• මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි..
  • නොවැම්බර් මස 01 වෙනිදා සිට ඊයේ (28) දක්වා සංචාරකයන් 41,177 ඇවිත්....

මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වෙනි දා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 101,872 කි. නොවැම්බර් මස 01 වෙනිදා සිට ඊයේ (28) දක්වා සංචාරකයන් 41,177 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛණ අනුව වැඩිම සංචාරක පිරිසක් පසුගිය දින 28 තුළ පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, ඇමෙරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයන් පැමිණ තිබේ. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 13,368 කි. ඉන්දියාවට පසු පසුගිය දින 28 ක කාලය තුළ වැඩිම සංචාරක පිරිසක් පැමීණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 3,449 කි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුසියාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසර 06 කට පසු රුසියාවට සහ ප්‍රංශයට සෘජු ගුවන් ගමන් ද ආරම්භ කළ අතර රුසියාවේ AERO FLOT ගුවන් සමාගමත්, ප්‍රංශයේ AIR FRANCE ගුවන් සමාගමත්, ශ්‍රී ලංකාවට මේ මස මුලදි සෘජු ගුවන් ගමන් ආරම්භ කළහ. මේ තත්ත්වය එම රටවල සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වීමට හේතු වු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මේ වන විට යුරෝපා කළාපයේ රටවල් ගණනාවක ශ්‍රී ලංකාව විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ද ආරම්භ කර තිබේ. මේ වසර අවසන් වන විට සංචාරකයන් 150,000 ත් 180,000 ත් අතර පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කොට ඇත. ලබන වසර වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකුලව යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය