ඩුබායි හි මේ දින වල පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි. පසුගිය දින 23ක කාලය තුල 11000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නරඹා ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අලුත්ම වාර්තා තහවුරු කරයි.

එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය මේ මස  පලමුවෙනිදා සිට 2022 මාර්තු දක්වා පැවැත්වේ. අක්කර 1083ක කාන්තාර බිම් කඩක පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සදහා රටවල් 192ක් සහභාගී වේ. මෙම ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය අවස්ථානුකූල, සංචලතාව හා තිරසාරත්වය යන තේමා ඔස්සේ අංශ 3කට වෙන් කර තිබේ. එක්ස්පෝ ගම්මානයේ අවස්ථා අංශයෙහි වර්ග මීටර් 212ක කලාපයක ශ්‍රී ලංකා ප්‍රදර්ශන මණ්ඩපය පිහිටා ඇත. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සමග ශ්‍රී ලංකා තේ මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවයද මේ සඳහා එක්ව තිබේ. ඩුබායි කොන්සාල් කර්යාලය, මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද මේ සඳහා සිය පූර්ණ සහයෝගය පල කල බව සංචාරක ප්‍රවර්ධන කාර්්‍යංශය කියයි.

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීම ආරම්භ කලේ 2018 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙනි. ඒ සඳහා අපේක්ෂිත වියදම රුපියල් මිලියන 580ක් වු අතර උද්ගත වූ වසංගත තත්වය හා ආර්ථික හේතු මත අපනයන සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය අරමුදල් සම්පාදනය  කිරීමට නොහැකි විය. ඒ අනුව 2021 දෙසැම්බර් මසදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට මෙහි මූලිකත්වය ගැනීමට ආරාධනා කෙරිණි. එහෙත් ප්‍රදර්ශනය පැවැත්වෙන සම්පූර්ණ මාස 06ක කාලය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට වෙන් කර ඇත්තේ රුපියල් මිලියන155.5කි. පලමු වියදම් ඇස්තමේන්තුව හා සසදන කල ඉතාමත් සුළු වූ වියදමකි. ඒ නිසා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපයේ සාර්ථකත්වය ඉතා කෙටි කාලයක් තුල, සීමිත සම්පත් හා මූල්‍ය ප්‍රතිපාදන ඇතිව ලද දැවැන්ත ජයග්‍රහනයක් බව එම අධිකාරියේ අදහසයි.

ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා මණ්ඩපයේ නිර්මාණය, 2018 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය තෝරා ගත් මොරටුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සිදු කරන ලද අතර එය ඩුබායි එක්ස්පෝ සංවිධායකයන්ගේ වියදමින් ඉදි කර දීමට ඔවුන් කටයුතු කළ අතර නිර්මාණයේ ඇතැම් අංගයන් ඩුබායි හී දේශගුණය, ආරක්ෂාව හා සෞඛ්‍ය සම්බන්ධ හේතු නිසා වෙනස් කිරීමට සිදු වූ නමුත් ඒ වෙනුවෙන් අමතර වියදමක් දැරීමට සිදු නොවිනි.

ශ්‍රී ලංකා මණ්ඩපයේ නිර්මාණය ශ්‍රී ලංකාවේ පෞඪ ජලාශ්‍රිත ශිෂ්ටාරය විදහා දක්වන නිර්මාණයකි. ශ්‍රී ලංකාවේ සුවිශේෂිත්වය ආකර්ශණීය ගමනාන්තයක් වශයෙන් එහි විවිධත්වය හා අද්විතීය බව දෘෂ්‍යමය ආකාරයට එමගින් ගෙන හැර දක්වයි. එහි ඇති දර්ශන තිර විඩියෝ හා ඩිජිටල් මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නෙකුට අත් විදිය හැකි ඉතිහාසය, සංස්කෘතිය, සොබාදහම හා ජනතාව ඇතුළු විවිධ අංගයන් කථාවක ස්වරූපයෙන් ඉදිරිපත් කරයි. මේ තාක්ෂණික අංගයන් මණ්ඩපයේ මූලික නිර්මාණ හරය සමග කලාත්මක ලෙසින් බද්ධ කර තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික කලාශිල්ප හා අත්කම් ගැන අර්තර ක්‍රියාකාරී අත්දැකීමක් ලබා දෙන අත්කම් කවුළුව එහි විශේෂ අවදානයක් ලබා ඇති තවත් අංගයකි. වේවැල් ,රූකඩ, කුඹල් කර්මාන්තය,කැටයම්, මූර්ති, බීරළු, පිත්තල නිර්මාණ, වෙස් මුහුණු නිර්මාණය, පන්කොල නිර්මාණ වැනි කලා ශිල්ප, අත්කම් නිර්මාණ රැසක් මෙහි ප්‍රදර්ශනය කෙරෙණි. එමෙන්ම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ මෙහෙය වීම මත විවිධ ශ්‍රී ලංකික අපනයනකරුවන් විසින් සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කරන කුටියක්ද මණ්ඩපය තුල ස්ථාපිත කර ඇත. වාර සටහනකට අනුව (Roster) සිය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අවස්ථාව මෙහිදී අපනයනකරුවන්ට හිමි වන අතර මේ සඳහා අපනයනකරුවන් තොරා ගැනීම චක්‍රෙල්ඛයකට අනුව, විවිධත්වය ප්‍රදර්ශනය වන ආකාරයට අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කර ඇත.

 මීට අමතරව ශ්‍රී ලංකා මණ්ඩපයේ තවත් බොහෝ දෙනාගේ සිත්ගත් තැනැක් ලෙසට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කර තිබෙන තේ කවුළුවද වැදගත් තැනක් ගනී. පෞද්ගලික අංශය හා සහයෝගයෙන් සිදු කෙරෙන මෙහි මාස06ක කාලයක් පුරාවට නරඹන්නන්ට ශ්‍රී ලංකා ප්‍රවර්ධනය කෙරේ. ප්‍රදර්ශනයේ සියළුම මණ්ඩප අතරින් නරඹන්නන්ට සංග්‍රහයක් ලබා දෙන එකම මණ්ඩපය ලෙසින් ශ්‍රී ලංකා මණ්ඩපයට වැඩි ආකර්ශනයක් ගෙන ඒමට මෙම තේ කවුළුවට හැකි වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මණ්ඩපයෙන් පිටත ලක්සල විසින් ලාංකික අත්කම් කලාව ප්‍රදර්ශනය කරන විශේෂ කුටියක්ද ස්ථාපනය කර ඇති අතර එයටද විශාල වශයෙන් ප්‍රතිචාර හිමිවෙම්න් පවති.

මණ්ඩපය තුල සිදු වන මේ ක්‍රියාකාරකම් වලට අමතරව ඊට පරිබාහිරව සාම්ප්‍රධායිකව බතික් මෝස්තර ඇතුලත් විලාසිතා දැක්මක්, මංගල උත්සව සඳහා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන විවාහ මංගල ප්‍රදර්ශනයක්, සංස්කෘතික නර්තන සංදර්ශනයක්, ශ්‍රී ලංකාවේ නර්තනය හා සංගීතය විදහා දක්වන බෙර වාදන සංදර්ශනයක්, ශ්‍රී ලංකාවේ සාහිත්‍යය රසාස්වාදන සංස්කෘතිය විදහා දක්වන සිබිල් වෙත්තසිංහගේ “ අව්වයි, වැස්සයි නරියගෙ මගුලයි“ කථාව ඇසුරින් කෙරෙන ළමා කතන්දර සැසියක් වැනි සුවිශේෂී ඉසව් රැසක් මෙන්ම මැණිකේ මගේ හිතේ ගීතයෙන් ඉහල ජනප්‍රියත්වයක් හිමිකර ගත් යොහානි ද සිල්වා සහභාගී වන සංගීත සංදර්ශනයක්ද පැවැත්වේ. ජනවාරි මස 03 දින එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය ලෙස නම් කර ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එදිනට එක්ස්පෝ ඩුබායි ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතය.

තේ මණ්ඩලය, ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය හා කොළඹ වරාය නගරය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ  සහය ඇතිව දැනුවත් බව පැතිරවීම හා අනාගත ආයෝජකයින් හමුවීම සඳහා තමතමන්ගේ සැසිවාරයන් සංවිධානය කිරීම ඩුබායි එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය අතර තුර සිදුවේ. ඊට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියද සිය ක්ෂේත්‍රයට අදාල ආයෝජකයින් හා ගෝලීය දැවැන්තයින් සමග සම්බන්ධ වන සැසිවාරයන් සංවිධානය කරමින් සිටී.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් 2021 දෙසැම්බර් මැද සිට 2022 ජනවාරි මුල දක්වා කාලයේද  ශ්‍රී ලංකා මැණික්කරුවන්ගෙ සහභාගීක්වය ඇති විශේෂ ප්‍රවර්ධනයක් සිදු කිරීමට නියමිත වන අතර එහිදී මැණික් දිනා ගැනීමටද නරඹන්නන් හට අවස්ථාව හිමි වනු ඇත ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් සමාජ මාධ්‍ය හරහා කෙරෙන ප්‍රවර්ධනය ඉලක්ක කර ගෙන කරනු ලබන නොමිලේ ගුවන් ටිකට් පත් දිනා ගැනීමේ තරඟයට ඉතා හොඳ ප්‍රතිචාර දැනටමත් ලැබෙන බවද සංචාරක ප්‍රවර්ධන කාර්යංශය කියයි.

ශ්‍රී ලංකා සංචරණය, එක්ස්පෝ 2020 ඩුබායි ප්‍රදර්ශනය ඉදිරි කාලය පුරාවට තවතවත් අලංකාර අංගයක් එක්කරමින් 2022 මාර්තු 31 ප්‍රදර්ශනයේ අවසානය දක්වා අඛණ්ඩවම දැවැන්ත ජනකායක් ආකර්ශනය කර ගැනීමට කටයුතු කරමින් සිටී. ඉතා සීමීත කාලසීමාවකදී දැවැන්ත වගකීමක් ඉටු කරමින්, මූල්‍යමය, සම්පත් හා අනෙකුත් අභියෝගයන් රැසක් මැද අත්පත් කර ගත් මෙම සාර්තකත්වය, සහය දෙන සැමගෙ දායකත්වය ඇතිව තව දුරටත් ඉදිරියට ගෙන යාම සිය අපේක්ෂාව බවද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

 

WhatsApp Image 2021 10 24 at 1.01.39 PM
WhatsApp Image 2021 10 24 at 1.01.48 PM
7d7b60ad 1841 4161 b8ee 463dc353cf22
74edfd9e 54bb 4e47 882a 96f5e0b60525
7d7b60ad 1841 4161 b8ee 463dc353cf22
74edfd9e 54bb 4e47 882a 96f5e0b60525

News - Tourism

Sri Lankan Travel Documentary Wins Top Honor at Global Media Awards 2026 in London, UK

Sri Lanka’s storytelling excellence took centre stage at the Inspire Global Media Awards 2026, held recently in London, United Kingdom with a packed room of media glitterati. The Sri Lankan travel documentary produced by Mark Julian Edwards won the p

Continue Reading

Media Networking session and Roadshow (B2B) & Networking Evening | 05th – 06th April 2026 | Dhaka, Bangladesh

Sri Lanka Tourism Promotion Bureau , (SLTPB ) in coordination with the High commission of Sri Lanka in Bangladesh , organized the first-ever Media Networking Session and Roadshow (B2B) & Networking Evening in Dhaka, Bangladesh, on 05th & 06t

Continue Reading
Exit
District