ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් අරඹයි (ground handling). ඒ අනුව අද (25) සිට රත්මලාන ගුවන් තොටුපලේ ගුවන් තොටුපල බිම් ගත මෙහෙයුම් ( ground handling) සිදු කරන්නේ එම සමාගම විසිනි.
අද උදෑසන 11.45 ට මාලදිවයිනේ සිට පැමිණි වෙළද ගුවන් යානයක් සදහා මුලින්ම බිම්ගත මෙහෙයුම් සිදු කෙරුණු බව රත්මලාන ගුවන් තොටුපලේ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා සදහන් කරයි. මීට පෙර රත්මලාන ගුවන් තොටුපලේ බිම්ගත මෙහෙයුම් ( ground handling) සිදු තරනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගිනි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමට අදාල පණත මගින් ඒ සදහා බලය පැවරී තිබුනද මෙතෙක් කලක් එය ක්‍රියාත්මක වූයේ නැත. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක යන අමාත්‍ය වරුන්ගේ මැදිහත් වීමෙන් රත්මලාන ගුවන් තොටුපලේ බිමිගත මෙහෙයුම් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම මගින් සිදු කිරීමට තීරණය කෙරිණ.
රත්මලාන ගුවන් තොටුපලේ කාලසටහන් ගත ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ලබන ඉරිදා සිට ආරම්භ කෙරෙන අතර එම ගුවන් මෙහෙයුම් සදහාද බිම්ගත මෙහෙයුම් සිදු කරන්නේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම මගිනි. කොළඹ හා මාලදිවයින අතර මෙම කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් සිදු කෙරේ. රත්මලාන ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙන්නේ වසර 55 කට පසුවයි.
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට යයි. දෙරට අතර සෘජු ගුවන් මගී හා භාණ්ඩ ගුවන් ගමන් ආරම්භ කිරිම මෙහි අරමුණයි. මෙමගින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර සංචාරක, අධ්‍යාපන, වෙළද, ආයෝජන, කෘෂිකාර්මික හා සංස්කෘතික සබදතා තවදුරටත් වර්ධනය වෙනු ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මෙම ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරිම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කළ බව ඇමතිවරයා කියා සිටි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙම ගිවිසුමට අත්සන් කිරිමට සැලසුම් කර තිබේ.
වර්ෂ 1944 දි අත්සන් කරනු ලද චිකාගෝ සම්මුතියට අනුව රාජ්‍යයක් දෙකක් හෝ කිපයක් අතර ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සේවා පවත්වාගෙන යාම සදහා ගුවන්සවො ගිවිසුම්වලට එළඹීම අනිවාර්යය වේ. මේ වන විට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ලියාපදිංචි රාජ්‍යයන් ගණන 193 කි. එම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට එළඹීමෙන් අවශ්‍ය අවස්ථාවල ගුවන් සේවා කටයුතු වල නියැලීමට හැකිවන බව ඇමතිවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තානාපති සබදතා ආරම්භ වි ඇත්තේ 1951 වසරේ සිටයි. සතියකට ශ්‍රී ලංකාව හා නෙදර්ලත්නය අතර ගුවන් ගමන් වාර 14 ක් ක්‍රියාත්මක කිරිමට මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවල දි තීරණය කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා නෙදරුලන්තයේ KLM Royal Dutch ගුවන් සේවාව මේ සදහා යොදවා ගැනීමට ද සැලසුම් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.
ශ්රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීම සදහා එමිරේට්ස් ගුවන් සමාගම හා සංචාරක ප්රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
ජාත්යන්තර ගුවන් සමාගම් රැසක් සමග ඉදිරියේ දී ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරිම සදහා ගිවිසුම් වලට එළඹෙනවා...
-ඇමති ප්‍රසන්න රණතුංග කියයි.
ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීම සදහා එමිරේට්ස් ගුවන් සමාගම හා මෙරට සංචාරක ප්රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ. මෙම ගිවිසුමට අත්සන් තැබීම ඩුබායි පිහිටි එමිරේට්ස් මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (04) සිදු කෙරිණ. සංචාරක ප්රවර්ධන කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති කිමාලි ප්‍රනාන්දු හා එමිරේට්ස් ගුවන් සමාගමේ බටහිර ආසියානු හා ඉන්දියානු සාගර කලාපිය වාණිජ මෙහෙයුම් ජ්‍යෙෂ්ඨ උප සභාපති Ahamad Khoory යන මහත්ම මහත්මීහූ ඊට අත්සන් තැබූහ.
එමිරේට්ස් ගුවන් සේවය වසර 30 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට සිය ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි. එම සමාගම ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගුවන් ගමන් ආරම්භ කළේ 1986 අප්‍රේල් මස 01 වෙනිදායි. එමිරේට්ස් සමාගම කොවිඩ් වසංගත කාල සිමාව තුළ ද ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් සිදු කල ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගමකි. 2021 ජනවාරි මස 26 වන දින සිට ශ්‍රී ලංකාව යළි සංචාරකයන්ට විවෘත විමත් සමග එමිරේට්ස් ගුවන් සේවයෙන් ගුවන් මගින් 50,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇතැයි ගුවන් තොටුපල වාර්තා සදහන් කරයි. එක්සත් අරාබි එමිර් රාජ්‍ය , ඉතාලිය, එක්සත් රාජධානිය හා ජර්මනිය වැනි රටවලින් මෙම ගුවන් මගින් පැමින තිබේ. සතියකට එමිරේට්ස් ගුවන් යානා 21 ක් මේ වන විට කටුනායක ගුවන් තොටුපළට පැමිණේ. අවබෝධතා ගිවිසුමට අනුව ඉදිරි කාලය තුළ සංචාරක ප්රවර්ධන කාර්යාංශය හා එමිරේට්ස් ගුවන් සමාගම අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වේ. සංචාරක ප්‍රදර්ශන, සමුළු සම්මන්ත්‍රණ, වැඩමුළු හා ප්‍රවර්ධන සංචාර මේ යටතේ සංවිධානය කිරීමට නියමිතයි.
මෙම ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ලෝකයේ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග ඉදිරියේදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මේ වසර තුළ ජාත්‍යන්තර ගුවන් සමාගම් කිපයක් අලුතින් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබදව අදාල ගුවන් සේවාවන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඇමතිවරයා කීවේය.
එමිරෙට්ස් ගුවන් සමාගම සමග මෙලෙස ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීම සදහා අවබෝධතා ගිවිසුමට එළඹීම මෙරට සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂී කඩඉමක් බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයෙන් කඩා වැටුනු මෙරට සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේදී ගුවන් සේවාවන් වළද සහයෝගය අත්‍යවශ්‍ය බවත් එම සහයෝගය ලබා ගැනීම සදහා රාජ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
මාර්තු 27 වන දින සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කෙරෙන ගුවන් සමාගම් වලට සහන....ගුවන් තොටුපළ අපගමන බද්ද 50%කින් අඩුකෙරේ.... කැබිනට් යෝජනාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ බව සංචාරක ඇමති කියයි...
රත්මලාන ගුවන් තොටුපළෙන් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කරනු ලබන ගුවන් සමාගම් සදහා සහන ලබාදීමට රජය සුදානම් වේ. ඒ අනුව එම ගුවන් සමාගම් වලින් අය කරන ගුවන් තොටුපළ අපගමන බද්ද 50%කින් අඩුකිරිමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ මස 27 වන දින සිට වසරක කාලයක් සදහා එය ක්‍රියාත්මකයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කළ බව ද සංචාරක ඇමතිවරයා කියා සිටි.
වසර 55කට පසුව රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ සිය ජාත්‍යන්තර ගුවන් ගමන් මේ මස 27 වෙනිදා සිට යළි ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. මාලදිවයින් ගුවන් සමාගමක් හා ශ්‍රි ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක් වන FITS AIR සමාගම මේ සදහා දැනටමත් එකගතාවය පළ කර ඇතැයි ඇමතිවරයා කියයි. මීට පෙර රත්මලාන ගුවන් තොටුපළේ අපගමන බද්ද 2020 ඔක්තෝම්බර් 01 වන දින සිට ද වසරක කාලයක් සදහා 50%කින් අඩු කෙරිණ. නව යෝජනාවට අනුව මේ මස 27 වන දින සිට රත්මලාන ගුවන් තොටුපළින් කාලසටහන්ගත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම් වලින් අය කරන්නේ ඇමෙරිකානු ඩොලර් 60 ක් වු අපගමන බද්දෙන් ඇමෙරිකානු ඩොලර් 30 ක මුදලක් පමණි.
රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අඩු වියදම් ගුවන් ගමන් සදහා නව ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරිමට සැලසුම් කර තිබේ.. මෙවැනි ප්‍රාදේශීය මෙහෙයුම් සදහා එම ගුවන් තොටුපළේ ඇති ශක්‍යතාව ද හදුනාගෙන ඇති බවත් ඒ සදහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සිය අරමුදල් යොදවා ඇති බවත් ඇමතිවරයා සදහන් කරයි. එමෙන්ම රත්මලාන ගුවන් තොටුපළ ප්‍රා දේශීය ගමනාන්තයක් සදහා සේවා සපයන ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරිමට රජය කටයුතු කරමින් සිටින බවත් වසර 55 කට පසු මාලදිවයින සදහා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට රජය කටයුතු කරන්නේ ඒ අනුව බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.
රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 1938 දි ආරම්භ කෙරැණ අතර 1968 දී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගමන් ආරම්භ කිරීම හේතුවෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවිණි. නැවත කළාපීය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය කෙරෙන අතර එය ශ්‍රී ලංකාව කලාපීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙසට දියුණු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් යෝජනාවක් ක්‍රියාත්මක කිරීමකි.
වත්මන් රජය බලයට පත්විමෙන් පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට ද කටයුතු යොදා තිබේ. දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක්, ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙසත් එය සංවර්ධනය කිරිමට නියමිතය. මීට අමතරව ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා ගුවන් යානා ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමටත් මේ යටතේ කටයුතු කෙරෙනු ඇත.
Sri Lankan Airlines has made arrangements to introduce a local meal to Sri Lankan passengers. The company stated that they have planned to serve a typical nutritious Sri Lankan meal in flight. This local airline meal is expected to be gradually introduced to Sri Lankan Airlines in the future.
The meal was introduced last Friday (25) at the Serendib Hall, Katunayake Airport. Hon. Minister of Tourism, Prasanna Ranathunga was the Chief Guest.
The Minister stated that a tourist arriving in Sri Lanka gets the first experience of Sri Lanka on a Sri Lankan Airlines flight. He further explained that it will be a timely plan to give them the experience of a Sri Lankan traditional meal.
Secretary to the Ministry of Tourism Mr.S. Hettiarachchi, Secretary to the State Ministry of Aviation and Investment Zones Development, Mr. Janaka Sri Chandragupta, Chairman of Sri Lankan Airlines, Mr. Ashok Pathirage, Chairman of the Civil Aviation Authority, Mr. Upul Dharmadasa, Vice-Chairman of Airport and Aviation Services (Sri Lanka) (Pvt) Ltd,Mr. Rajeev Sooriyaarachchi were also present on the occasion.
Sri Lanka Tourism showcased its potential as another important travel destination highlighting all the natural resources, travel experiences and beautiful attractions which mesmerizes the enthusiastic traveler. Sri Lanka Tourism had this opportunity
Continue Reading• Sent the Media Release and the Image to 70 Media Houses yesterday 03rd Jan 2024 including both print, electronic and digital media. Personally informed several media personnel to publish it as immediate release. • Shared the Press Release on the
Continue Reading