2026 ජූනි 4 සිට 7 දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර COEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති 41 වැනි Seoul International Travel Fair (SITF 2026) ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් ගෞරවනීය සම්මාන හතරක් දිනා ගැනීමට සමත් විය.

​මෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා සිදුකළ විශිෂ්ට සේවාව, නායකත්වය සහ දැක්ම අගයමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය රුවන් රණසිංහ මහතා වෙත 2026 SITF Eminent Tourism Pioneer Award සම්මානය පිරිනමන ලදී. ජාත්‍යන්තර සංචාරක ක්ෂේත්‍රයේ අධ්‍යයනමය දායකත්වය සහ කර්මාන්තමය බලපෑම සැලකිල්ලට ගනිමින් SITF Tourism Award Committee විසින් වාර්ෂිකව සිදුකරන දැඩි ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙම සම්මානය පිරිනමනු ලැබේ.

2026 වසරේදී කොරියාවේ ප්‍රමුඛ පුද්ගලයින් තිදෙනෙකු සහ ජාත්‍යන්තර පුද්ගලයින් තිදෙනෙකු පමණක් මෙම සම්මානය සඳහා තෝරාගෙන තිබූ අතර, SITF ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු මෙම ගෞරවයට පාත්‍ර වීම විශේෂත්වයකි. එය ශ්‍රී ලංකාවට ලැබුණු සුවිශේෂී ජාත්‍යන්තර පිළිගැනීමක් ලෙස සැලකේ.

එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) විසින් SITF 2026 හිදී තවත් ජාත්‍යන්තර සම්මාන තුනක් දිනා ගන්නා ලදී.

  • Best Popular Booth Award
  • Best Booth Design Award
  • Best Performance Award

ශ්‍රී ලංකා මණ්ඩපය වෙත පැමිණි දහස් සංඛ්‍යාත නරඹන්නන්ට සත්‍ය ශ්‍රී ලාංකික සංස්කෘතික අත්දැකීම්, අන්තර්ක්‍රියාකාරී ප්‍රදර්ශන සහ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය හඳුන්වා දීම වෙනුවෙන් Best Popular Booth Award සම්මානය හිමිවිය. එමෙන්ම, ඇඹැක්කේ දැව කැටයම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආශ්‍රිත නිර්මාණාත්මක සංකල්පයක් මත සැකසූ මණ්ඩප සැලසුම වෙනුවෙන් Best Booth Design Award සම්මානය හිමි විය. ප්‍රදර්ශනය පුරා ඉදිරිපත් කළ සාම්ප්‍රදායික නර්තන හා වාද්‍ය සංදර්ශන සඳහා Best Performance Award සම්මානය ද හිමි විය.

මෙම සම්මාන 2026 ජූනි 7 වන දින පැවති SITF 2026 අවසන් උත්සවයේදී පිරිනමන ලදී. රටවල් 40කට ආසන්න සංඛ්‍යාවක සංචාරක ආයතන හා ගමනාන්ත සමඟ තරග කරමින් ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණ අත්කර ගැනීම, රටේ ගමනාන්ත අලෙවිකරණය, සංස්කෘතික ඉදිරිපත් කිරීම සහ නරඹන්නන් ආකර්ෂණය කිරීමේ විශිෂ්ටත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ බවට සාක්ෂියකි.

මෙම ජයග්‍රහණ පිළිබඳ අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස වැඩි වැඩියෙන් පිළිගැනීමට ලක්වෙමින් සිටින බවත්, සංචාරක ක්ෂේත්‍රය තුළින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ සමෘද්ධිය වර්ධනය කිරීම සඳහා ඉදිරියටත් කැපවී කටයුතු කරන බවත්ය.

SITF 2026 හිදී හිමි වූ මෙම සම්මාන හතර ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් කරන අතර, ශ්‍රී ලංකාව ආසියාවේ වඩාත් ආකර්ෂණීය සහ විවිධත්වයෙන් පිරි සංචාරක ගමනාන්තයක් ලෙස තහවුරු කරයි.

 

සංචාරක පුවත්

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය