විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිදු කළ නිල සංචාරයේදී එරට පාර්ලිමේන්තු විසින් ඔහුව පිළිගනු ලැබීය.

පසුගියදා අවසන් වූ නවසීලන්ත සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත කණ්ඩායම නවසීලන්ත පාර්ලිමේන්තුව නැරඹීමට එක් වූයේ ය. එහිදී ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ එතුමා සමඟ පාර්ලිමේන්තුව නැරඹීමට එක් වූ කණ්ඩාරයම නවසීලන්ත කතානායකවරයා විසින් පිළිගනු ලැබී ය.

මීට අමතර ඕස්ට්‍රේලියානු සංචාරයේ දී එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සජීවී "ප්‍රශ්න විමසීමේ වේලාව" (Question Time) නැරඹීමට ද අමාත්‍යවරයා එක් වූ අතර, එහි දී ද අමාත්‍ය විජිත හේරත් මහතා ඕස්ට්‍රේලියානු කථානායකවරයාගේ විශේෂ පිළිගැනීමට ලක්විය. පාර්ලිමේන්තු කටයුතු නිරීක්ෂණය කිරීමට අමතරව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක ගරු මිල්ටන් ඩික් (Milton Dick) මහතා හමුවී, දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා පුළුල් කිරීම පිළිබඳව වැදගත් එකඟතාවන් ඇති කර ගන්නා ලදී.

ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර හවුල සමඟ ද සාකච්ඡාවකට එක් වූ අමාත්‍ය විජිත හේරත් මහතා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට, සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීමට සහ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය අගය කිරීමට මෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සභාපතිනී කැසන්ඩ්‍රා ප්‍රනාන්දු (Cassandra Fernando) මන්ත්‍රීතුමිය ලබා දෙන නායකත්වය බෙහෙවින් අගය කිරීමට ද කටයුතු කළේ ය. තවදුරටත් හවුල්කාරිත්වයන් සඳහා ඇති අවස්ථා ගවේෂණය කිරීමට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍ර හවුලට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ආරාධනා කළේ ය.

එමෙන් ම නවසීලන්ත සංචාරයේ දී ඕක්ලන්ඩ් සහ ක්‍රිස්චර්ච් විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන් වන මහාචාර්ය Grant Edwards සහ මහාචාර්ය Frank Bloomfield සමඟ පැවැති සාකච්ඡා හරහා ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා ගැනීමටත්, ඒකාබද්ධ පර්යේෂණ සහයෝගීතාවන් ගොඩනැඟීමටත් එකඟතාවන් ඇතිකර ගැනිණි. මීට අමතරව, නවසීලන්තයේ ක්‍රිස්චර්ච් භූමිකම්පාවෙන් මියගිය 185 දෙනා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කළේ ය.

 

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාව ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත පාර්ලිමේන්තු විසින් පිළිගනී

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාව ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත පාර්ලිමේන්තු විසින් පිළිගනී

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාව ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත පාර්ලිමේන්තු විසින් පිළිගනී

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාව ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත පාර්ලිමේන්තු විසින් පිළිගනී

සංචාරක පුවත්

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Deputy Tourism Minister Prof. Ruwan Ranasinghe Joins as a Main Key Special Guest at 130th Anniversary of World-Renowned Sichuan University

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය