කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන විශාලතම සංචාරක වැඩසටහන වන Raid Amazone ත්‍රාසජනක වැඩසටහන ක්‍රීඩික‍ාවන් 600දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වලදී අදියර දෙකක් යටතේ එය පැවැත්වීමට නියමිතයි.පලමු අදියර මාර්තු 14 වන දින සිට 22 දක්වාත් දෙවන අදියර මාර්තු 28 සිට අප්‍රේල් 6 වනදා දක්වාත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

ඊයේ(08) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණේ කවුඩුල්ල මැදිරිගිරිය වෑවල කන්ඩලම සීගිරිය මහවිල්ගමුව ප්‍රදේශ ආශ්‍රිතව මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි. පලමු අදියරයට තරගකාරිනියන් 253ක් සහ කාර්ය මණ්ඩලය 63ක් සහභාගී වේ. දෙවන අදියර සඳහා සහභාගී වන තරඟකාරිනියන් සංඛ්‍යාව 216කි. කාර්ය මණ්ඩලයේ 63ක් ඊට ඇතුලත් වෙති. කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍යවරුන් 06 දෙනෙක් සැපයුම් කාර්ය මණ්ඩලය ගලවාගැනීම් පිහිනුම් ක්‍රීඩකයින් ඡායාරූප සහ වීඩියෝ ශිල්පිහුද ඇතුලත් වෙති.

 Raid Amazone යනු ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා තරඟමාලාවකි. දිවීම ඔරු පැදීම මවුන්ටන් බයිසිකල් පැදීම, සිතියම් සහ මාලිමාවක් ආධාර කර ගිනිමින් රළු මාවතක් හරහා පයින් යෑම, දුන්නෙන් විදිම වැනි ක්‍රීඩා රැසක් ඊට ඇතුලත් වේ. මෙවර තරඟාවලියේ සත්කාරක ගුවන් සේවය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් කටයුතු කරයි. මෙවර තේමා නිරූපකය වන්නේ සීගිරියයි. සීගිරිය බලකොටුවෙහි ආවේණික විශේෂාංග ඉස්මතුකරමින් විශේෂ නිල ඇදුමක් ද මේ සඳහා නිර්මාණය කර තිබේ. තරගාවලිය සදහා සහභාගී වන විදෙස් ක්‍රීඩිකාවන් මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විශේෂ ගුවන් යානයක් අලංකරණය කර ඇත. 

මෙම මාධ්‍ය හමුවට එක් වු සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම සංචාරකයන් සදහා ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට ලෝකයටම දෙන පණිවුඩයක් බවයි. මෙමගින් ඉතා විශාල ගෝලිය ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණිය කර ගැනීමටත්, යුරෝපයෙන් ඔබ්බට යමින් සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමටත් හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළකළේය. මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග  මහතා රට මුහුණ පා සිටින ආර්ථීක අර්බුදයෙන් ගොඩඒමට නම් සංචාරක ව්‍යාපාරය කොවිඩි වසංගතයට පෙර තිබු තත්ත්වයටත් වඩා ඉහළ තත්ත්වයකට ගෙන ආ යුතු බව ද පෙන්වා දුන්නේය.

මෙරට ප්‍රංශ තානාපති එරික් ලැවටු, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ හා ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්වුහ.

FO4A7857000

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය