කොවිඩ් – 19 වසංගතය හමුවේ බිඳවැටි ඇති ඌව පළාතේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සම්බන්ධව විශේෂ රැස්වීමක් සංචාරක හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 ජුනි 12 වන දින ඇල්ල මවුන්ට් හෙවන් හෝටලයේදි පැවැත්විණ.

 IMG 9385  IMG 9401

අනපේක්ෂිතව ඇති වූ කොවිඩ් -19 වසංගත තත්වය හමුවේ කුඩා හා මධ්‍යම පරිමාණයේ හෝටල් හිමියන්  ඇතුළුව සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියතුවූවන් දැඩි අසීරුතාවයට පත් වී ඇති අතර ඒ සඳහා ගත යුතු  කඩිනම් ක්‍රියාමාර්ග  හඳුනාගෙන ඇති බව අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් සඳහන් කරන ලදි. ඒ සඳහා විසඳුමක් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි වී සිටින හෝටල්හිමියන් සඳහා තම සේවකයන්ට මාස 6ක් දක්වා මාසික වේතන ලබා දීම සඳහා වූ සහන ණය පැකේජයක් හා මාස 6ක් දක්වා ජල හා විදුලි බිල්පත් ගෙවීමේ සහන කාලයක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව ප්‍රකාශ කරන ලදි.

හපුතලේ නගර සභාවේ වැඩ බලන නගරාධිපති, ඇල්ල ප්‍රාදේශීය ලේකම්, ඌව පළාත් සංචාරක අමාත්‍යංශයේ සහකාර ලේකම්,  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ(දේශීය සංචරණ), ඇල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් රැසක් මේ සඳහා සහභාගි විය. සහභාගීවූවන් විසින් නිර්මාණාත්මක හා නව්‍ය  යෝජනා අමාත්‍යාංශ නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී.

සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ඌව පලාතේ අලුතින් ලියාපදිංචි වූ  සත්කාරක නිවාස සපයන්නන් කණ්ඩායමක් සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම්තුමා  හා අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතින්  සහතිකපත් එදින ලබා ගන්නා ලදි.

 IMG 9434 IMG 9438 

සංචාරක පුවත්

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය