ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමගම් 07 ක් සුදානම් වෙමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වසර අවසන් විමට පෙර එම ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කරයි.  

මේ අතුරින් ගුවන් සමාගම් 05 ක් දැනටමත් කටුනායක ගුවන් තොටුපළට සිය මෙහෙයුම් සිදු කිරිමට එකගත්වය පළ කර තිබේ. රුසියාවේ AEROFOLT ගුවන් සමාගම නොවැම්බර් 04 වන දා සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර රුසියානු ගුවන් සමාගමක් වන AZUR AIR ගුවන් සමාගම සිය කාලසටහන්ගත ගුවන් ගමන් ලබන 11 වන දා සිට සිදු කිරීමට නියමිතයි. ඔවුන්ගේ විශේෂ ගුවන් යානා ලබන 30 වන දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඉතාලි NEOS ගුවන් සමාගමත්, ප්‍රංශයේ AIRFRANCE ගුවන් සමාගමත් නොවැම්බර් 01 වන දා සිට කටුනායක ගුවන් තොටුපළට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. බංගලාදේශ US BANGLA AIRLINES සමාගම ද නොවැම්බර් 01 වන දා සිට කටුනායක ගුවන් තොටුපළට ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා සුදානමින් සිටි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ඊශ්‍රාලයේ ARKIA ගුවන් සමාගමත්, ස්විස්ටර්ලන්තයේ SWISSAIR ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම කෙරෙහි කැමැත්තෙන් පසු වන බවයි. ඉදිරියේ දි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබනු ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි. මේ වන විට කටුනායක ගුවන් තොටුපළට ගුවන් සමාගම් 16 ක් ගුවන් මගී මෙහෙයුම් සිදු කරයි. කටුනායක ගුවන් තොටුපළට භාණ්ඩ මෙහෙයුම් සිදු කරන ගුවන් සමාගම් ගණන 08 කි. ගුවන් සමාගම් 04 ක් කටුනායක ගුවන් තොටුපළට මගීන් රැගත් විශේෂ ගුවන් ගමන් සිදු කරනු ලබයි. 

මේ අතර මත්තල ගුවන්තොටුපල සදහා ද ජාත්‍යන්තර ගුවන් ආයතන 04ක් නව මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබදව අවධානය යොමුව තිබේ. මේ පිළිබදව සාකච්ඡා කරමින් තිබෙන බවත්, ඉදිරි කාලය තුළ එම ගුවන් සමාගම් 04 මත්තල ගුවන් තොටුපළට සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමත් සමග සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනටමත් සංචාරක සංවර්ධන අධිකාරිය යුරෝපා රටවල් ආශ්‍රිතව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරනු ලබයි. එළඹෙන සීත කාලයේ දි යුරෝපා සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම මෙහි අරමුණයි. ඒ අනුව එම රටවල් ආශ්‍රිතව සිදු කෙරෙන සංචාරක ප්‍රදර්ශන, ක්‍රියාකාරකම් මෙන්ම එම රටවල මාධ්‍ය හා සමාජ මාධ්‍ය වැඩසටහන් මගින් ශ්‍රී ලංකාව පිළිබද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට අපේක්ෂා කරන බවත්  ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

ගුවන් මගීන් සඳහා පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය නතර කර නැතැයි ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසයි. මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලිය අත්හිටුවා ඇති බවටත් අලුතින් ආරම්භ කෙරුණු පී.සී.ආර් පරීක්ෂණාගාරය වසා දමා ඇති බවටත් පල වන වාර්තා පදනම් විරහිත බවද උප සභාපතිවරයා පෙන්වා දෙයි.

කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන සංචාරකයින් හා විගමනික ශ්‍රමිකයින් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර පැය 03ක් තුල එම වාර්තා ලබාදීම සඳහා පසුගිය 25 වෙනිදා ආරම්භ කෙරුණු පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ ඉදිරි කටයුතු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උප සභාපතිවරයා මේ බව සඳහන් කලේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ උප සභාපති  රජීව් සූරියාරච්චි මහතා මෙසේද කීවේය.

‘‘ ගුවන්තොටුපල තුල අපි මේ වෙනකොට පී.සී.ආර්. පරීක්ෂා කිරීම සිදුකරනවා. මෙහි කිසිම ප්‍රශ්ණයක් සිදුව නෑ. පී.සී.ආර්. පරීක්ෂණාගාරය වහලා කියන එක සම්පූර්ණ අසත්‍යයි.මේක යන්ත්‍රානුසාරයෙන් කරන වැඩක්. එවිට  විවිධ තාක්ෂණික දෝෂ මතුවිය හැකියි.ඒ නිසා අපි ඒ ක්‍රියාවලියේදී මතුවන ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් ලබාදෙමින් එම ක්‍රියාවලිය නිවැරදි කරමින් සිටිනවා.

කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන දින 14කට පසුව එන අයටයි අපි මේ පරීක්ෂණ කරන්නේ.කොවිඩ් එන්නත් එකක් ලබාගත් අය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ වෙනම ක්‍රමවේදයක්. පැය 03කින් මෙම වාර්තාව දෙන බව අපි ප්‍රකාශ කලා. එහි වෙනසක් නෑ. නමුත් ඇතැම් අයගේ වාර්තා ප්‍රමාද වෙලා තියෙනවා.  ඒ ගැන හොයලා බලපුවාම දැනගන්න ලැබුනේ ඇතැම් අය ලබාදීලා තිබුණ ඊමේල් ලිපිනය,දුරකථන අංක වගේ ඒවගේ ගැටලු නිසා මේ තත්වය ඇතිවුන බවයි අපට වාර්තා වෙලා තියෙන්නේ. එය දැන් නිවැරදි කරගන්න කටයුතු කරගෙන යනවා.

මේක ලේසි වැඩක් නෙමෙයි. මේක විශාල ක්‍රියාවලියක්. අතිගරු ජනාධිපතිතුමාට අවශ්‍ය වෙලා තිබුනා ලංකාවට එන ගුවන් මගීන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තමන්ගේ ගමනාන්තයට යන්න අවශ්‍ය පහසුකම් සලසන්න. ඒ අනුවයි මේ පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කලේ. පී.සී.ආර්. පරීක්ෂණ ක්‍රියාවලිය අපි මේ වනවිටත් ක්‍රියාත්මකයි. එය කිසිසේත් නතර කර නැහැ.  

මේ සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ බොරු ප්‍රචාර ගෙන ගියත් ගුවන්තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම කියන්න කැමතියි මෙය අද ඊයේ ආරම්භ වූ ක්‍රියාවලියක් නෙමෙයි. මේ පරීක්ෂණාගාරයට අදාල කැබිනට් ප්‍රත්‍රිකාව අනුමත වුනේ පසුගිය ජූලි 09 වෙනිදා. මාස 02ක් ඇතුලත අපි එය ස්ථාපිත කලා. මෙහෙයුම් ක්‍රියාවලියත් අපි දැන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.’’

 

විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය  අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ද ගුවන්තොටුපල සේවා සමාගම,යුද හමුදාව,විදේශ නියුක්ති කාර්යාංශය යන ආයතන වල ද නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක් වූහ.

මෙහි දී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  ප්‍රකාශ කළේ, විදේශගතව  රැකියාවල නිරත වෙමින් සිට අපේ රටට විදේශ විනිමය උපයා දුන් මෙම රට විරුවන්ට අදාල PCR පරීක්ෂණ සිදු කිරීම ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිට වූ නව රසායනාගාරයේ දී සිදුකිරීමට නියමිතයි .මෙම විගමනික ශ්‍රමිකයන්ට ඔවුන් කළ සේවයට කරන ගරු කිරීමක්  ලෙස සලකා මෙම PCR පරීක්ෂණ සඳහා වන ඩොලර් 40 ක මුදල විදෙස් සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවීමට  තීරණය කළ බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  ප්‍රකාශ කළේ ,මෙම PCR පරීක්ෂණයක් කර පැය තුනක් වැනි කෙටි කාලයක් තුල මෙම රටවිරුවන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සලසා දීම මෙම වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණ බවය.සම්පූර්ණ එන්නත් එන්නත්කරණයට ලක් වූ විගමණික ශ්‍රමිකයන් මෙම පරීක්ෂණයේදී ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සැලසෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග  මහතා වැඩි දුරටත් පැවසීය.රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේ , මැදපෙරදිග හා කොරියාවේ රැකියා සදහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සහන සැලසීම ක්‍රියාත්මක කරන බව ය .

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්  පතිරණ මහතා,විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ,ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව සූරියාරච්චි මහතා ද එක් වූහ.

WhatsApp Image 2021 09 24 at 10.27.32

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට හා සංචාරකයන්ට පැය 03 කින් ප්‍රතිඵල ලබාදෙන කටුනායක පිසිආර් පරීක්ෂණාගාරයේ වැඩ ඇරඹෙයි. ඒ අනුව ඊයේ (25) සවස 06.30 ට ඩුබායි සිට මෙරටට පැමිණි EK 652 දරණ එමිරේට්ස් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් 53 දෙනෙකුට මුල්ම පිසිආර් පරික්ෂණ සිදු කෙරිණ. ඒ අතර විදේසගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම සංචාරකයෝ ද වූහ.

කටුනායක ගුවන් තොටුපළේ පිහිටුවා ඇති විශේෂ කවුළු කීපයක දී ලියාපදිංචි වූ මෙම පිරිස ගුවන් තොටුපළේ සිට 18 කණුව පිසිආර් පරික්ෂණාගාරය දක්වා බස් රථ මගින් රැගෙන ගිය අතර ජෛව පටල සාම්පල් ලබාගැනීමෙන් පසු සංචාරකයන් අදාළ හෝටල් වලටත්, විදේසගත ශ්‍රී ලාංකිකයන් නිවෙස් වෙතත් යොමු කෙරිණ. ගුවන් තොටුපළ කුලී රථ අවශ්‍ය අයගේ ප්‍රවාහන කටයුතු සදහා ද යොදවා තිබුණි. පිසිආර් වාර්තා මගින් කොවිඩ් වැළදී නොමැති බවට තහවුරු වන සංචාරකයන්ට හා ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සමාජගත විමට ඒ අනුව හැකියාව ලැබේ.

පළමු කණ්ඩායමේ ප්‍රතිඵලය පැය 03 කටත් අඩු කාලයක දී ලබාදීමට පියවර ගැනුණු අතර ඔවුන්ගේ ජංගම දුරකථන වෙත අදාළ සහතිකය යොමු කිරීමට කටයුතු කෙරිණ.

පසුගිය ජූලි 09 වන දා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පරික්ෂණාගාරය ඉදි කිරීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබු අතර ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලේ අනුමැතිය හිමි විය. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් වන මෙම පිසිආර් පරීක්ෂණාගාරය ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හා ඔක්සිනෝම් ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ ඉදි කෙරිණ. මෙම පිසිආර් පරික්ෂණාගාරයේ ඉදි කිරිම් ආරම්භ කෙරුණේ පසුගිය ජුලි 23වනදායි.

පැයකට පිසිආර් පරික්ෂණ 500 ක් හා දවසකට පිසිආර් පරික්ෂණ 7000 ක් සිදු කළ හැකි මෙම පරික්ෂාණගාරයේ කටුනායක 18 කණුව ආශ්‍රිත ගුවන් තොටුපළ භූමියක ඉදි කෙරුණු අතර පසුගිය  23 වන දා එය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරිණ. මුලින් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙය ආරම්භ කෙරුණ ද පසුව විගමනික ශ්‍රමිකයන්ට ද මෙහි දී පිසිආර් පරික්ෂණ සිදු කිරීමට තීරණය කෙරිණ. විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වි විදේශ රැකියා සදහා පිටත් ව ගිය ශ්‍රී ලාංකිකයන් ආපසු පැමිණෙන විට ඔවුන්ගේ පිසිආර් පරික්ෂණ සදහා වැය වන මුදල ගෙවිමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකගත්වය පළ කර තිබේ. ඒ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා සහ විදේශ සේවා නියුක්ති රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දීය.

ඊයේ(25) සවස සිට පැමිණෙන සියලු ගුවන් යානා වල පැමිණෙන ගුවන් මගීන්ට මේ වන විට මෙම පිසිආර් පරික්ෂණාගාරයේ පිසිආර් පරික්ෂණ සිදුකෙරන අතර කිසිදු බාධාවකින් තොරව සියලු ගුවන් මගින්ට මෙම ස්ථානයෙන් සිය පිසිආර් පරික්ෂණය සිදු කර ගැනිමට මේ වන විට පහසුකම් සලසා තිබේ.

ඊයේ සවස 06.30 ට මෙරටට  පැමිණි ඩුබායි ගුවන් යානයේ මගීන්ට පිසිආර් පරික්ෂණ සිදු කෙරෙන ක්‍රියාවලිය නිරීක්ෂණය සදහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි ඇතුළු ගුවන් තොටුපළ බළධාරීන් පැමිණ සිටියහ. ගුවන් යානයෙන් මගීන් බසින ස්ථානයේ සිට පිසිආර් පරීක්ෂාවට ලක් ව ප්‍රතිඵලය ලැබෙන තුරු සිදු වන සම්පූර්ණ ක්‍රියාවලිය මෙහි දී සංචාරක ඇමතිවරයාගේ දැඩි පරික්ෂාවට ලක් වූ අතර එහි පැවති ඇතැම් ක්‍රම වේදයන් පිළිබද ව අදාළ අංශ වෙත උපදෙස් දෙන අයුරු ද දක්නට ලැබිණ.

මෙම අවස්ථාව නිරික්ෂණයට එක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සදහන් කළේ මෙම පිසිආර් පරික්ෂණාගාරයේ මෙරටට පැමිණෙන සංචාරකයන්ටත්, ශ්‍රී  ලාංකිකයන්ටත් ඉතා වැදගත් බවය. සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා දැනට පැමිණෙන සංචරණ සීමා යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසු ඇමතිවරයා මෙම පරික්ෂණාගාරය ඉදි කෙරුණේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව බව ද කිවේය. පසුගිය ජූලි මාසයේ සිට ඒ සදහා රජය වෙහෙසුන බවත් කොවිඩ් හේතුවෙන් බිද වැටි ඇති රට යළි ගොඩනැංවිමේ දි නිවැරිදි ක්‍රම වේදයක් ඔස්සේ එය සිදු කිරිමේ අවශ්‍යතාව මත මෙය සිදුකෙරුණු බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීවේය. විපක්ෂය හා ඇතැමුන් පවසන පරිදි ඉතා කඩිමුඩියේ මෙවැනි පරීක්ෂණාගාර ක්‍රියාත්මක කළ නොහැකි බවත්, කොවිඩ් වසංගත තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් එය සිදු කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

“අපි මේ සටන් කරන්නේ නොපෙණෙන සතුරෙක් සමගයි. අපිට හිතෙන හිතෙන හැටියට මෙහි දී කටයුතු කළ නොහැකියි. ඉතා ප්‍රවේසමෙන් මේක කරන්න ඕනේ. හදිස්සි වී වසංගත වලට විසදුම් හොයන්න බෑ. දැන් අපි මෙය ආරම්භ කළා. ඉදිරියේ දි මතුවිය හැකි ප්‍රායෝගික ගැටළු ගැන අපි අවධානයෙන් ඉන්නේ. ඒ අනුව ගැටළු මතුවුවහොත් ඒවාට ප්‍රායෝගික විසදුම් සොයා ගනිමින් අපි මේ කටයුත්ත අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා.“ ඇමතිවරයා මෙහි දි කීවේය.

240523536 6838289739529817 7797062627126968793 n241192423 6838290052863119 4264663170442277615 n241262767 6838288339529957 7536726281247658710 nf678b596 39d7 4801 bf73 2886791cd917

*සංචාරක ව්‍යාපාරය අපේ ආර්ථිකයේ ප්‍රධාන මරමස්ථානයක් .......

*රටක් ලෙස අභියෝග හමුවේ ජයගත් ඉතිහාසයක් අපට තියෙනවා ........

- සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල -

සෙනසුරාදා සිට  සංචාරකයින්ට පැය තුනෙන් පී.සී.ආර් වාර්තාව.....

* රටවිරුවන්ටත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා......

 - සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග -

 

රටක් ලෙස අභියෝග හමුවේ නැගී සිට ජයගත් ඉතිහාසයක්  හිමි අපට කොරෝන පරදා සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.රටක් ලෙස අභියෝග හමුවේ නැගී සිට ජයගත් ඉතිහාසයක්  හිමි අපට කොරෝන පරදා සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
නිදහසට කරුණු නොසොයා නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ වලට එලැබෙමින් සංචාරක කර්මාන්තය ගොඩනැගෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
කටුනායක ගුවන්තොටුපල පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය. 
එළැඹෙන සෙනසුරාදා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම පරීක්ෂණාගාරයේ දී පී.සී.ආර් පරීක්ෂණ  සිදු කෙරේ.
පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින්  දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක්  මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි. මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ. 
ඒ අනුව කටුනායක 18 කනුව ප්‍රදේශයේ  පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට  බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකිය. 
මෙවැනි උසස් තත්වයේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ආසියානු රටක ගුවන්තොටුපලක් ආශ්‍රිතව ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙයයි.  පෞද්ගලික  සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ගුවන්තොටුපල හා ගුවන් සේවා   සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යටතේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වේ. මේ පරීක්ෂණාගාරය  සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සදහ ඩොලර් 40 ක මුදලක් අය කරනු ලබයි.
එහිද වැඩිදුරටත් අදහස් දැක්වූ  සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
 ප්‍රබල අභියෝගයකට පිළිතුරු සපයමින් ඊට විසඳුමක් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහ ට මගේ යුතුකමක් හා වගකීමක්. විවිධ චෝදනා මධ්‍යයේ සංචාරක කර්මාන්තය නංවන්න අවශ්‍ය විසඳුම්  ලබා දී තිබෙනවා. ඉතිහාසෙ 1918 වගේ කාලයේදී මෙවගේ තත්වයක් ලෝකය වාර්තා වෙලා තියෙනවා . අපේ ඉතිහාසයත් ඒ වගේ තමයි. 1948 නිදහසෙන් පස්සේ මේ රටේ රාජ්‍ය නායකයන් ඝාතනය වුණා. 1971 දකුණේ මහා ව්‍යසනයක් සිදුවුණා. 1983 කළු ජූලිය නිසා ලෝකයේ ඉදිරියේ අපි හෑල්ලුවට ලක් වුණා.1988 නැවත වරක් මහා ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2004 සුනාමි ඛේදවාචකය නිසා ජීවිත අහිමිවුණා. ඒ සෑම අභියෝගයක දීම ඒ අභියෝග වලට ඍජුව මුහුණ දීලා අවසානයේ ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබුණා. අද කොවිඩ්  19  වසංගතය  අපි නොසිතූ විදිහට මුළු ලෝකයම වෙලා ගත්ත තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් කිව්වේ විසඳුම් නැති අවාසනාවන්ත තත්ත්වයකට ලෝකය පත්වෙලා තියෙනවා කියන එකයි. නමුත් ලෝකය ඉතාමත් සාර්ථකව මේ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. 70% කට වඩා  ජනතාවකට එන්නත ලබා දීලා බූස්ටර්  එන්නතත් ලබාදෙන්න කටයුතු කරපු  ඊශ්‍රායලය අද සාර්ථකව ජයග්‍රහණය කරලා තියෙනවා. 
එවැනි පසුබිමක් තුළ අපි මේ කටයුත්තට අවතීරණ වෙලා තියෙනවා.  නොනවතින අභියෝග වැලකට අපි මුහුණ දුන්නා. විකල්ප තියෙනවා නම් හොඳයි නමුත් අපට විකල්ප නැහැ. ඒ නිසා  අපි අභියෝග භාර ගනිමින් ඒ අභියෝගය ටත් අවස්ථාවක් ලබා දෙන්න ඕන.සංචාරක ව්‍යාපාරය අපේ ආර්ථිකයේ ප්‍රධානතම සාධකයයි. අපි පුංචි ආර්ථිකයක් තිබෙන රටක්. පුංචි ආර්ථිකයක් තියෙන රටක ප්‍රධානතම ආර්ථික රැක ගැනීම සහ වර්ධනය කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. ඒ නිසා මේක අපට නිදහසට කරුණු කියන්න අවස්ථාවක් නෙවෙයි.  නිදහසට කරුණු හොයනවනම් ඕනෑම දේකට  නිදහසට කරුණු කියන්න පුළුවන්. නිදහසට කරුණු දෙනවා වෙනුවට ඒකට ප්‍රතික්‍රියා කරන්න අවකාශයන් තිබෙනවා. අද මේ වැඩපිළිවෙළේ අපි දකින දේ තමයි නිදහසට කරුණු හොය හොය ඉන්නෙ නැතුව අභියෝගයේ තත්ත්වය  තේරුම් අරගෙන බොහොම නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තුළ  මේ තත්ත්වයට විසඳුම් සෙවීම.  පසුගිය කාල පරිච්ඡේදය තුළ  විවිධ චෝදනා යෝජනා විවේචන බොහෝ තිබුණා. ඒ බොහෝ චෝදනා යෝජනා විවේචන තිබුණත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ උත්සාහය අතඅරින්නේ නැහැ.




සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා :-
අපි සියලු දෙනා එකතු වුණොත් අපිට සංචාරක ඉලක්ක සපුරා ගන්න පුළුවන්. රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අමාත්‍යාංශ තුනක් තියෙනවා. සංචාරක අමාත්‍යාංශය එයින් එකක්. කොවිඩ් වසංගතයක් එක්ක සංචාරකයන්  මෙරටට පැමිණෙනවා නම් අනෙක් රටවල් ක්‍රියාත්මක වෙන ආකාරය අවබෝධ කරගෙන තරඟකාරීත්වයෙන් කටයුතු කරන්න වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කෙටි කාලයක් තුළ සංචාරක මාර්ගෝපදේශ පිළිබඳ සැලකිලිමත් වෙමින් සංචාරක අමාත්‍යාංශයට ලබාදුන් සහය අපි අගය කරනවා.
සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහුගිය කාලේ මාධ්‍ය තුළ නොයෙකුත් සටහන් අපි දැක්කා.එහි ප්‍රතිඵලයක් විදියට තමයි පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ  වෛද්‍ය වාර්තාවක් ලබා දිය හැකි  පර්යේෂණාගාරයක් කටුනායක  ගුවන් තොටුපොළ  තුළ ඉදි කෙරෙන්නේ. පහුගිය මාස එක හමාරක කාලය තුළ මේ පර්යේෂණාගාරය ඉදිවෙන අතරේ මාධ්‍ය තුළ නොයෙකුත් විවේචනය කිරීම් සිදුවුණා. වසංගතය ආරම්භයේ දී වයිරසය හැසිරීම පිළිබඳ අපි දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ලොකුවට නීති දාලා රට අගුලු දාලා  ජනතාව  සුරක්ෂිත කරන්න සෞඛ්‍ය ආරක්ෂණ විදිවිදාන යොදන්න රජයක් විදිහට පියවර ගත්තා. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ රටේ සියලු දෙනා එන්නත් කරන්නයි. අද ඒ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය සාර්ථකව  කරගෙන යනවා. ඒ තත්ත්වය  තුළයි සෞඛ්‍ය ආරක්ෂණ විධාන යටතේ සංචාරකයින් ලංකාවට ගෙන්වන වැඩපිළිවෙළ සකස් වෙන්නේ. විදේශීය රටකට යනකොට  ලංකාවේදී අපේ පී.සී.ආර් රිපෝට් එකක් ගත්තම විදේශීය රටවලදි බාධාවක් ඇති වෙන්නේ නෑ. ඒ අත්දැකීම කියන සංචාරකයෝ අපේ රටට ආවම  මුහුණ දෙන ගැටලු පිළිබඳව  කියනවා. ගුවන් තොටුපලෙන් බැහැලා පී.සී.ආර් ගන්න ඕනේ. හෝටලයට ගිහින් දවසක් ගත කරන්න ඕන. ප්‍රතිඵලය ලැබෙන කල් හෝටලයෙන් එළියට යන්න බැරි තත්ත්වයක්  තමයි තිබුණේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙනවා.මෙතනට එන සංචාරකයාට පැය තුනක් ඇතුලත රිපෝට් එක දුන්නම  සම්පූර්ණ එන්නත් එන්නත්කරණය වුණු සංචාරකයකුට සමාජගත වීමේ හැකියාව ලැබෙනවා. සම්පූර්ණ එන්නත් නොකරපු සංචාරකයන්ට  දින දාහතරක් හෝටලයක ඉන්න ඕනේ. සංචාරකයින් මෙතැනට ඇවිත් නෙගෙටිව් කියන රිපෝට් එකක් එක තමයි හෝටලයට යන්න ලැබෙන්නේ. තව දින කීපයකින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට  මෙතනින් පැය තුනක් ඇතුලත රිපෝට් එක ලබාගන්න පුළුවන්. නෙගෙටිව් රිපොර්ට් එකක් ලැබුණොත් ඔවුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව රට පුරා සංචාරය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ ස්ථානයෙන් සිදු කෙරෙනවා. මේ පර්යේෂණාගාරය සංචාරකයින්ට පමණක් සීමා කරන්නේ නැතිව ශ්‍රී ලාංකික රට  විරුවන්ටත් පී.සී. ආර් සඳහා අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව පී.සී.ආර් රිපෝට් එක ලැබෙන කල් හෝටලයකට වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳ නොයෙකුත් විවේචන ඇති වුණා. සෞඛ්‍ය ඇමතිතුමාත් රට විරුවන් වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්නයි කියලා  ඉල්ලා හිටියා. මේ පර්යේෂණාගාරය ආරම්භ කරාට පසුව  රටවිරුවන් කැමතිනම් මෙතනට ඇවිත් වාර්තාවක් ලබාගන්න  පුලුවන් විදිහෙ ක්‍රමවේදයක් විදේශ සේවා අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සකස් කරන්න පියවර ගන්නවා. මේ පරීක්ෂණාගාරය සංචාරකයන් මෙරටට ගෙන්වීමේ දී අපට විශාල ශක්තියක් වෙනවා. අනෙක් රටවල් අපිට වඩා සංචාරක පැමිණීම අතින් ඉදිරියෙන් ඉන්නවා.අපේ රටට ඇවිත් තියෙන්නේ සංචාරකයෝ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක්. අපේ ඉලක්කය වෙලා තියෙන්නේ දිනකට සංචාරකයෝ පන්දහසක් පමණ මෙරටට ගෙන්වා ගැනීමයි. ඒ විදිහට සංචාරකයෝ පැමිණෙන කොට සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් අපි සකස් කරන්න ඕනේ . විපක්ෂය හැමදාමත් අපි කරන වැඩේට විරුද්ධ මතවාද ඉදිරිපත් කරනවා.පාර්ලිමේන්තුවට ඇවිත් සංචාරක ක්ෂේත්‍රය කඩං වැටිලා කියනවා.ජනතාව අසරණ වෙලයි කියනවා. එලියට ඇවිත් සංචාරකයෝ නිසා කොරෝන බෝ වෙනවා කියනවා.රටේ ජනතාවගේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරමින් ලංකාවට සංචාරකයින් ගෙන්වා ගෙන රටේ ආර්ථිකය ගොඩ නැංවීමට සියලු දෙනාටම ආරාධනා කරනවා.
රාජ්‍ය අමාත්‍යය ඩි වි. චානක මහතා
ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරයයි.2015වෙනකොට ඩොලර් මිලියන 4.5 ගෙනාව සංචාරක කර්මාන්තය පාස්කු ප්‍රහාරයත් සමග කඩා වැටුනා.  2014 සිට සෑම වසරකම සියයට 20ක  වර්ධනයක් දකින්න ලැබුණ ක්ශේත්‍රයක්. රටේ යුද ජයග්‍රහණයක් ජයග්‍රහණයත් සමඟ සෑම වසරකම ලොව සංචාරය සඳහා හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වුණා. පාස්කු ප්‍රහාරයත් එක්ක ඒ තත්ත්වය කඩා වැටුණා වසංගතයත් එක්ක අපිට සංචාරක ක්ශේත්‍රයෙන් ලැබුණ ඩොලර් මිලියන 4.5 අහිමි වුණා. දැන් අපි ආයෙත් ටික ටික ඉදිරියට එනවා . දිනකට සංචාරකයෝ 1000ට ආසන්න ප්‍රමාණයක් දැන් ලංකාවට එනවා . ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන රටවල් දැන් අපිව රතු ලයිස්තුවෙන් ඉවත් කරමින් තිබෙනවා. නැවත වතාවක් ලෝකෙ ඉදිරියේ අපේ රට පිළිබඳ තිබුණු විශ්වාසය ඇති ඇතිවෙමින් තිබෙනවා. ලංකාවේ ජනතාවගෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයකට එන්නත ලබා දීලා තියෙනවා.ප්‍රතිශතයක් වශයෙන් ගත්තම වැඩියෙන්ම එන්නත්කරණය ලබා දෙනවා ලබාදෙන රටයි.මේවා සමග ලංකාව කෙරෙහි ආකර්ෂණය වැඩි වෙනවා.සංචාරකයින්  ලංකාවට පැමිණ කෙටි කලක් තුළ පී.සී.ආර් වතාව ලබාගන්න හැකි වීම සෑහෙන්න වටිනවා.දැන් පැය තුනක් ඇතුළත ඇතුලත වාර්තාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට වාර්තාව negative නම් නිවෙස් වලට යන්න පුළුවන්. පහුගිය කාලේ සංචාරය කරනවා වෙනුවට , නිවසට යනවා වෙනුවට හෝටලයක දිනක් ගත කරන්න සිද්ධ වුණා.අද මේ පහසුකම එක්ක පැය කිහිපයක් ඇතුළත සංචාරකයින්ට සංචාරය සඳහා ශ්‍රී ලාංකිකයින්ට නිවෙස් වලටත් ගන්න හැකි වෙනවා.
රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් ද මෙහි දි කථා කළහ.

 

1c456e69 2dae 414b a3d3 e1a513b5d415

bd265121 c412 4569 9321 8ffb0b4e764f

සංචාරක පුවත්

Mega Travel Influencer ‘Nas Daily’ join-hands to promote Tourism in Sri Lanka

Sri Lanka Tourism Promotion Bureau (SLTPB), under The Ministry of Tourism and Lands welcomed World's Top Travel Influencer Nusier Yassin also known as ''Nas Daily'’ to promote Sri Lanka as One of Best Travel Destinat

Continue Reading

Sri Lanka celebrates its milestone surpassing 100,000 Russian arrivals through direct flights

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with Airport and Aviation Services organized a special ceremony to celebrate 100,000 tourist arrivals from Russian Federation through direct flights.

Continue Reading

ඉදිරි වැඩසටහන්

No events available

Exit
දිස්ත්‍රික්කය