කොවිඩ් වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම සංචාරක ක්‍රීඩා සැණකෙළිය සදහා සහභාගී වන පළමු කණ්ඩායම දිවයිනට පැමිණේ. එ් අනුව ප්‍රංශයේ පැරිස්නුවර සිට අද (14) අලුයම 4.15ට ශ්‍රී ලංකාවට පැමිණි UL 564 දරණ ගුවන්යානයේ ප්‍රංශ ජාතික ක්‍රීඩිකාවන් 253ක් ශ්‍රී ලංකාවට පැමිණියහ. ඒ සීගිරිය ආශ්‍රිතව අනිද්දා (16) සිට පැවැත්වෙන ලෝකයේ විශාලතම කාන්තා ත්‍රාසජනක අභියෝග ලෙස සැලකෙන Raid Amazone තරගාවලියට සහභාගී වීම සදහායි.

මෙම තරගාවලිය සදහා සහභාගී වීමට දිවයිනට පැමිණි ප්‍රංශ ජාතික ක්‍රීඩිකාවන් කටුනායක ගුවන්තොටුපලේදී  පිළිගැනුනු අතර ශ්‍රී ලංකන්, ගුවන්තොටුපල හා ගුවන්සේවා දෙපාර්තමේන්තුවේ හා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ නිළධාරීන් ඊට එක්ව සිටියහ.

ලොව විශාලතම කාන්තා ත්‍රාසජනක අභියෝගය වන  Raid Amazone මෙවර අදියර 2ක් යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ සදහා සහභාගීවන ක්‍රීඩිකාවන් ගණන 600කි. වැඩසටහනේ පළමු අදියර මාර්තු 16 වන දින සිට 22 වන දින දක්වාත් දෙවන අදියර මාර්තු මස 28 වන දින සිට අප්‍රියෙල් 06 වන දින දක්වාත් පැවැත්වීමට නියමිතය. සීගිරිය, කවුඩුල්ල, මැදිරිගිරිය, වෑවල, කන්ඩලම, මහවිල්ගමුව යන ස්ථානවල මෙම තරග ඉසව් සංවිධානය කර තිබේ.

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ Raid Amazone තරග මාලාවේ 20 වැන්නයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම Raid Amazone 2022 තරගයේ ප්‍රධාන ගුවන් සේවා සත්කාරක ලෙස කටයුතු කරයි. සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහයෝගයෙන් එය සංවිධානය කෙරේ.

 

01

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය