මේ මාසයේ ඉදිරි මාසය තුල රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය. ඔක්තෝම්බර් මාසය තුල මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානා වල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවති.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නුවර සිට සතියකට වරක් සෘජු ගුවන් ගමනක් සිදු කරයි. ඒ අනුව ඔක්තෝම්බර් 09, ඔක්තෝම්බර් 16, ඔක්තෝම්බර් 23 හා ඔක්තෝම්බර් 30 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල් 534 ගුවන් යානය මොස්කව් සිට මෙරටට පැමිණීමට නියමිත අතර මෙම ගුවන් යානා මගින් මෙරටට පැමිණීම සඳහා දහසකට ආසන්න පිරිසක් ආසන වෙන් කරගෙන තිබේ.

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සෘජු ගුවන් ගමන් ආරම්භ කලේ පසුගිය ජූලි 31 වෙනිදායි.ඒ වසර හයකට පසුවය. සැප්තැම්බර් 03 වෙනිදා සිට රුසියාව කේන්ද්‍ර කරගත් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආරම්භ කලේය. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්‍රියාත්මක කෙරිණ. කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව විදේශයන්හි පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීම අත්හිටුවා තිබූ අතර එය යළි ආරම්භ කලේ ද රුසියාවේ මොස්කව් නුවර පැවැති සංචාරක ප්‍රදර්ශනයකට සහභාගි වෙමිනි. සංචාරක ඇමතිවරයා එහිදී එරට මාධ්‍ය, සමාජ මාධ්‍ය සමගත් සංචාරක සංවිධාන නියෝජිතයන් සමගත් විශේෂ සාකච්ඡා වට කීපයක්ම පැවැත්වීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමතිවරයා උපදෙස් දුන්නේ රුසියානු සංචාරකයන්ට සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇමතිවරයා උපදෙස් දුන්නේ රුසියානු සංචාරකයන්ට සහන පැකේජයක් හඳුන්වාදෙන ලෙසය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට ‘Bye One Get One’ ක්‍රමය හඳුන්වා දී තිබේ. මේ තත්වය එරට සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට හේතු වී තිබේ.

රුසියානු සංචාරකයන් වැඩිම පිරිසක් ශ්‍රී  ලංකාවට පැමිණ ඇත්තේ 2019 වසරේදීයි. එම වසරේ මෙරටට පැමිණි රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 86,000ක් පමණ වේ. 2020 මාර්තු මාසයේ සිට මෙරට කොවිඩ් වසංගතය හේතුවෙන්  සංචරණ සීමා පැවතිය ද 2020 වසර තුලදී මෙරටට රුසියානු සංචාරකයන් 49,397ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉදිරි මාස 02ක කාලය තුල මෙරටට රුසියානු සංචාරකයන්ගේ  පැමිණීමේ විශේෂ වර්ධනයක් දක්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය