WhatsApp Image 2020 06 17 at 12.28.38   WhatsApp Image 2020 06 17 at 12.28.36

අගෝස්තු පළවෙනිදායින් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින් සියලුදෙනා පී.සී.ආර් පරීක්ෂණ 03කට ලක්කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ රට තුළට කොවිඩ් 19 වසංගතය නැවත පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

කටුනායක ගුවන්තොටුපළ විවෘත කිරීම, සංචාරකයන් ගෙන්වා ගැනීමේ ඉදිරි සැලසුම් පිළිබඳ ව අද (17) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ජාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

" කටුනායක ගුවන්තොටුපළ අගෝස්තු 01 වෙනිදා සිට සංචාරකයන් සඳහා විවෘත කිරීමට මේ වනවිට සියල්ල සූදානම්. කිසියම් සංචාරකයෙකු දිවයිනට පැමිණීමට පෙර ඔවුන්ගේ රට තුලදී පී.සී.ආර්.පරීක්ෂාවට ලක්වී වාර්තාව රැගෙන ආ යුතුය. එහෙම ඔවුන්ගේ රටේදී පී.සී.ආර්.පරීක්ෂාවකට ලක්වුවත් අදාල සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණී වහාම ගුවන්තොටුපලේ දී අපි පී.සී.ආර්.පරීක්ෂාවක් කරනවා. වාර්තාව එනතුරු ගුවන්තොටුපළ අසල රඳවාගෙන ඉඳලා වාර්තාව ආවට පස්සේ ඔවුන්ට සංචාරය සඳහා මුදා හරින්නේ. හැබැයි ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හදුනාගත් හෝටල් වලට හෝ නවාතැන්පළ වලට පමණයි. සංචාරය අතරතුර ඔවුන්ට මෙරට රැදී සිටින ස්ථානයේදී තවත් පී.සී.ආර්.පරීක්ෂණ දෙකකට ලක්වන්නට ඔවුන්ට සිදුවෙනවා මේ සංචාරකයන් නිරන්තර සෞඛ්‍ය අංශ අධීක්ෂණයකට ලක්වෙනවා.

අපි තමයි මුලින්ම අගෝස්තු 01 ගුවන්තොටුපල විවෘත කරනවා කියලා. නමුත් අනිත් රටවල් ඔවුන්ගේ ගුවන්තොටුපළ ජූලි 15 සිට විවෘත කරන්න කටයුතු කර තිබෙනවා. අපේ ගුවන්තොටුපල අගොස්තු 03 වෙනිදා විවෘත කරන්නට සිදුවන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ කාලය තුල රටට ගෙන්වා ගැනීමට සිදුවූ නිසයි. ජනාධිපතිතුමන්, අගමැතිතුමන් දැඩි ස්ථාවරයක ඉන්නවා මේ දිනවල දිවයිනට පැමිණිමට අපේක්ෂාවෙන් ඉන්න විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳව. ඒකයි අපි අගෝස්තු 01 වෙනිදාට විවෘත කරන්න තීරණය කළේ.

දේශීය සංචාරකයන් සඳහා ද හෝටල් හා අවන්හල් මේ වනවිට විවෘත වෙමින් තිබෙනවා. අපි මෙතන දී විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව. ඒ නිසා අපි මේ සියල්ල කරන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුවයි. මොකද නැවත මේ රටේ කොරෝනා රැල්ලක් රට තුළ ඇතිවීමට ඉඩදිය නොහැකියි. මේ මොන දේ කරන්නත් අපිට රටේ පවතින තත්ත්වය වැදගත් වෙනවා. නැවත කොරෝනා රැල්ලක් ඇතිවුනොත් නැවතත් මේ සියල්ල වෙනස්විය හැකියි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රානාන්දු මහත්මිය-

ගුවන්තොටුපල විවෘත කරපුවාම ලංකාවට එන්න ඔන්ලයින් වීසා ලබාගැනීම අනිවාර්යයි. ඔන්ලයින් වීසා ගන්නාවිට අපි ඔවුන් මෙරට රැඳී සිටින කාලය ඉන්න අපේක්ෂා කරන ස්ථාන වගේ සියලු තොරතුරු ගන්නවා. ඒ අනුව මේ සංචාරකයන් දිවයිනට පැමිණීමේ සිට ආපසු යාම දක්වා අපි දැඩි අධීක්ෂණයකට ලක්කරනවා.

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා -

දැනට ලෝකයේ රටවල් 115 ක ගුවන්තොටුපල වහලා තියෙන්නේ. රටවල් 57ක් ගුවන්තොටුපල විවෘත කරලා. අප්‍රිකාව වගේ රටවල් තමයි හුඟක් විවෘත කරලා තියෙන්නේ. නමුත් සීයට සීයක් මෙහෙයුම් සිදුවන්නේ නෑ. සෞඛ්‍ය නීතිරීති අනුවයි ඒ වගේ කටයුතු වෙන්නේ. ගුවන්තොටුපල අපි සම්පූර්ණයෙන් වැහුවේ නෑ. එනඒවා විතරයි නතර කලේ. යන ඒවා සිදුවුනා. ඉන්දියාව වගේ රටවල් සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපල වසා දැම්මා. කොහේහරි රටක හිරවෙලා ඉන්න ඒ රට වල අයත් ගෙන්න ගත්තේ නෑ. ඒත් අපි අපේ රටේ අයෙකු කොහේහරි හිරවෙලා හිටියනම් ඒ අයවත් ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කර තිබෙනවා. අදවන විට 10,000ක් විතර  ඇවිත් තියෙනවා.

ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා -

ගුවන්තොටුපලට පැමිණෙන සියලු ගුවන්යානා විෂබීජානුහරණයට ලක්කෙරෙනවා. හැම ගුවන්ගමනකින්ම පසු ගුවන්තොටුපලත් විෂබීජහරණයකට ලක්කෙරෙනවා. සංචාරකයන් නැවත ශ්‍රි ලංකාවට පැමිණිමට පටන්ගත්තාම අපිට කටුනායක ගුවන්තොටුපල පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. ඒ නිසා අපි මත්තල ගුවන් මෙහෙයුම්  ආරම්භ කරන්න අපේක්ෂා කරනවා.

ගුවන්තොටුපලින් මේ වෛරසය දිවයිනට පැමිණිම වළකවාගත නොගතහොත් එය බරපතල ගැටලුවක්. මේ නිසා කොවිඩ් 19 රෝගියෙකුත් නැවත මෙරටට පැමිණීමට ඇති ඉඩකඩ අපි සම්පූර්ණයෙන්ම වසාදමලයි තියෙන්නේ.

සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් එම්.හෙට්ටිආරච්චි මහතා ද එහිදී කතා කලේය.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය