කටුනායක ගුවන්තොටුපළේ ආගමන හා විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවම කිරීම මෙහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.මේ යටතේ පැමිණි විගමන කවුළු සංඛ්‍යාව 18 සිට 23 දක්වා වැඩි කර තිබේ. ආගමන කවුළු සංඛ්‍යාව 25 සිට 31 දක්වා ද වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා කියයි. මෙම ආගමන හා විගමන කවුළු නවීන තාක්ෂණයෙන් ද සමන්විතයි.මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ ඉදිකර ඇති නව විගමන කවුළු පසුගිය දා ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
කටුනායක ගුවන් තොටුපළේ විගමන කටයුතු සදහා වෙන් වු ප්‍ර දේශය පහසුකම් සහිතව වැඩි දියුණු කිරීම, ආගමන කටයුතු සදහා පහසුකම් සහිත නව ප්‍ර දේශයක් වෙන්කිරීම හා තිරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදිකිරිමට ද කටයුතු කෙරෙමින් පවතින බව ඇමතිවරයා මෙහි දී කීවේය. නව ආගමන ගුවන් බඩු පර්යන්තයක් ද අදියර කීපයක් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ.කටුනායක ගුවන් තොටුපළේ වාර්ෂික මගී ධාරිතාව ගුවන් මගීන් මිලියන 06 කි. මේ වන විට කටුනායක ගුවන් තොටුපළ වාර්ෂිකව මිලියන 10 ක මගී මෙහෙයුම් සිදුකරනු ලබයි. ක්‍රියාත්මක කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘති යටතේ වාර්ෂික ගුවන් මගීන් ධාරිතාව මිලියන 15 ක් දක්වා වැඩි කිරීමට හැකියාව ලැබෙන බව ද ඇමතිවරයා කියයි. පවතින මගී පර්යන්තයන්හි මගී ධාරිතාව වැඩි කිරීම සදහා ප්‍රතිව්‍යුහගත කිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.
ගුවන් තොටුපළේ රැදී සිටින කාලය තුළ විවේකාගාර පහසුකම් ඉල්ලා සිටින මගීන්ට එම සේවාව ලබා දීම සදහා දැනට ඇති විවේකාගාර අදියර කිපයක් යටතේ නවීකරණයට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා කියයි.
සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මකයි . ලෝක පරිසර දිනයට සමගාමීව මෙම ගස් ප්‍රතිරෝපණය කිරීම ආරම්භ කෙරිණි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ "අ" පැකේජ ය යටතේ කටුනායක ගුවන් තොටුපලේ දැනට පවතින මිලියන හයක් වන වාර්ෂික මගී ධාරිතාව මිලියන පහළොවක් දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි නව මගී පර්යන්තයක් බහු මහල් රථගාලක් විවේකාගාර බහු මාදිලි ප්‍රවාහන සේවා පහසුකම් රැසක් මේ අනුව ඉදිවෙයි .මෙම ඉදි කිරීම් සිදු කෙරෙන අක්කර දහතුනක් පමණ වන භූමි ප්‍රදේශයේ මගුල් කරද කළුවර වැනිගස් වර්ග විස්සකට පමණ අයත් ගස් දෙසියයක් පමණ පිහිටා ඇත .මෙම ගස් ගුවන් තොටුපලේ ම වෙනත් ස්ථානයක ප්‍රති රෝපණය කෙරේ .ඒ අනුව මඟුල් කරඳ වර්ග ගස් දෙකක් ප්‍රති රෝපණය කිරීමට ද පියවර ගැනිණි .මෙම ප්‍රති රෝපණ වැඩසටහන උද්භිද විද්‍යාඥයන් ගේ උපදෙස් අනුව සිදුකෙරෙන බවත්මාස දෙකක් වැනි කාලයක් තුළ ප්‍රතිරෝපන කටයුතු අවසන් කෙරෙන බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසයි මෙම ප්‍රතිරූපණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ පරිසරයද ආරක්ෂා කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි.ඇරඹුණු ප්‍රතිරෝපන කටයුතු නිරීක්ෂණය සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Airport and Aviation Services (Sri Lanka) (Pvt)Limited(AASL) donated Rs. 10 million to the Covid Fund yesterday(25). The relevant check was handed over to the Minister of Health, Hon. Pavithra Wanniarachchi by the Chairman of the Airport and Aviation Services(Sri Lanka)(Pvt)Limited, Retired Major General, G.A. Chandrasiri at the Ministry of Health. The money will be used to control Covid pandemic in the Hambantota district and to purchase equipment including PCR machines for the PCR laboratory which is under construction at the old hospital in Hambantota.
Hon. Prasanna Ranatunga, Minister of Tourism, Hon. Namal Rajapaksa, Minister of Sports,Hon. D.V Chanaka, State Minister of Aviation and Export Zone Development,Hon. Kanchana Jayaratne, former Chairman of the Sabaragamuwa Provincial Council, Director General of Health Services,Dr. Asela Gunawardena, Deputy Chairman of AASL,Mr. Rajiv Sooriyarachchi were also present.
Picture shows Retired Major General,G.A Chandrasiri, Chairman of the AASL, handing over the check to Hon.Minister of Health.
රට තුළ දැඩි සංචරණ සීමා පැනවුව ද ගුවන්තොටුපළ වසා දැමීමේ සුදානමක් තවමත් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගුවන්තොටුපළ වසා දැමුවහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අහිමිවිය හැකි බැවින් මෙම තීරණය නොගන්නා බව පවසන ඇමතිවරයා අවධාරණය කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව ගුවන්තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අත්තනගල්ල වතුපිටිවල රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් වාට්ටුව සෞඛ්‍ය අංශ වෙත භාරදිම නිමිත්තෙන් ඊයේ (12) එම රෝහල් පරිශ්‍ර යේ දී පැවති උත්සවයෙන් පසු මාධ්‍ය වේදීන් ඇසු ප්‍රශ්නවලට උත්තර දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා කියා සිටියේ විදෙස් රටවල් කීපයක් ශ්‍රී ලංකාවට තාවකාලික ගුවන් තහනමක් පණවා ඇති බවයි.
“අද ඇතැම් රටවල් සංචරණය අත්හිටුවලා තියෙනවා. ලාංකාවෙන් පිට රටවලට යන්න බැරි තහනම් නියෝග පණවලා තියෙනවා. අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ ඒ අනුවයි. කුවේට්, ඩුබායි වගේ රටවල් ලංකාවේ ඉදන් විතරක්නෙමෙයි ආසියාවේ රටවල් කීපයක් එක්ක ගුවන් ගමන් නතර කරලා. අපි හැමවිටම කටයුතු කරන්නේ සෞඛ්‍ය නිර්දේශ අනුව. ඉදිරියටත් එහි වෙනසක් නෑ. සෞඛ්‍ය අංශ අපවෙත ලබාදෙන උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.
මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් මගින් එන කෙනෙක් දින 14 ක් නිරෝධායනය විය යුතුයි. විදෙස්ගත ශ්‍රමිකයන් වගේම රට තුළ සිටින ජනතාව පිළිබදවත් අපට වගකීමක් තියෙනවා. ඒ නිසා වගකීමක් ඇති රජයක් ලෙස අපි කිසිසේත් සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරින්නේ නෑ.
කොවිඩ් එන්නත්කරණය පිළිබදව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා සදහන් කළේ ඉදිරි මාස කීපය තුළ මෙරට සියලුම දෙනාට කොවිඩ් එන්නත ලබාදීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. චීන හා රුසියානු එන්නත් මෙන්ම මුලින්ම ලබාදුන් කොවිඩ් ෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා ගැනීම සදහා ආණ්ඩුව මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කීවේය. ”
Sri Lanka Tourism Promotion Bureau (SLTPB), under The Ministry of Tourism and Lands welcomed World's Top Travel Influencer Nusier Yassin also known as ''Nas Daily'’ to promote Sri Lanka as One of Best Travel Destin
Continue ReadingSri Lanka Tourism Promotion Bureau, in collaboration with Airport and Aviation Services organized a special ceremony to celebrate 100,000 tourist arrivals from Russian Federation through direct flights.
Continue Reading