කටුනායක ගුවන් තොටුපළේ මහා පරිමාණ ව්‍යාපෘතිවල ඉදිකිරීම් වේගවත් කෙරේ.ඒ සදහා පවතින බාධාවන් හදුනාගෙන කඩිනමින් ඊට විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට උපදෙස් දෙයි.

කටුනායක ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. රැස්වීම සංචාරක අමාත්‍යාංශයේ දී ඊයේ (10) පැවැත්විණ.

කටුනායක ගුවන් තොටුපළේ මහා පරිමාණ ව්‍යාපෘති දෙකක් දැන් ක්‍රියාත්මකයි. පැකේජ A ව්‍යාපෘතිය යටතේ ගුවන් තොටුපළේ දෙවන මගී පර්යන්තය ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ඒ සදහා ජපන් රජය ජපන් යෙන් 41,553,891,286 ක මුදලක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා රුපියල් 35,135,843,333 ක මුදලක් ශ්‍රී ලංකා රජය වැය කරනු ලබයි. 2014 වසරේ දි මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණ ද පසුගිය යහපාලන ආණ්ඩුව එය ආරම්භ කිරීම දිගින් දිගටම ප්‍රමාද කළ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව නැවත එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2020 වසරේ දීයි. නව පර්යන්ත ඉදිකිරීමෙන් කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව මගීන් මිලියන 15 ක් දක්වා වැඩි වේ. දැනට කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව මගීන් මිලියන 06 කි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව සිටින්නේ ජපන් ගුවන් තොටුපළේ උපදේශකයන් සහ සීමාසහිත නිපෝන් කොයි  සමාගමයි. ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු ලෙස ජපන් තායිසේ සමාගම කටයුතු කරන අතර ජපාන ජාත්‍යන්තර ජයිකා සහයෝගීතා ඒජන්සිය හෙවත් ජයිකා එහි අරමුදල් සපයයි. බහු මහල් රථගාල, නව ගුවන් තොටුපළ විවේකාගාර , ගුවන් මගී දොරටු විවේකාගාර, අන්තර් සම්බන්ධිත බහුමාදිලි ප්‍රවාහන සේවා වැනි පහසුකම් රැසකින් සමන්විත මෙම නව පර්යන්තයේ ඉදිකිරීම් මාස 36 කින් අවසන් කිරීමට නියමිතය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සාකච්ඡාවේ දී අවධාරණය කළේ නියමිත කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් විය යුතු බවයි. දැනටමත් මෙහි ඉදිකිරිම් ප්‍රමාද බවට චෝදනා නැගී ඇති බව පැවසු ඇමතිවරයා කොවිඩ් වසංගතය නිසා රටේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද කිරීමට  හෝ නතර කිරීමට ආණ්ඩුව සුදානම් නැතැයි ජපාන කොන්ත්‍රාත්කාර සමාගමට පෙන්වා දුන්නේය. ඒ නිසා ප්‍රමාදය සාධාරණීකරණය සදහා හේතු දක්වමින් නොසිට නියමිත කාල රාමුවට අනුව ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය. සති දෙකකට වරක් ඉදිකිරීම් ප්‍රගතිය තමන්ට වාර්තා කරන ලෙස ද ඇමතිවරයා ගුවන් තොටුපළ බළධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම ව්‍යාපෘතියේ B පැකේජය හෙවත් දුරස්ථ යාත්‍රාංගණය හා බැහැරුම් පථ ඉදිකිරීම් කටයුතු මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී අවසන් කිරීමට නියමිතයි. මෙම පැකේජ B ව්‍යාපෘතියට ජපන් යෙන් 1,152,273,761 ක මුදලක් හා ශ්‍රී ලංකා රුපියල් 4,456,377,248 ක මුදලක් වැය කර තිබේ. ව්‍යාපෘතියේ ඉදිකිරීම් නියමිත කාලය තුළ අවසන් කරන ලෙස උපදෙස් දුන් ඇමතිවරයා අවස්ථා 02 ක දී  කාලය ලබා දී ඇති නිසා තවදුරටත් කාලය දිය නොහැකි බව ද අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩි.වි. චානක, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර , ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජි.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරු ද කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයින් ද සහභාගී වුහ.

 

WhatsApp Image 2021 05 11 at 11.47.24

සංචාරක පුවත්

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය