• සති අන්ත හා නිවාඩු දිනවල වසා දැමුණු සදතැන්න ඇමති ප්‍රසන්නගේ උපදෙසින් යළි විවෘත වේ....
  • සදතැන්න පාරිසරික සංචාරක කළාපය දියුණු කිරීමටත් නව සැලසුම්...

සති අන්ත හා රජයේ නිවාඩු දිනවල වසා දැමුණු නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය යළි විවෘත කෙරේ. එය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරීන්ට උපදෙස් දෙයි.

නුවරඑළිය සදතැන්න පාරිසරික සංචාරක කළාපය සතිඅන්ත හා රජයේ නිවාඩු දිනවල නැවත වීවෘත කිරීම  හා එය සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස තවදුරටත් දියුණු කිරීම සම්බන්ධයෙන් පසුගිය දා (17) පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹීණි. සාකච්ඡාව පැවැත්වුණේ සංචාරක අමාත්‍යාංශයේදීයි.

සදතැන්න පාරිසරික සංචාරක කලාපය 2014 වර්ෂයේ දි වීවෘත කෙරුණ අතර ඉතා ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍ර දේශයකි. කෘෂිකාර්මික දෙපාර්තුමේන්තුවට අයත් නුවරඑළිය සීතා බීජ අර්තාපල් ගොවිපළ ආශ්‍රිතව පිහිටා ඇති මෙම සංචාරක කළාපයේ ප්‍ර වේශ මාර්ගය වැටී ඇත්තේ ද එම ගොවිපළ මැදිණි. මෙම ස්ථානයට පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල හා නමුණුකුළ වැනි ප්‍රධාන කදු පන්ති 09 ක් දක්නට ලැබීම විශේෂත්වයකි. මුහුදු මට්ටමින් අඩි 1600 කටත් වඩා උසින් යුතු මෙම සංචාරක කළාපය හෙක්ටයාර් එකසිය පනස් පහකින් යුක්තය. භූමියේ උඩම කොටස අඩි පන්දහස් තුන්සීයක පමණ උසකින් යුක්ත වන අතර එය හෝර්ටන්තැන්නේ උසට සමානය. මෙම සංචාරක කළාපය තුළ කදුකර පහත්බිම්, කදුකරයට ආවේණික සත්ත්ව හා ශාඛ රැසක් දක්නට හැකිය. වසංගතය නොමැති දිනවල මෙම සංචාරක කළාපයේ දෛනික ආදායම රුපියල් ලක්ෂය ඉක්වමා තිබිණි.

මෙම සදතැන්න පාරිසරික සංචාරක කළාපය පිහිටා ඇති රජයේ බීජ අර්තාපල් ගොවිපළේ සේවකයන්ට අමතර දීමනා ලබා නොදීමේ ගැටළුවක් මත පසුගිය ජනවාරි 27 වන දා සිට මෙම ගොවිපළ සතිඅන්තයේ හා රජයේ නිවාඩු දිනවල වසා දැමිම නිසා දෙස් විදෙස් සංචාරකයන්ට මෙම සංචාරක කළාපයට එම දිනවල පිවිසිමට නොහැකි විය.  මේ තත්ත්වය වාර්තා විමෙන් පසු සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊට අදාළ සියලු පාර්ශවයන් කැදවා ගැටළුව විසදීමට කටයුතු කලේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි බළධාරින්ට කියා සිටියේ කොවිඩ් වසංගතයෙන් පසු සංචාරකයන් යළි රටට පැමිණෙමින් පවතින මේ අවස්ථාවේ දි සංචාරක කළාප වසා දැමීමට කිසිසේත් එකග විය නොහැකි බවයි. රජය තව තවත් ආකර්ෂණීය සංචාරක ගමනාන්ත හදුනාගනිමින් ඒවා දියුණු කිරිමට සැලසුම් කරද්දි පවතින සංචාරක කළාප වෙනත් ගැටළු මත වසා දැමීමට ඉඩ දිය නොහැකි බව ද ඔහු කීවේය. මෙම සදතැන්න පාරිසරක සංචාරක කළාපය දියුණු කිරිම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය රුපියල් බිලියන 17.2 ක ආයෝජනයක් සිදු කර ඇති බව පෙන්වා දුන් ඇමතිවරයා එය නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසිම සියලු පාර්ශවයන්ගේ වගකිම බව ද පෙන්වා දුන්නේය. කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මෙහි දී ඇමතිවරයාට කියා සිටියේ මේ සේවකයන්ට අතිරේක දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

සදතැන්න සංචාරක කළාපයේ ජීප් රථ රියදුරන්ගේ සංගමය ඉදිරිපත් කල ගැටළු කීපයකට ද කඩිනමින් විසදුම් ලබාදීමට ඇමතිවරයා කටයුතු කළේය. මෙම කළාපයට පිවිසෙන කිලෝමිටර් 04 ක මාර්ගය කඩිනමින් කාපට් කර ප්‍රතිසංස්කරණය කර දීම, එම කළාපය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා කඩිනම් පියවර ගැනීමට ද මෙහි දී තීරණය කෙරිණි. එම ස්ථානය දියුණු කිරීමේ දි එම ස්ථානයේ පාරිසරික තත්ත්වයට ගැළපෙන පරිදි කටයුතු කරන ලෙස ද ඇමතිවරයා මෙහිදි බළධාරින්ට උපදෙස් දුන්නේය. සංචාරක කළාපය උදෑසන 06 ට විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා මෙහි දී බළධාරින්ට උපදෙස් දුන්නේය. 

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය අජන්ත ද සිල්වා, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, සදතැන්න සංචාරක කළාපයේ සෆාරි රියදුරු සංගමයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

sandathenna

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය