කටුනායක ගුවන්තොටුපළේ ආගමන හා විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවම කිරීම මෙහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.මේ යටතේ පැමිණි විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා වැඩි කර තිබේ. ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා ද වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා කියයි. මෙම ආගමන හා විගමන කවුළු නවීන තාක්ෂණයෙන් ද සමන්විතයි.මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ ඉදිකර ඇති නව විගමන කවුළු පසුගිය දා ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

කටුනායක ගුවන් තොටුපළේ විගමන කටයුතු සදහා වෙන් වු ප්‍ර දේශය පහසුකම් සහිතව වැඩි දියුණු කිරීම, ආගමන කටයුතු සදහා පහසුකම් සහිත නව ප්‍ර දේශයක් වෙන්කිරීම හා තිරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිකිරිමට ද කටයුතු කෙරෙමින් පවතින බව ඇමතිවරයා මෙහි දී කීවේය. නව ආගමන ගුවන් බඩු පර්යන්තයක් ද අදියර කීපයක් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ.කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව ගුවන් මගීන් මිලියන 06 කි. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව මිලියන 10 ක  මගී මෙහෙයුම් සිදුකරනු ලබයි. ක්‍රියාත්මක කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ වාර්ෂික ගුවන් මගීන් ධාරිතාව මිලියන 15 ක් දක්වා වැඩි කිරීමට හැකියාව ලැබෙන බව ද ඇමතිවරයා කියයි. පවතින මගී පර්යන්තයන්හි මගී ධාරිතාව වැඩි කිරීම සදහා ප්‍රතිව්‍යුහගත කිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

ගුවන් තොටුපළේ රැදී සිටින කාලය තුළ විවේකාගාර පහසුකම් ඉල්ලා සිටින මගීන්ට එම සේවාව ලබා දීම සදහා දැනට ඇති විවේකාගාර අදියර කිපයක් යටතේ නවීකරණයට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා කියයි.

 WhatsApp Image 2021 06 22 at 13.45.55 3 WhatsApp Image 2021 06 22 at 13.45.55 5 

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි . ලෝක පරිසර දිනයට සමගාමීව මෙම ගස් ප්‍රතිරෝපණය කිරීම ආරම්භ කෙරිණි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ "අ" පැකේජ ය යටතේ කටුනායක ගුවන් තොටුපලේ දැනට පවතින මිලියන හයක් වන වාර්ෂික මගී ධාරිතාව මිලියන පහළොවක් දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි නව මගී පර්යන්තයක් බහු මහල් රථගාලක් විවේකාගාර බහු මාදිලි ප්‍රවාහන සේවා පහසුකම් රැසක් මේ අනුව ඉදිවෙයි .මෙම ඉදි කිරීම් සිදු කෙරෙන අක්කර දහතුනක් පමණ වන භූමි ප්‍රදේශයේ මගුල් කරද කළුවර වැනිගස් වර්ග විස්සකට පමණ අයත් ගස් දෙසියයක් පමණ පිහිටා ඇත .මෙම ගස් ගුවන් තොටුපලේ ම වෙනත් ස්ථානයක ප්‍රති රෝපණය කෙරේ .ඒ අනුව මඟුල් කරඳ වර්ග ගස් දෙකක් ප්‍රති රෝපණය කිරීමට ද පියවර ගැනිණි .මෙම ප්‍රති රෝපණ වැඩසටහන උද්භිද විද්‍යාඥයන් ගේ උපදෙස් අනුව සිදුකෙරෙන බවත්මාස දෙකක් වැනි කාලයක් තුළ ප්‍රතිරෝපන කටයුතු අවසන් කෙරෙන බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි මෙම ප්‍රතිරූපණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පරිසරයද ආරක්ෂා කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි.ඇරඹුණු ප්‍රතිරෝපන කටයුතු නිරීක්ෂණය සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 9bbda204 4cd9 4889 9869 0bf5bdb22d7b 4786b7f2 26d6 40fa a3e2 f94e3bd079e9 
 b0626e5b e409 4578 8c2f e4ec5e670ba5  f9c8a683 c613 4108 a1b0 8bfe26e1e2f8

 

ගුවන් තොටුපොල හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් කෝටියක මුදලක් කොවිඩ් ආරමුදලට පරිත්‍යාග කිරීම 25වන දින සිදුවිය. ඊට අදාල චෙක්පත ගුවන්තොටුපොල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාර දුන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේදීයි. මෙම මුදල හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෝවිඩ් මර්ධනය සදහා යෙදවීමට නියමිත අතර ඒ අනුව හම්බන්තොට පැරණි රෝහලේ ඉදිවෙන් පවතින පී.සී.ආර් රසායනාගාරයට අවශ්‍ය පී.සී.ආර් යන්ත්‍ර ඇතුළු උපකරණ මිලදී ගැනීම සදහා යෙදවීමට නියමිතය.

මෙම මුදල පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ගුවන්තොටුපොල සංවර්ධන හා අපනයන කලාප සැකසුම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, අසේල ගුණවර්ධන, ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි යන මහත්වරුද සහභාගී වූහ.

ඡායාරූප දැක්වෙන්නේ ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා අදාල චෙක්පත සෞඛ්‍ය ඇමතිවරිය වෙත භාරදුන් අවස්ථාවයි.

FO4A3420
මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා හෙට සිට ගුවන්තොටුපොළ විවෘත වුවත් ඉන්දියානු  සහ වියට්නාම් ජාතිකයින්ට මෙරටට පැමිණිමට අවසර නොලැබෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 
එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ  අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතාකල  ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද  මෙම තහනම බලපැවැත්වෙයි.
එම රටවල කොවිඩ්  වසංගත තත්වය  සලකා බැලීමෙන් පසුව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි මෙම තීරණයට එළැඹ තිබේ. 
අනෙක් රටවල් සම්බන්ධයෙන් දැනට එවැනි තීරණයක් ගෙන නොමැති හෙයින් මෙරටට ඒමේ බලාපොරොත්තුවෙන් එම රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට හා සංචාරකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්  ලංකාවට පැමිණිය හැකිය.
ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙවැනි තීරණ ගනු ලබන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

රට තුළ දැඩි සංචරණ සීමා පැනවුව ද ගුවන්තොටුපළ වසා දැමීමේ සුදානමක් තවමත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන්තොටුපළ වසා දැමුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අහිමිවිය හැකි බැවින් මෙම තීරණය නොගන්නා බව පවසන ඇමතිවරයා අවධාරණය කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව ගුවන්තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අත්තනගල්ල වතුපිටිවල රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් වාට්ටුව සෞඛ්‍ය අංශ වෙත භාරදිම නිමිත්තෙන් ඊයේ (12) එම රෝහල් පරිශ්‍ර යේ දී පැවති උත්සවයෙන් පසු මාධ්‍ය වේදීන් ඇසු ප්‍රශ්නවලට උත්තර දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ විදෙස් රටවල් කීපයක් ශ්‍රී ලංකාවට තාවකාලික ගුවන් තහනමක් පණවා ඇති බවයි.

“අද ඇතැම් රටවල් සංචරණය අත්හිටුවලා තියෙනවා. ලාංකාවෙන් පිට රටවලට යන්න බැරි තහනම් නියෝග පණවලා තියෙනවා. අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ ඒ අනුවයි.  කුවේට්, ඩුබායි වගේ රටවල් ලංකාවේ ඉදන් විතරක්නෙමෙයි ආසියාවේ රටවල් කීපයක් එක්ක ගුවන් ගමන් නතර කරලා. අපි හැමවිටම කටයුතු කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව. ඉදිරියටත් එහි වෙනසක් නෑ. සෞඛ්‍ය අංශ අපවෙත ලබාදෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.

මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් මගින් එන කෙනෙක් දින 14 ක් නිරෝධායනය විය යුතුයි. විදෙස්ගත ශ්‍රමිකයන් වගේම රට තුළ සිටින ජනතාව පිළිබදවත් අපට වගකීමක් තියෙනවා. ඒ නිසා වගකීමක් ඇති රජයක් ලෙස අපි කිසිසේත් සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරින්නේ නෑ.

කොවිඩ් එන්නත්කරණය පිළිබදව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා සදහන් කළේ ඉදිරි මාස කීපය තුළ මෙරට සියලුම දෙනාට කොවිඩ් එන්නත ලබාදීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. චීන හා රුසියානු එන්නත් මෙන්ම මුලින්ම ලබාදුන්  කොවිඩ් ෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා ගැනීම සදහා ආණ්ඩුව මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කීවේය. ”

සංචාරක පුවත්

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය