පාසිකුඩා සංචාරක වෙරළ කළාපයේ මුල් සැලැස්ම මාස 03 ක් තුළ යාවත්කාලින කිරිමට උපදෙස්... ප්‍රවර්ධන වැඩසටහනත් කඩිනම් කෙරේ..... හෝටල් ඉදිකර නොමැති භූමි ප්‍ර දේශ යළි පවරා ගැනීමේ තීරණ..... පාසිකුඩා හා ආරුගම්බේ ඉලක්ක කර ගනිමින් අභ්‍යන්තර ගුවන් ගමන් සේවා....

පාසිකුඩා සංචාරක වෙරළ කළාපයේ මුල් සැලැස්ම මාස 03 ක් තුළ යාවත්කාලින කරන ලෙසත්, එහි ප්‍රවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරින්ට උපදෙස් දෙයි. මෙම කළාපයේ හෝටල් ඉදිකිරිම සදහා ලබා දී ඇති බිම් කොටස් මෙතෙක් ඉදිකිරීම් කර නොමැතිනම් එම බිම් කොටස් ආපසු ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා බළධාරින්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

පාසිකුඩා සංචාරක වෙරළ කළාපයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව බළධාරින් හා පාසිකුඩා හෝටල් හිමියන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය. පාසිකුඩා මාලු මාලු  හෝටලයේ දී මෙම පසුගිය 18 වෙනිදා සාකච්ඡාව පැවැත්විණ.

මෙරට සුන්දර වෙරළ තීරයක් වන පාසිකුඩා වෙරළ තීරය සංචාරක වෙරළ කළාපයක් ලෙස සංවර්ධනය කෙරුණේ කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුවයි. වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස සංචාරක විෂයභාරව කටයුතු කරන කාලයේ දි පාසිකුඩා සංචාරක වෙරළ කළාපය සංවර්ධනයට පියවර ගත්තේය. ඉඩම් අක්කර 156 ක් මෙම සංචාරක වෙරළ කළාපය සංවර්ධනය සදහා වෙන් කෙරිණ. ඉන් අක්කර 100 ක හෝටල් 14 ක් ඉදි කිරීමට සැලසුම් කර තිබිණ. මේ වන විට එම වෙරළ තීරයේ හෝටල් 12 ක් ඉදිකර තිබේ. ඉතිරි අක්කර 56 තුළ රථගාලක් හා වෙළද සංකීර්ණයක් ඇතුළු යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද 2015 දී බලයට පත් වු යහපාලන ආණ්ඩුව මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම අතහැර දැමීය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පාසිකුඩා වෙරළ තීරය නිරික්ෂණය කළ අතර ඇතැම් හෝටල් ආශ්‍රිත වෙරළ සංචාරකයන්ට භාවිතා කළ නොහැකි ස්ථාන බවට පත්ව තිබෙන අයුරු ද ඇමතිවරයාගේ නිරික්ෂණයට ලක්විය. වහාම එම වෙරළ තීරය සංචාරකයන්ට භාවිතා කිරිමට හැකිවන පරිදි සකස් කිරිමට පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා බළධාරින්ට උපදෙස් දුන්නේය. පොදු පහසුකම් සදහා වෙන් කර ඇති අක්කර 56 ක භූමි ප්‍ර දේශය කඩිනමින් සංවර්ධනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය.

පාසිකුඩා සංචාරක වෙරළ කළාපය සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ ප්‍රවර්ධන වැඩසටහන්වලට ඇතුළත් නොවිම පිළිබද ව ද මෙහි දි දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඇමතිවරයා උපදෙස්  දුන්නේ ඒ සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. ලබන මාසයේ සිට මෙම ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරන ලෙස උපදෙස් දුන් ඇමතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සකස් කරන සියලුම ප්‍රවර්ධන වැඩසටහන් සදහා පාසිකුඩා සංචාරක වෙරළ කළාපය පිළිබද තොරතුරු ඇතුළත් කරන ලෙස ද උපදෙස් දුන්නේය.

පාසිකුඩා සංචාරක වෙරළ කළාපය සදහා දෙස් විදෙස් සංචාරකයන් පැමිණීමේ දි ඔවුන්ට ප්‍රවාහන දුෂ්කරතා පවතින බවත්, එය සංචාරකයන් පාසිකුඩා සදහා ආකර්ෂණය කර ගැනිමේ දි ගැටළු සහගත තත්ත්වයක් බවත් හෝටල් හිමියෝ පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දැක් වු ඇමති  ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ පාසිකුඩා හා ආරුගම්බේ සංචාරක කළාප ඉලක්ක කර ගනිමින් මඩකළපුව ගුවන්තොටුපළ ආශ්‍රිතව අභ්‍යන්තර ගුවන් ගමන් වැඩිදියුණු කෙරෙමින් පවතින බවයි. කඩිනමින් මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරිමට කටයුතු කරන බව ද ඇමතිවරයා මෙහි දි කියා සිටියේය.

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා ද මෙම අවස්ථාවට එක්විය.

pasikuda

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය