ශ්‍රී ලංකාවේ ජපන් සහයෝගිතා ආයතනය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය යළි ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රයත්නවලට සහාය වීම” පිළිබඳ සම්මන්ත්‍රණයක් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2019 ජූලි මස 11 වන දින සාර්ථකව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණය ආයතනය, ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය හා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරගත චාරිකා මෙහෙයවන්නන්ගේ සංගමයේ   ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ පිරිසක් සහභාගී විය.

මෙම පූර්ණ සැසිවාරය ජපානයේ සංචාරක කාර්යාංශයේ සංචාරක පර්යේෂණ හා උපදේශණ සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි හා සංචාරක අර්බුද කළමනාකරණ අංශ ප්‍රධානි මසාටෝ ටකමට්ෂු මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද අතර සැසිවාරයේදී ලබාගත් දැනුම සහභාගී වූ සියලු දෙනාගේම ඇගයීමට ලක් විය.

IMG 7350

IMG 7356

IMG 7365

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය