පෙබරවාරි මාසයේ දි වසර දෙකකට පසුව මසකට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව පෙබරවාරි මසයේ දි වාර්තා වේ. පෙබරවාරි මාසයේ දි මෙරටට පැමිණි සංචාරක සංඛ්‍යාව 96,507 කි.

2020 මාර්තු මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව එය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ වසරේ ජනවාරි මාසයේ දි සංචාරකයන් 82,327 දෙනෙකු පැමිණ තිබේ. පෙබරවාරි මාසයේ දි පැමිණි 96,507 ත් සමග පසුගිය මාස දෙකක කාලය තුළ මෙරට සංචාරකයන් 178,834 දෙනෙකු පැමිණ ඇත. 2021වසරේ දි මෙරටට පැමිණි සංචාරකයන් ගණන 194,495 කි. පෙබරවාරි මාසයේ දින 05 තුළ දෛනික ව මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4000 ඉක්මවිම විශේෂත්වයකි.

මේ වසර තුළ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. එම සංඛ්‍යාව 28,818 කි. ඉන්දියානු සංචාරකයන් 24,495 ක් මෙරටට පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් සංචාරකයන් 18,084 දෙනෙක්, ජර්මනියෙන් සංචාරකයන් 13,119 ක් සහ යුක්රේනයෙන් සංචාරකයන් 13,062 ක් පැමිණ ඇත.

මෙරටට සංචාරකයන් පැමිණිමේ දත්ත සළකා බැලිමේ දි පසුගිය සැප්තැම්බරයේ සිට සංචාරකයන් වැඩිවීමේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙන බව ද ඇමතිවරයා කියයි.  පසුගිය සැප්තැම්බර් මසයේ දි 13,547 ක්, ඔක්තෝම්බර් මාසයේ දි 22,771 ක්, නොවැම්බර් මාසයේ දි 44,294 ක් හා දෙසැම්බර් මාසයේ දි 89,506 ක් ලෙස මෙම පැමිණිම වාර්තා වී ඇතැයි ද ඇමතිවරයා කියයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය