කොවිඩ් 19 වසංගතයෙන් පසු සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියාමන ව්‍යෘපෘතිය මේ මස (26) වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදි මතුවිය හැකි ගැටලු හා ඊට අදාල විසදුම් සම්බන්ධ සාකච්ඡාව ඊයේ දිනයේදී (14) සංචාරක අමාත්‍යාංශයේදි විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
අමාත්‍යාංශ ලේකම් එස්. හේට්ටිආරච්චි, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති මේජර් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජීව සුරියආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, අධ්යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම යන මහත්වරුන්ද ඊට සහභාගී වුහ.
සෞඛ්‍ය අංශ නිලධාරීන්ද සහභාගී වූ මෙම සාකච්ඡාවේදි මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබදව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.