොමු ව තිබේ.

දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වී ඇති බවත් ඉදිරියේ දී එය සංචාරකයින් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වසංගත රෝග පාලනය කිරීමට අදාල සෞඛ්‍යය නිර්දේශ අනුගමනය කරමින් ගුවන්තොටුපල කටයුතු පවත්වා පවත්වාගෙන යාම කෙරෙහි මේ කාලසීමාවේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා ගේ අදහසයි.

වාර්ෂිකව පුද්ගලයින් මිලියන 6කට ගුවන් සේවා සැපයීම අරමුණු කරගනිමින් කටුනායක ගුවන්තොටුපල නිර්මාණය කර තිබේ. එම මගී ධාරිතාව ඉක්මවා යමින් මඟින්  මිලියන 10ත් 12ත් අතර ප්‍රමාණයකට  කටුනායක ගුවන්තොටුපල ගුවන් සේවා සපයයි. ඉකුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ සමයේ කටුනායක ගුවන්තොටුපල නව මගී පර්යන්තයක් ඉදිකිරීම සඳහා කටයුතු ඇරඹුවත් යහපාලන රජය සමයේ එම කටයුතු අඩාල විය. මේ වන විට නැවතත් එහි වැඩ අරඹා ඇති බැවින් නව මගී පර්යන්තයේ කටයුතු අවසන් වූ වහාම තවත් ගුවන් මගීන් මිලියන 9ට ගුවන් සේවා සැපයීමේ හැකියාව නිර්මාණය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ එම කටයුතු අවසන් වූ පසුව කටුනායක ගුවන්තොටුපල හරහා වාර්ෂිකව මගීන් මිලියන 15 ක ට ගුවන් සේවා සැපයීමට හැකි වන බවයි.

මෙම අවස්ථාවට ගුවන් සේවා හා ගුවන් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජිව් සූරියාරච්චි, ආගමන විගමන නිලධාරීන්, රේගු නිලධාරීන්, ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ද එක් වූහ .

240586910 6773933722632086 1616211355840336432 n

241393333 6773937195965072 7110733715515473413 n

241463911 6773941662631292 378894257216313551 n

 

වසර 06 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ - මොස්කව් ගුවන් ගමන් යළි ආරම්භ කරයි. ඒ අනුව පසුගිය සිකුරාදා (30) රාත්‍රී 10.20 ට UL 533 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය මොස්කව් බලා පිටත්ව ගියේය. 31 වන දින අලුයම 04.30 ට මොස්කව් DOMODEDOVO ගුවන් තොටුපළට ගොඩ බැස්සවු අතර මෙම ගුවන් යානයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග,  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර ඇතුළු විශේෂ දූත පිරිසක් ද වූහ.

ඒ අනුව සෑම සතියක ම සිකුරාදා කොළඹින් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මොස්කව් බලා ගමන් කිරීමට නියමිත අතර එම ගුවන් යානය මොස්කව් ගුවන් තොටුපළට ගමන් කිරීමට පැය 08 ක් සහ විනාඩි 25 ක කාලයක් ගතවේ. පසුදින මොස්කව් සිට කටුනායක දක්වා මෙම ගුවන් යානය ආපසු පැමිණීමට නියමිතයි.

වසර 06 කට පසු කොළඹ සහ මොස්කව් අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තතෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා සවස චාම් සමාරම්භක වැඩසටහනක් පැවති අතර ඊට සහභාගී වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා රුසියාව අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹිම දෙරට අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කිරීමට ඉවහල් වනු ඇති බවයි. විශේෂයෙන් ම මෙරට සංචාරක ව්‍යාපාරය සදහා මෙය ඉතා හොද ආරම්භයක් බව ද ඇමතිවරයා කීවේය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා රුසියාවේ රැදී සිටින කාලය තුළ එරට සංචාරක  හා ගුවන් සේවා ප්‍රධානීන් මෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

205346214 6533636259995168 904665703982133849 n

ඡායාරූපය -   කොළඹ සහ මොස්කව් අතර යළි ගුවන් ගමන් ඇරඹිම නිමිත්තෙන් කටුනායක සෙරන්ඩිබ් ශාලාවේ පැවති සමාරම්භක වැඩසටහන.

 

 

එළඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා ශ්‍රි ලංකාව අතර සෘජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරේ.

රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා මෙරට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතර රුසියාවේදී පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ තිබේ. සාකච්ඡාව පැවැත්වුණේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි Aeroflot ගුවන් සමාගම් මූලස්ථානයේදීයි.

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධන කිරීමේ අරමුනැතිව ලොව පුරා ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමඟ ඉදිරියේදී මෙවැනි සාකච්ඡා පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශය  කටයුතු යොදා ඇත.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡා පැවැත්වෙන අතර   රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ පැවති මෙම සාකච්ඡාව එම ප්‍රවර්ධන වැඩපිළිවෙළේ මූලාරම්භයයි.

රුසියානු aerofloat ගුවන් සමාගම  සැප්තැම්බර් පළමුවැනිදා සිට  ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද පවතින තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව එය කල් දමා තිබිණි.  අද පැවති සාකච්ඡාවල ප්‍රතිඵලය අනුව  අනුව එළැඹෙන නොවැම්බර් 4 වැනිදා සිට  රුසියාව හා ශ්‍රි ලංකාව අතර  එම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කෙරින. මුල් අවධියේදී රුසියාවේ සිට සතියකට ගුවන්ගමන්  වාර දෙක බැගින්  මෙරටට පැමිණීමට ද එම සාකච්ඡාවලදී තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන්  මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වූ අතර රටේ සෑම පුරවැසියෙක්ම එන්නත්කරණය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ එරොෆ්ලොට් ගුවන් සමාගමේ  නිලධාරීන් අගය කළේය.

එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව අනාගතයේදී  සෞඛ්‍යාරක්ෂිත  ගමනාන්තයක් ලෙසත් ශ්‍රී ලංකාව හදුන්වාදිය හැකි බව  ඔවුහු සදහන් කළහ.

මේ වන විට මෙරට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූ අතර ගුවන් යානයක පැමිණිය හැකි පුද්ගලයින් ප්‍රමාණය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් පිළිබඳවද සාකච්ඡා විය.

සංචාරකයින් සඳහා එවැනි සීමාවක් නැති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේය.

 කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා නැවත විවෘත කෙරුණේ පසුගිය ජනවාරි විසි එක් වෙනිදා යි .පසුගිය කාලය තුළ රුසියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම වර්ධනය වී ඇති අතර එළඹෙන 4 වෙනිදා සිට සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමෙන් පසුව රුසියානු සංචාරකයින්ගේ පැමිණීම මීට වඩා වර්ධනය විය හැකි බවට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විශ්වාසය පළ කරයි.

මෙම සාකච්ඡා සඳහා එරොෆ්ලොට් ගුවන් සමාගම නියෝජනය කරමින් Igor chernyshiv, ivon g. Batanov, anton p. myagkovNatalya R.  Teimuazova සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි,  ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ අමාත්‍යාංශ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරියේ උපදේශක සම්බන්ධීකාරක නිමේශ් හේරත් සහභාගී වූහ.

WhatsApp Image 2021 09 03 at 6.00.48 PM

දේශීය හා විදේශීය සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් සංචාරක කලාප ආශ්‍රිතව පිහිටා ඇති මෙරට අභ්‍යන්තර ගුවන් තොටුපළ 05 ක් වැඩි දියුණු කිරීමට යයි. ඒ අනුව සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය හා හිගුරක්කගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රමුඛතා පදනම යටතේ වැඩි දියුණු කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වන විට මෙරට අභ්‍යන්තර ගුවන් පථ 10 ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය යටතේ පවතී. සීගිරිය, කොග්ගල, අම්පාර, අනුරාධපුරය, හිගුරක්ගොඩ, කටුකුරුන්ද, ත්‍රීකුණාමලය, වවුනියාව, වීරවිල, පුත්තලම එම ගුවන්තොටුපළ වේ. ඊට අමතරව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යටතේ රත්මලාන, යාපනය හා මඩකලපුව ගුවන් තොටුපළ ක්‍රියාත්මක අතර එම ගුවන්තොටුපළ අභ්‍යන්තර ගුවන්තොටුපළ ලෙස ද ක්‍රියාත්මකයි.

සීගිරියෙ දෙස් විදේස සංචාරකයන් රැසක් ආක්රෂණය කර ගත් සංචාරක කළාපයකි. සීගිරිය අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනයෙන් දෙස් විදෙස් සංචාරකයන් රැසක් එම පහසුකම ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොග්ගල අභ්‍යන්තර ගුවන්තොටුපළ තල් මසුන් නැරඹීමට ප්‍රසිද්ධ මිරිස්ස වෙරළ තීරය ආශ්‍රිතව පැවතීමත්, අම්පාර අභ්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර වෙරළ තිරයට ආසන්නව පිහිටීමත්, අනුරාධපුරය පැරණි රාජධානිය කෙරෙහි ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය හා පොළොන්නරුව පැරණි රාජධානිය කෙරෙහි ඇති දෙස් විදෙස් ආකර්ෂණය සැලකිල්ලට ගනිමින් ඒ ආශ්‍රිත අභ්‍යන්තර ගුවන් තොටුපළ දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

නුවර ඵළිය, දිගන හා බණ්ඩාරවෙල නව අභ්‍යන්තර ගුවන් තොටුපළ 03 ක් ඉදිකිරීම් සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ද ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී. බණ්ඩාරවෙල අභ්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම 2016 වසරේ ජාතික අයවැය යෝජනාවකි. නුවරඑළිය ප්‍ර දේශයේ අභ්‍යන්තර ගුවන් තොටුපළක් ඉදි කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් කරුණකි. ඒ අනුව  සීතාඑළිය බීජ අල ගොවිපළ භූමිය, සදතැන්න, ගෙග්‍රරි වැවට නුදුරු ප්‍ර දේශ ආශ්‍රිත ප්‍ර දේශ මේ සදහා පරික්ෂා කෙරුණ ද, අදාළ ස්ථාන අභ්‍යන්තර ගුවන් තොටුපලක් ඉදිකිරීමට නුසුදුසු බව තහවුරු වී ඇත. ඒ අනුව ප්‍ර දේශයේ වෙනත් ස්ථානයක් සම්බන්ධයෙන්  ඉදිරිපත් ව ඇති යෝජනාවක් කෙරෙහි ද මේ වන විට අවධානය යොමුව ඇති බවත් එම ස්ථානය පීළිබද ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා සදහන් කරයි. දිගන අභ්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධයෙන් ගුවන් හමුදාව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමේ දි සංචාරක යටිතල පහසුකම් නැංවීම මෙන්ම සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ නව උපක්‍රම සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ අනුව මෙම අභ්‍යන්තර ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇතැයි ඇමතිවරයා කියයි.

සංචාරක පුවත්

Mega Travel Influencer ‘Nas Daily’ join-hands to promote Tourism in Sri Lanka

Sri Lanka Tourism Promotion Bureau (SLTPB), under The Ministry of Tourism and Lands welcomed World's Top Travel Influencer Nusier Yassin also known as ''Nas Daily'’ to promote Sri Lanka as One of Best Travel Destinat

Continue Reading

Sri Lanka celebrates its milestone surpassing 100,000 Russian arrivals through direct flights

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with Airport and Aviation Services organized a special ceremony to celebrate 100,000 tourist arrivals from Russian Federation through direct flights.

Continue Reading

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය