රුසියානු හා යුක්රේන  ගැටුම හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව සිටින  යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවයි. දැනටමත් මේ පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන ‍දෙපාර්මේතන්තුව සමග සාකච්ඡාකරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

සංචාරකයන් සදහා වීසා ලබා දෙන්නේ අවම මාසයක කාලයකට බැවින් මේ වන විට මෙරට රැදී සිටි යුක්රේන ජාතිකයන්ගේ වීසා අවසන් වන කාලයද සැලකිල්ලට ගෙන අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ථා වලට අනුව මේ වන විට යුක්රේන සංචාරකයන් 4000 කට ආසන්න පිරිසක් මෙරට රැදී සිටින අතර මෙරට රැදී සිටින රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 11500 කට ආසන්නය.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය