ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව යලි ගුවන් ගමන් ඇරඹීමට යයි. ගුවන් සංචාරක බුබුලක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා සංචාරක අමාත්‍යංශයට අදාල යෝජනාව ඉදිරිපත් කර තිබේ. මෙරට සෞඛ්‍ය අංශ හා ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි දෙරටේම අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි.

ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය මේ වන විට එරටට පැමිණිය හැකි හා එරටින් පිටව යා හැකි ගුවන් මගීන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එකඟතාව පල කරන්නේ නම් මෙම ව්‍යාපෘතිය ආරම්භ කල හැකි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා රජයට යෝජනා කර තිබේ. ඒ අනුව මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් හා කොව්ඩ් 19 පාලනය කිරීමේ කමිටුව සමගද කඩිනමින් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා සඳහන් කරයි.

මේ අතර පසුගිය ජනවාරි මාසය තුල මෙරටට සංචාරකයන් 1682ක් පැමිණි බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කල අලුත්ම වාර්ථාවේ සඳහන් වෙයි. කොවිඩි 19 වසංගතයෙන් පසු සංචාරකයන්ට රට විවෘත කෙරුණේ පසුගිය ජනවාරි 21වෙනිදායි. මෙ කාලය තුල යුක්රේන, බෙලරූස් හා චීන ජාතික සංචාරකයන් මෙරටට පැමිණි බව අදාල වාර්ථාවේ සඳහන් වේ.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය