කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය කාලය තුළ දී නව ගමනාන්ත 08 ක් සදහා සෘජු ගුවන් ගමන් හදුන්වා දී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරියේ දි යෝජිත ගමනාන්ත 05 ක් සදහා නව ගුවන් ගමන් ආරම්භ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේක්ෂා කරන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ වසර 06 කට පසුව ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර නව ගුවන් ගමන් ආරම්භ කිරිම නිමිත්තෙන් ප්‍රංශයේ පැරිස් නුවර දී පසුගිය දා පැවති විශේෂ සාකච්ඡාවක දීයි. ප්‍රංශයේ ප්‍රධාව පෙළේ සංචාරක සමාගම් රැසක  නියෝජිතයන් මේ සදහා සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලයේ දි හොංකොං, කොරියාව, කෙන්යාව, ජර්මනිය, රුසියාව, ඕස්ට්‍රේලියාව, නේපාලය සහ ප්‍රංශයට නව ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ඉදිරියේ දී වියට්නාමය, ඉන්දියාව, චීනය හා ඊශ්‍රාලය සදහා නව ගුවන් ගමන් 05 ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් යානා භාවිතා කරන ගුවන් මගීන් සංඛ්‍යාව වැඩි කිරිමටත්, භාණ්ඩ ප්‍රවාහනය වැඩි කිරීමටත් දැනටමත් විෆශ්ෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. නව ගමනාන්ත හදුන්වා දීමට ශ්‍රි ලංකන් ගුවන් සමාගම කටයුතු කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය සදහායි. ඒ සදහා දිගු කාලින හා කෙටි කාලීන සැලසුම් රැසක් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවති.

පැවති කොවිඩ් වාතාවරණය තුළ ජාතික ගුවන් සේවය විශාල කාර්යභාරයක් කළ බව මෙහි දී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රි ලාංකිකයන් ආරක්ෂිත ව ගෙන්වා ගැනීමට කටයුතු කළ බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම කටයුතු සිදු කළේ කොවිඩ් තත්ත්වය තුළ ජාත්‍යන්තර දේශ සිමා මායිම් පැණවිම සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමේ තත්ත්වයන් තුළ විම විශේෂත්වයක් බව ද ඇමතිවරයා කීවේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන්  යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත්, ලබන වසර තුළ එය සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙන බවට අපේක්ෂා කරන බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකාව යළි සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු නොවැම්බර් 02 වෙනිදා දක්වා සංචාරකයන් 63,641 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයිද කීවේය. එම කාලය තූල ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණි රටවල් 10 අතර ප්‍රංශය ද සිටින බව පෙන්වා දුන් ඇමතිවරයා ඉදිරි කාලය තුළ මෙරටට ප්‍රංශ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

මෙම සාකච්ඡාව සදහා ඇමතිවරයා සමග ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝ සංවිධානයේ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරඹුරේගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, ප්‍රධාන විධායක නිළධාරී විපුල ගුණතිලක, සිවිල් ගුවන් සේවා අධිකාරියේ  සභාපති උපුල් ධර්මදාස යන  මහත්ම මහත්මිහු ද සහභාගී වුහ.

250039415 447137460100765 2325606675334842211 n

 

වසර 06කට පසුව ප්‍රංශයේ සිට ශ්‍රි ලංකාවට පැමිණි ශ්‍රි ලංකන් පළමු ගුවන් යානය මගීන්ගෙන් පිරි යයි. ඒ අනුව ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් UL 564 ගුවන් යානයේ ගුවන් මගීන් 200කට අධික පිරිසක් ශ්‍රි ලංකාවට පැමිණියහ. ඒ අතර සංචාරකයෝ විශාල පිරිසක් ද වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රි ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් වසර 06කට පසුව යළි ආරම්භ කළේ  ඊයේයි (31). ඊයේ අළුයම 01 ට UL 564 ගුවන් යානය එම ගුවන් තොටුපළේ සිට ශ්‍රි ලංකාව බලා පියාසර කිරිම ආරම්භ කළේ ඊයේ සවසයි. එය අද (01) අළුයම 04.25 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැස්සුවේය.

මෙම ගුවන් යානයෙන් මෙරටට පැමිණි බොහෝ ශ්‍රී ලාංකිකයන් දිවයිනට පැමිණියේ වසර ගණනාවකට පසුව වීම ද විශේෂත්වයකි. ඔවුන් කීවේ ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ වීම සතුටට කරුණක් බවය. එය ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ද්විපාර්ශවික සබදතා තව තවත් පුළුල් විමට හේතුවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර මුලින්ම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ 1980 වසරේදියි. අඛණ්ඩව සතිපතා ගුවන් ගමන් වාර 03 ක් ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර ගමන් කළ අතර ඉරිදා (31) සිට ද සතිපතා ගුවන් ගමන් වාර 03 ක් ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර සිදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ ඉදිරි දිනවල ප්‍රංශයේ සිට පැමිණිමට නියමිත ගුවන් යානාවල ද ආසන මේ වන විට සීඝ්‍ර යෙන් වෙන් කෙරෙමින් පවතින බවයි.

ප්‍රංශය ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන ප්‍රධාන රටවලින් එකකි. පසුගිය ඔකතෝම්බර් 01 වෙනිදා සිට 24 වන දින දක්වා පමණක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 16,451 කි. ඉන් 453 දෙනෙකු පැමීණ ඇත්තේ ප්‍රංශයෙනි. ශ්‍රි ලංකන් ගුවන් සමාගම නව සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග මෙම සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයාර් ෆාන්ස් ගුවන් සමාගමට ද ලබන සිකුරාදා (05) සිට ශ්‍රි ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කරයි. එය ද මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමීණීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1e13748a 15fe 4746 a89e c11921e0e3f2

  • India's new international airport inaugurates in Kushinagar.
  • The first flight to land at the new international airport was from Sri Lanka.
  • 100 Buddhist monks including the Anunayake theros of all three main sects aboard the first flight to Kushinagar.
  • Minister of Sports, Hon. Namal Rajapakse and 08 others visit to Kushinagar.
  • Inauguration of Kushinagar Airport is a new chapter in the new religious ties between India and Sri Lanka – Minister of Tourism,Hon. Prasanna Ranatunga

India's new international airport inaugurates in Kushinagar (formerly Kushinara Nuwara). SriLankan Airlines' UL 1147 was the first flight to land at the new Kushinagar International Airport. The first flight was sent to India as per the special request made by the Prime Minister of India, H.E. Narendra Modi from the Prime Minister of Sri Lanka, H.E. Mahinda Rajapaksa.

The flight took off at 5.20 a.m. this morning with 100 Buddhist monks including the Anunayake theros of all three main sects aboard. A special delegation led by Minister of Sports, Hon.Namal Rajapakse also visited India. The delegation consisted of State Ministers, Hon. Vijitha Berugoda, Hon.Sisira Jayakody, Hon.DV Chanaka and Hon. Jeevan Thondaman. The Prime Minister of India arrived at the new Kushinagar International Airport to declare open the airport and welcome the guests at the airport. At the request of the Prime Minister of India, the Kapila Vastu Relics placed at the Waskaduwe Temple were flown by this flight in order to pay homage to the Buddhist devotees of Kushinagar.

Minister of Tourism, Hon. Prasanna Ranatunga and Indian High Commissioner to Sri Lanka, H.E. Gopal Bagle were also present at the departure of this special flight from BIA Katunayake.

The Indian High Commissioner said that this was a historic occasion for India as well as Sri Lanka. He said the visit would help expand bilateral ties between the two countries. Minister of Tourism, Hon. Prasanna Ranatunga said the Katunayake-Kushinagar direct flight would be a new chapter in religious ties between the two countries. The Minister said that this will be more convenient for Sri Lankan Buddhist pilgrims going to Dambadiva in the future.

 

1f990efb 8b5d 49c3 91ec 14f39a877aa0
01789dc1 5245 4eb6 9384 c1a507293509

 

f4cbc2b0 b549 45c8 a419 a1777f67ce56
f9878374 2df8 4e1f a501 df5e16bb85cf

වසර 06 කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර යළි සෘජු ගුවන් ගමන් ඇරඹෙයි. ඒ අනුව අද අළුයම 01 ට UL 563 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle

ගුවන් තොටුපළට පිටත්ව ගියේය. සෑම සතියකම බදාදා, සිකුරාදා සහ ඉරිදා කටුනායක ගුවන්තොටුපළේ සිට පැරිස් Charles De Gaulle  ගුවන් තොටුපළ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගමන් කරන අතර එදිනම සවස ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බලා තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතය.  

ශ්‍රී ලංකාව හා ප්‍රංශය  අතර මුලින්ම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ 1980 දීයි. පසුව 2015 වසරේ දි මෙම සෘජු ගුවන් ගමන් නතර කෙරුණි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ලෝකයේ විවිධ ගමනාන්ත කරා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. කොළඹ සහ ප්‍රංශයේ පැරිස් නුවර අතර අද අළුයම මෙම සෘජු ගුවන් ගමන් ආරම්භ කෙරුණේ ඒ අනුවයි. කටුනායක ගුවන් තොටුපළේ සිට ප්‍රංශයේ පැරිස් නුවර Charles De Gaulle ගුවන් තොටුපළට ගමන් කිරීමට පැය 10 කට ආසන්න කාලයක් ගතවේ. පළමු ගුවන් ගමන සදහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම නිමිත්තෙන් කටුනායක ගුවන්තොටුපළේ සෙරන්ඩිබ් ශාලාවේ දි චාම් උත්සවයක් පැවැත්වුණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි කියා සිටියේ ඉදිරියේ දි නව ගමනාන්ත රැසකට සෘජු ගුවන් ගමන් ආරම්ඵ කිරිමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇති බවයි.

මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවාව අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් ඇමතිවරයා මෙරට ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය දියුණු කිරිම රජයේ අපේක්ෂාව  බව ද කීවේය.

FO4A1255

 

  • A new program to attract tourists to Mattala Rajapaksa International Airport.
  • Plans to introduce Tourism Packages.
  • Air cargo operations to be expanded.

Mattala Rajapaksa International Airport is set to attract more tourists. Accordingly, steps will be taken to introduce tourism packages in the future, said Minister of Tourism, Hon. Prasanna Ranatunga.

Special relief packages have already been introduced for flights operating at Mattala International Airport. The airport has been exempted from export tax for a period of two years and has also been given one year concession period for landing and parking charges. The Minister said that a special attention has been paid to improve the hotel facilities associated with the airport in promoting Mattala International Airport as a tourist attraction.

The government is also working to improve facilities at the Mattala Airport. Arrangements have been made to modernize the existing maintenance building to establish a one stop cargo screening facility. Cabinet approval has been obtained for this purpose. It is also planning to start aircraft repairs, with the aim of providing services to foreign aircraft. Minor maintenances of aircrafts are expected to be done at the Mattala Airport in the near future. A feasibility study has also been conducted to operate the aircraft maintenance and engine repairs at Mattala. The Minister also stated that steps are being taken to complete the relevant infrastructure and other facilities.

Air cargo operations are also expected to be expanded at Mattala Rajapaksa Airport. Accordingly, it is planned to operate 06 cargo planes per week in the future, said Minister, Hon. Prasanna Ranatunga. SriLankan Airlines has already commenced cargo handling services. About 07 aircrafts, including 03 wide body aircrafts, have been deployed for cargo transport. The Minister further stated that steps are being taken to make Mattala Rajapaksa Airport a more active airport within the next year.

News - Tourism

Mega Travel Influencer ‘Nas Daily’ join-hands to promote Tourism in Sri Lanka

Sri Lanka Tourism Promotion Bureau (SLTPB), under The Ministry of Tourism and Lands welcomed World's Top Travel Influencer Nusier Yassin also known as ''Nas Daily'’ to promote Sri Lanka as One of Best Travel Destinat

Continue Reading

Sri Lanka celebrates its milestone surpassing 100,000 Russian arrivals through direct flights

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with Airport and Aviation Services organized a special ceremony to celebrate 100,000 tourist arrivals from Russian Federation through direct flights.

Continue Reading

Upcoming Events

No events available

Exit
District