පෙබරවාරි මාසයේ දි වසර දෙකකට පසුව මසකට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව පෙබරවාරි මසයේ දි වාර්තා වේ. පෙබරවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව 96,507 කි.

2020 මාර්තු මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව එය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වසරේ ජනවාරි මාසයේ දි සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ තිබේ. පෙබරවාරි මාසයේ දි පැමිණි 96,507 ත් සමග පසුගිය මාස දෙකක කාලය තුළ මෙරට සංචාරකයන් 178,834 දෙනෙකු පැමිණ ඇත. 2021වසරේ දි මෙරටට පැමිණි සංචාරකයන් ගණන 194,495 කි. පෙබරවාරි මාසයේ දින 05 තුළ දෛනික ව මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4000 ඉක්මවිම විශේෂත්වයකි.

මේ වසර තුළ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. එම සංඛ්‍යාව 28,818 කි. ඉන්දියානු සංචාරකයන් 24,495 ක් මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 18,084 දෙනෙක්, ජර්මනියෙන් සංචාරකයන් 13,119 ක් සහ යුක්රේනයෙන් සංචාරකයන් 13,062 ක් පැමිණ ඇත.

මෙරටට සංචාරකයන් පැමිණිමේ දත්ත සළකා බැලිමේ දි පසුගිය සැප්තැම්බරයේ සිට සංචාරකයන් වැඩිවීමේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙන බව ද ඇමතිවරයා කියයි.  පසුගිය සැප්තැම්බර් මසයේ දි 13,547 ක්, ඔක්තෝම්බර් මාසයේ දි 22,771 ක්, නොවැම්බර් මාසයේ දි 44,294 ක් හා දෙසැම්බර් මාසයේ දි 89,506 ක් ලෙස මෙම පැමිණිම වාර්තා වී ඇතැයි ද ඇමතිවරයා කියයි.

News - Tourism

Mega Travel Influencer ‘Nas Daily’ join-hands to promote Tourism in Sri Lanka

Sri Lanka Tourism Promotion Bureau (SLTPB), under The Ministry of Tourism and Lands welcomed World's Top Travel Influencer Nusier Yassin also known as ''Nas Daily'’ to promote Sri Lanka as One of Best Travel Destinat

Continue Reading

Sri Lanka celebrates its milestone surpassing 100,000 Russian arrivals through direct flights

Sri Lanka Tourism Promotion Bureau, in collaboration with Airport and Aviation Services organized a special ceremony to celebrate 100,000 tourist arrivals from Russian Federation through direct flights.

Continue Reading

Upcoming Events

No events available

Exit
District