ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට යයි. දෙරට අතර සෘජු ගුවන් මගී හා භාණ්ඩ ගුවන් ගමන් ආරම්භ කිරිම මෙහි අරමුණයි. මෙමගින් ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර සංචාරක, අධ්‍යාපන, වෙළද, ආයෝජන, කෘෂිකාර්මික හා සංස්කෘතික සබදතා තවදුරටත් වර්ධනය වෙනු ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරිම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කළ බව ඇමතිවරයා කියා සිටි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මෙම ගිවිසුමට අත්සන් කිරිමට සැලසුම් කර තිබේ.

වර්ෂ 1944 දි අත්සන් කරනු ලද චිකාගෝ සම්මුතියට අනුව රාජ්‍යයක් දෙකක් හෝ කිපයක් අතර ජාත්‍යන්තර වාණිජ ගුවන් ගමන් සේවා පවත්වාගෙන යාම සදහා ගුවන්සවො ගිවිසුම්වලට එළඹීම අනිවාර්යය වේ. මේ වන විට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ලියාපදිංචි රාජ්‍යයන් ගණන 193 කි. එම රාජ්‍යයන් සමග ගිවිසුම්වලට එළඹීමෙන් අවශ්‍ය අවස්ථාවල ගුවන් සේවා කටයුතු වල නියැලීමට හැකිවන බව ඇමතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තානාපති සබදතා ආරම්භ වි ඇත්තේ 1951 වසරේ සිටයි. සතියකට ශ්‍රී ලංකාව හා නෙදර්ලත්නය අතර ගුවන් ගමන් වාර 14 ක් ක්‍රියාත්මක කිරිමට මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවල දි තීරණය කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා නෙදරුලන්තයේ KLM Royal Dutch ගුවන් සේවාව මේ සදහා යොදවා ගැනීමට ද සැලසුම් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.

සංචාරක පුවත්

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading
Exit
දිස්ත්‍රික්කය