• රට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයේ දි අවසන් කිරිමට රජය සිය විශේෂ අවධානය...
  • කටුනායක ගුවන් තොටුපළේ පැකේජ ඒ ව්‍යාපෘතිය නියමිත කාලය තුළ අවසන් කරන්න යැයි උපදෙස්...                                                                                                                                                                                                                                                               

රට  තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයේ දි අවසන් කිරිමට රජය සිය විශේෂ අවධානය යොමු කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති ද නියමිත කාලයට අවසන් විය යුතු බවයි.

කටුනායක ගුවන් තොටුපළේ පැකේජ ඒ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබද ඊයේ (14) අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ පැකේජ ඒ ව්‍යාපෘතිය ලෙස හැදින්වෙන්නේ කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියරයි. එය 2020 වසරේ මෙරට ආරම්භ කෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ද වේ. 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ශිංෂෝ අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි ඉදිකිරිම් ආරම්භ කර වසර 03 ක් තුළ නිම කිරිමට සැලසුම් කර තිබුණ ද පැකේජ ඒ ව්‍යාපෘතියේ ඉදිකිරිම් පසුගිය යහපාලන රජය අතහැර දමා තිබිණි. ව්‍යාපෘතිය නැවත ආරම්භ කෙරුණේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2020 නොවැම්බර් 18 වෙනිදායි. ඒ යහපාලන රජය මෙම ව්‍යාපෘතිය අතහැර දැමීමෙන් වසර 05කට පසුවයි.

මේ යටතේ කටුනායක ගුවන් තොටුපළේ වසරකට මගීන් හැසිරවීමේ ධාරිතාව මිලියන 15 ක් දක්වා ඉහළ නැංවේ. ඒ වෙනුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකෙරෙන අතර උස්මාර්ග පද්ධතියක්, මගී පාලම්, වැසි ජලය අපහරණ පද්ධතියක්, ජීව වායු සැලැස්ම සහිත කොම්පෝස්ට් පද්ධතියක්, මහල් 05 කින් යුත් රථගාලක් ඉදි කෙරේ. ව්‍යාපෘතිය ජපන් යෙන් 41,553,891,286 (මිලියන 41553) හා රුපියල් 35,135,843,333 ක (මිලියන 35,135) ක සමුච්චිත වටිනාකමකින් යුක්ත වේ.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් සදහා මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස අවධානය යොමු කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම ගැටළු මහා භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට තීරණය කළේය. ඒ සදහා මහා බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමග විශේෂ සාකච්ඡාවක් ඉදිරියේ දි පැවැත්වීමට ද තීරණය කෙරිණ.

ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා මෙරට සංවර්ධන ව්‍යාපෘති අඩාල නොවිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවයි. ඒ නිසා මෙහි ඉදිකිරීම් කිසිසේත් ප්‍රමාදවීමට ඉඩ නොතබන ලෙස කොන්ත්‍රාත්භාර සමාගමට උපදෙස් දුන් ඇමතිවරයා අදාළ ගැටළු කඩිනමින් හදුනාගෙන ඒවා විසදා ගැනීමට ඔවුන්ට සහාය දක්වන ලෙස ද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ බළධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ හා සංවර්ධන හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2022 02 14 at 16.29.48

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය