• මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේ ක්‍රියාමාර්ග පුළුල් කෙරේ
  • පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක්. ගුවන්යානා මෙහෙයුම් 722ක්
  • මේ වසරේ සංචාරකයන් 2919ක් මත්තලින් ශ්‍රී ලංකාවට ඇවිත්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලෝකයේ ප්‍රමුඛපෙලේ ගුවන් සමාගම් කීපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. මේ වසර තුල එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපලේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයිද ඇමතිවරයා විශ්වාසය පල කරයි.

පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක් සිදුව තිබේ. හසුරුවා ඇති ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 722කි. ඉන් 584ක්ම ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් වීම විශේෂත්වයකි. මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ පසුගිය වසරක කාලය තුල අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් 138ක්ද සිදුව ඇතැයි  ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා සංචාරකයන් 2919ක් මත්තල ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇතැයි ද මත්තල ගුවන්තොටුපල වාර්තා සඳහන් කරයි.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල ආරම්භ කෙරුණේ 2013 මාර්තු 18 වන දිනයි. එම වසරේදී ‍ගුවන් මගී මෙහෙයුම් 36,137ක් සිදුකෙරුනු අතර ගුවන්යානා මෙහෙයුම් 1520ක් සිදුකෙරිණි. 2014 වසරේදී ගුවන් මගී මෙහෙයුම් 40,386ක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල තුල සිදුව තිබේ.එම වසර තුලදී සිදු කෙරුනු ගුවන්යානා මෙහෙයුම් සංඛ්‍යාව 2924කි.2015 යහපාලන රජය බලයට පත්වීමත් සමග මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් අඩාල කෙරුනු අතර එහි වී ගබඩා කිරීමට ද යහපාලන රජය කටයුතු කල බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. යහපාලන කාල සීමාව තුල මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමක් සිදුනොවූ අතර එය අකර්මණ්‍ය කිරීම සඳහා එම රජය කටයුතු කල බව පෙන්වා දෙයි.

2020 නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු එම ගුවන්තොටුපල “ විදේශීය සංචාරක ගමනාන්තයක්” ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කලේය. ඒ අනුව ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්තොටුපල ගාස්තු නිදහස් කෙරිණ. ඊට අමතරව ජාත්‍යන්තර ගුවන් සමාගම් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගුවන්සේවා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගෙන ඒම සඳහා පියවර ගත් බවද ඇමතිවරයා පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් ස්කයිඅප්, ගලිවර්, උස්බෙකිස්ථාන ගුවන්සේවය, කටාර්, එයා(ර්) ඒෂියා, මාලදිවයින් ගුවන්සේවය, සලාම් එයා(ර්) වැනි ජාත්‍යන්තර ගුවන්සේවා මත්තලට සිය ගුවන්ගමන් සිදුකරනු ලබයි.

මීට අමතරව මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට ද රජය සිය විශේෂ අවධානය යොමුකර තිබේ.  ඒ අනුව ප්‍රධාන කාණ්ඩය තීරු බදු රහිත වෙළදසැල් දෙකක්, තේ අලෙවිසැලක්, ගෘහ විදුලි උපකරණ වෙළඳසැල් දෙකක් , සංචාරක ‍සේවා කවුළුක්, ජංගම දුරකථන සන්නිවේදන කවුළු හා බැංකු කවුන්ටර් ස්ථාපිත කර ඇත. ඉදිරියේදී ගුවන් මෙහෙයුම් වැඩි වීමත් සමග එහි පහසුකම් තවදුරටත් පුළුල් කරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය