WhatsApp Image 2020 06 17 at 12.28.36  WhatsApp Image 2020 06 17 at 12.28.38

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් රජය ජනතාවට ලබා දුන් සහන ලබාදීම මූල්‍ය ආයතන මගින් කඩාකප්පල් කරන බවත් එවැනි මූල්‍ය ආයතන වලට එරෙහි ව වහා පියවර ගත යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

රටට, ජනතාවට වැඩක් කරන්න නොදෙන පුද්ගලයන්ව එම තනතුරු වලින් ඉවත් කර හෝ ජනතාවට මෙම සහන ලබා දිය යුතු පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන කටයුතු කරන ආකාරය පිළිබදව ජනතාව ආණ්ඩුවට චෝදනා කරන බව ද කීවේය.

අද (17) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

ජනපතිතුමාගේ වැඩපිළිවෙල ශක්තිමත් කරවන්න පුළුවන් වෙන්නේ මේ මහ මැතිවරණයේ ජනාධිපතිතුමාට වැඩ කළ හැකි ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ සදහා ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් හැදුවොත් ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය අද දෙකඩ කැඩිලා. ඒ අය පහුගිය මැතිවරණයේ දී ගත්ත ඡන්ද 54 ලක්ෂයෙන් ලක්ෂ 10 කට වඩා මෙවර අඩුවෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය පැරදුණු පක්ෂයකට මහ මැතිවරණයේ දී තවත් ඡන්ද අඩුවෙනවා. 2015 මහ මැතිවරණ ප්‍රතිඵල බැලුවාම ඒක පැහැදිලි වෙනවා. අපි 2015 දී 58 ලක්ෂයක් ගත්තත් ඒක 48 ලක්ෂයකට බැස්සා. මෙතන එජාපයේ 53 ලක්ෂය 43 ලක්ෂයකට බහිනවා විතරක් නෙමෙයි ඒක දෙකටත් කැඩෙනවා. ඒ කියන්නේ එජාපයට හෝ එජාපයෙන් කැඩී ගිය ආණ්ඩුව තියා විපක්ෂයවත් බේරගන්න පුළුවන් ද සැක සහිතයි. යු.එන්.පී එකේ දෙකඩ වීමත් සමග ඔවුන්ට රටේ දේශපාලන බලයක් ගොඩ නැගිය නොහැකි බවට ජනතාව තුළ විශ්වාසයක් ගොඩ නැගී අවසන්. අස්ථාවර ආණ්ඩුවක් බිහි වුණොත් රට තව තවත් ආගාධයට යනවා. මේ නිසා එජාප පාක්ෂිකයන්, ජවිපෙ පාක්ෂිකයන් වගේ ම මධ්‍යස්ථාන ඡන්ද දායකයන් මේ පාර ඡන්දය දෙන්නේ ගෝඨාභය මහතාටයි.

අපි ජනතාවට සහතිකයක් දෙනවා අපි කිසිසේත් දූෂිතයන් හා අන්තවාදීන් එකතු වී ආණ්ඩු හදන්නේ නෑ. අපිට එහෙම දූෂිතයන් හෝ අන්තවාදීන් සමග එක් ව ආණ්ඩු සෑදීමට සිදු වන්නේත් නෑ. මොකද මේ රටේ ජනතාව අප ගැන විශ්වාසය තබලා තිබෙන නිසා.

යහපාලන පිළ්ලි තවමත් මේ ආණ්ඩුවේ කකුලෙන් අදිනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්වෙත් ඒකයි. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න. මේ වසංගතයෙන් පස්සේ ජනතාවට සහන සලසන්න අපි කටයුතු කරමින් තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක නොකරන නිළධාරීන් හදන්නේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. ඊට ඉඩ දිය නොහැකියි. සංචාරකයන් රටට එනවා නම් සංචාරක කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. ආණ්ඩුව ඒකට අවශ්‍ය පියවර ගත්තාම මහ බැංකුව ලියුම් ලියනවා මිසක් ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ නෑ. එහෙම මහ බැංකු නිළධාරින් රටකට මොකට ද? රජයේ පෞද්ගලික බැංකු මූල්‍ය ආයතන කොරෝනා වසංගතයෙන් පසු ජනතාවට දුන් සහන කඩාකප්පල් කරන්න කටයුතු කළා. පහුගිය කාලේ සමහර මූල්‍ය ආයතන මේ රටට එන ආයෝජකයන් හූරගෙන කෑවා. හැබැයි උදව්වක් කරන්න කියපුවාම උදව්වක් කරන්නේ නෑ. මේ මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන ක්‍රියා කරන ආකාරය ගැන ජනතාව අපට චෝදනා කරනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ඉතා අවාජ්‍ය ප්‍රකාශයක්. බැංකු හා මූල්‍ය ආයතන වහා ම රජය මගින් නියාමනයකට ලක් කළ යුතුයි. රටට, ජනතාවට වැඩ කරන්න දෙන්නේ නැති පුද්ගලයින් ඉවත් කරලා රටට වැඩක් කරන අය ඒ තැන් වලට පත් කළ යුතුයි.

මහ බැංකු මහ දවාලේ මංකොල්ල කාපු මහ මොළකරුවන්ට අපි දඩුවම් දෙනවා. සමහරු අහනවා ඇයි අපි තවම ඒ අයට විරුද්ධව පියවර නොගන්නේ කියලා. අපි මේ වන විට ඊට අදාළ පරීක්ෂණ විධිමත් කරලා තියෙනවා.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය