• ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති විශ්වාසය පළ කරයි...
  • සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන්ගේ ණය සහන පැකේජය දිර්ඝ කිරිම කෙරෙහි අවධානය...
  • ණය ප්‍රතිව්‍යුහගත කිරිමටත් සැලසුම්...
  • සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන්ගේ වාහන උස්සන ලිසිං සමාගම් වලට වැඩ වරදී...
  • ලීසිං සහනය ලබා දී වාරිකය වැඩි කළොත් දැනුම් දෙන්න... මහ බැංකු අධිපති කියයි...

ආර්ථික අර්බුදය නිසා ඇති වි තිබෙන පීඩනය ලබන ජනවාරි මාසය වන විට පහව යනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශ්වාසය පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයත් සමග ඇති වු ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ සියළුම ක්ෂේත්‍ර පීඩනයකට ලක් ව සිටින බවයි. එම පිඩනය ලබන ජනවාරි වනතුරු උපරිමයෙන් පවතින බවත් ඉන් අනතුරුව එය ක්‍රමයෙන් පහව යනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අද (24) මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේය. මෙම සාකච්ඡාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීම පරිදි පැවැත්විණි. සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සංචාරක, සිවිල් ගුවන් සේවා, ගුවන් තොටුපළ හා ගුවන් සේවා, ශ්‍රී ලංකන් යන ආයතන මේ වන විට මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මෙහ දී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත්වන තුරු එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට ලබා දී ඇති සහන දීර්ඝ කරන ලෙසයි. සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වුවන් ලබා ගෙන ඇති ණය  ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇතැයි ද ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දැක් වු මහ බැංකු අධිපතිවරයා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති බවයි. අදාළ ණය හිමියන්ගේ ඉල්ලීමක් සහිත යෝජනාවලියක් අදාළ බැංකු වෙත ඉදිරිපත්කොට එය ලබා ගැනීමටත් එවැනි ණයහිමියන්ට අවශ්‍ය වුවහොත්  මහ බැංකුව මගින් නිර්දේශයක් ලබාදීමටත් හැකියාව ඇතැයි ඔහු සදහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි වැඩිදුරටත් සදහන් කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවුවන්ගේ වාහන ලීසිං සමාගම් විසින් අත්පත්කර ගැනීමේ සිදුවීම් වාර්තා වි ඇති බවයි. ඊට අමතරව අදාළ ලීසිං සමාගම් ලීසිං සහනය ලබා දීමේ දි වාරිකයට තවත් මුදලක් එකතු කිරිමේ සිද්ධින් ද වාර්තා වී ඇතැයි ඇමතිවරයා කීවේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපති අජික් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේ ලීසිං සමාගම් වලට වාහන අත්පත් කර ගැනීම නතර කරන ලෙස දැනුම් දී ඇති බවයි. ලීසිං සහනය ලබාදීමේ දී වාරිකයට අමතර මුදලක් එකතු කිරීම සදහා කිසිසේත් අවසර නැතැයි අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා ලීසිං සමාගම්  වාහන අත්පත් කරගැනීමේ හා අමතර මුදල් එකතු කිරිමේ සිද්ධින් ඇත්නම් ඒ පිළිබද ව වහා මහ බැංකුව දැනුවත් කරන්න යැයි සංචාරක සංවර්ධන අධිකාරියට කීවේය. එවැනි  සිද්ධින් වලට සම්බන්ධ ලිසිං සමාගම් වලට එරෙහිව පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේය.  පසුගිය කාලය තුළ රුපියල් බිලියන 4,100 ක ණය සහන ලබා දී ඇති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා රුපියල් බිලියන 330 ක ණය පොළී අඩු කර ඇති  බව ද කීවේය.

පසුගිය දින 21 ක කාලය තුළ සංචාරකයන් 29,000 ක් මෙරටට පැමිණී බවත් මේ වසර අවසන් වන විට150,000ත් 180,000 ත් අතර සංචාරක පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබන වසර වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද සදහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දි නව සාමාන්‍යකරණය තත්ත්වය යටතේ ක්‍රියාත්මක නීතිරිති වලින් බාධා මතුවන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූරියආරච්චි මහතා කීවේය. ඒ පිළිබද ව  මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරැණු අතර මහ බැංකු අධිපතිවරයා කීවේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එම ගැටළු විසදීමට කඩිනමින් කටයුතු කරන බවයි.

සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙටිටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ටි.එම්.ජේ.වයි.පි.ප්‍රනාන්දු, ඇතුළු නිළධාරීන් රැසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

0 1 1

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය