• ගාලු කොටුවේ මාරක පිම්ම තවදුරටත් පවත්වාගෙන යාමට විකල්ප වැඩපිළිවෙලක්....
  • ඇමති ප්‍රසන්නගෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිළධාරින්ට උපදෙස්....

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට ඒය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් දෙයි.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් වසර 15 ක් පමණ තිස්සේ එම ස්ථානයේ සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට පසුගිය සිකුරාදා සිට එම ක්‍රියාවේ නිරත වීමට නොහැකි බව වාර්තා වි තිබිණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වු වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඇමතිවරයා පුරාවිද්‍යා නිළධාරින් සමග ඊයේ (22) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.  එහි දි අවධාරණය කෙරුණේ මෙම තරුණයන්ගේ මුහුදට පනින ක්‍රියාව සම්පුර්ණයෙන් ම නතර වි නොමැති බවයි. ඔවුන් ඉදිරිපත් කරන එක් පිම්මක් පමණක් අදාළ ස්ථානයේ ඉදිකර ඇති ගල් බැම්මක් හේතුවෙන් නතර වි ඇති බව මෙහි දි සදහන් කෙරිණි.

ගාලු කොටුවේ මෙම ස්ථානය කොඩිගල මුර අට්ටාලය ලෙස හදුන්වනු ලබන බවත්, ලන්දේසි සමයේ පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් සහ නැව් සදහා සංඥා සැපයිම සදහා භාවිතා කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිළධාරිහු මෙහි දි කියා සිටියහ. මෑතක දී කල සංරක්ෂණ වල පැරණි ප්‍රදිපාගාරයේ පාදම හා කොඩිය රැද වු ස්ථානය හමුව තිබේ. අදාළ කොඩිය රැදවු ස්ථානයේ ඇණ පවා මතුව ඇතැයි පුරාවිද්‍යා නිළධාරිහු කියා සිටියහ.  තරුණයන් එක් පිම්මක් සදහා දිවයන්නේ එම ස්ථානය හරහා බව ද ඔවුහු පෙන්වා දුන්හ. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සදහන් කළේ  ලෝක බැංකු ආධාර යටතේ මෙම ස්ථානයේ සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන බවයි.

ඇමති  ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේ තරුණයන් කිපදෙනෙකු සිදුකරන මෙම මාරක පිම්ම ලංකාවේ පමණක් නොව ලෝකයේ ම ජනප්‍රිය බවයි. ඒ නිසා අදාළ තරුණයන්ට එම ක්‍රියාව තවදුරටත් ආරක්ෂිතව කරගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න  යැයි පුරාවිද්‍යා නිළධාරින්ගේන් ඇමතිවරයා ඉල්ලා සිටියේය.

 e2fe860b ac4f 4d42 a8ca 63235e7df989

சுற்றுலா அமைச்சின் செய்திகள்

Sri Lanka Welcomes Two Millionth Tourist Arrival, Marking a Post-2018 Milestone

Sri Lanka has achieved a significant milestone in its tourism sector, proudly welcoming the two millionth tourist arrival on December 26, 2024. The two millionth lucky tourist was Mr.Prasan Ingkanunt from Thailand who arrived on UL 403 for his first

Continue Reading

Sri Lanka Elevates Luxury Tourism at ILTM 2024

Sri Lanka Tourism displayed it’s potential of taking on major source markets as France, by promoting Sri Lanka as a key holiday destination equipped with everything that a traveler needs. This initiative was taken at the International Luxury Travel M

Continue Reading

எதிர்வரும் நிகழ்வுகள்

Exit
மாவட்டம்