- ඉන්දියානු බ්ලොග් ක්‍රියාකාරීන් හමුවේ දී ඇමති ප්‍රසන්න රණතුංග කියයි

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දි සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරීමට අවධානය යොමු ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉන්දීය සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන  විශේෂ ප්‍රවර්ධන වැඩසටහන යටතේ දිවයිනට පැමිණ ඇති ඉන්දීය බ්ලොග් අඩවි ක්‍රියාකාරින් සමග පසුගිය සිකුරාදා (19) පැවති හමුවක දි ඇමතිවරයා මේ බව සදහන් කළේය. ඉන්දිය බ්ලොග් අඩවි ක්‍රියාකාරින් 50දෙනෙකු මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාව පිළිබද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට මේ අනුව සැලසුම් කර ඇති අතර මේ වන විට එහි පළමු කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණ තිබේ. මුල් කණ්ඩායම ඉන්දීය බ්ලොග් අවඩි ක්‍රියාකාරීන් 25 දෙනෙකු ඇතුළත් වේ. මෙම පිරිස යාල, කතරගම ප්‍ර දේශයේ පසුගිය දිනවල සංචාරයක නිරතව සිටි අතර ඔවුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා හමුවුයේ කොළඹ සිනමන් ලේක්හි දි පැවති සුහද හමුවක දියි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දි කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක වෙලදපොළ 05 න් එකක් බවයි. 2019 වසරේ දි මෙරටට පැමීණි සංචාරකයන්ගෙන් 18%කට වඩා වැඩි සංඛ්‍යාවක් ඉන්දියානුවන් බව ද ඔහු පෙන්වා දුන්නේය. කොවිඩ් වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාව යළි සංචාරකයන්ට විවෘත කිරිමත් සමග මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් වැඩි පිරිසක් ද ඉන්දියානු ජාතිකයෝයි. පසුගිය 18 වෙනිදා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 85,655 පැමිණ තිබේ. පසුගිය නොවැම්බර් 01 දා සිට 18 වෙනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් 24,567 න් 8086 දෙනෙක්  ඉන්දීය ජාතිකයෝ වෙති.

කොවිඩ් වසංගතයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ ප්‍රධාන නගර 11 ක් වෙත සතියකට ගුවන් ගමන් 100 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කළ බවත් කොවිඩ් වසංගතයෙන් පසුව ඉදිරියේ දි එම ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් පැවසු ඇමතිවරයා ඊට අමතරව ඉන්දියාවේ නව ගමනාන්ත කීපයක් සදහා ද අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද කීවේය.

මෙම අවස්ථාවට ගුවන්තොටුපළ හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

47b3c73b d898 4d2c 90c7 e319f7581642

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය