• මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා අවශ්‍ය සියලුම පිවර ගන්නැයි සංචාරක ඇමතිවරයාගෙන් බළධාරීන්ට උපදෙස්.
  • සංචාරකයන්ගේ කොවිඩ් රක්ෂණ ආවරණය ඇමරිකානු ඩොලර් 7,500 දක්වා ඉහළ දමයි.
  • පෙබරවාරි මාසයේ මුල් දින 04 තුළ සංචාරකයෝ 11,535 ක් ශ්‍රී ලංකාවට එති.

මෙරටට පැමිනෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා අවශ්‍ය සියලුම  පියවර ගන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි. දැනටමත් මේ සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙලට අමතරව සංචාරක කලාප හා සංචාරකයන් ගමන් කරන පොදු ප්‍රවාහන සේවා වලට අදාල රාජ්‍ය ආයතන හා ඒකාබද්ධ වැඩසටහන් වහා ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා සංචාරක සංවර්ධන අධිකාරියට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මේ වන විට සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක  පොලීසිය වෙනම පොලිස් ඒකකයක් ලෙස ස්ථාපිත කිරිමටද පියවර ගෙන ඇත. ගල්කිස්ස, උණවටුණ සංචාරක පොලිස් ස්ථාන අළුතින්  ඉදිකිරීම් ආරම්භ කර තිබේ.මේ අනුව මිරිස්ස සංචාරක පොලිසිය සිථාපිත කිරීමට කටයුතු කෙරුනු  අතර ඒ සදහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 5.3 කි.  ඉදිරියේදී දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති සියළුම  සංචාරක කලාප ආශ්‍රිතව වෙනම සංචාරක පොලිස් ඒකක පිහිටු වීමට සැලසුම් කර ඇති බව පැවසූ රණතුංග මහතා මෙරටට පැමිණෙන සියළුම සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඊට අදාල සියළුම පාර්ශවයන්ගේ වගකිමක් බවද කීවේය.

මේ වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණිම යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. පෙබරවාරි මාසයේ මුල් දින 04 තුල මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 11535 කි. එම දින 04 දී වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමින ඇත්තේ පෙබරවාරි මස 02 වන දින වන අතර එම සංඛ්‍යාව 3335 කි. කොරෝනා වසංගතයත් සමග පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 1,94,495 දෙනෙකු පැමිණි අතර පසුගිය මාසයේදී සංචාරකයන් 82,327 දෙනෙක් පැමිණියහ.

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන් කොවිඩ් රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර එහි රක්ෂණ ආවරණය ඇමරිකානු ඩොලර් 7500 දක්වා ඉහළ දමා ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මීට පෙර එම රක්ෂණ ආවරණය  වූයේ ඇමරිකානු ඩොලර් 5000 කි. එහෙත් ඒ සදහා අය කරනු ලබන මුදලේ වෙනසක් සිදු කර නොමැත. අය කරනු ලබන්නේ ඇමරිකානු ඩොලර් 12 ක මුදලක් පමණි. මෙම රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභද වැඩි කිරීමට කටයුතු කර ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය