• ජාතික මල්වගා සංවර්ධන වැඩසටහන ඇරඹෙයි....
  • දිවයින පුරා මල් වගාකරුවන්ට සහන.....

ජාතික මල්වගා සංවර්ධන වැඩසටහනක් ඇරඹෙයි. සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව එය ක්‍රියාත්මක කරයි. මල්වගා ක්ෂේත්‍රය තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලිම ව්‍යාපෘතියේ අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මල්වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම, උසස් තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය, වගා කටයුතු සදහා අවශ්‍ය උසස් තත්ත්වයේ ආනයනය කළ මව්පැළ සැපයීම, මල් වගාකරුවන්ට වෙළදපළ සබදතා ඇති කර දිම, පැළ තවාන්වල යටිතල පහසුකම් සංවර්ධනය සදහා අවශ්‍ය සෙවණදැල් ලබාදීම, පුහුණු වැඩසටහන් හා සම්මන්ත්‍රණ හා වැඩමුලු පැවැත්වීම, මල් ප්‍රදර්ශන පැවැත්වීම සදහා අවශ්‍ය සහාය හා අලෙවිය සදහා කුටි සකස් කර ගැනීමට අවශ්‍ය කැනපි කූඩාරම් ලබාදීම මේ යටත් සිදු කෙරේ.

මේ වන විට දිවයින පුරා සුවහස් මල් සමිති 200 ක් පමඛ පිහිටුවා තිබේ. එම මල් සමිති වටා සංවිධානය වී ඇති මල්වගාකරුවන් ගණන 8000කි. ඉදිරියේ දි ග්‍රාමීය මට්ටමින් සුවහස් මල් සමිති පිහිටුවීම ව්‍යාප්ත තිරිමට අපේක්ෂා කරන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ලෝක මල්වගා වෙළදපල තුළ ශ්‍රී ලංකාවේ දායකත්වය 1%ක් පමණ වේ. මෙරට මල් වගා ආශ්‍රිත අපනයන වලින් 60%ක් බටහිර රටවලටත් ඉතිරිය ජපානය, මැදපෙරදිග හා කොරියාව වැනි රටවලත් සිදු කෙරේ. මල් අපනයනයෙන් 2019 වසරේ දි ඇමෙරිකානු ඩොලර් මිලියන 16.27 ක ආදායමක් උපයා ඇති අතර 2020 වසරේ දි ඇමෙරිකානු ඩොලර් මිලියන 11.31ක් හා 2021 වසරේ දි ඇමෙරිකානු ඩොලර් මිලියන 15.09ක් උපයා තිබේ. මෙරට මහා පරිමාණ අපනයන සමාගම් 45 ඇතුළු ලියාපදිංචි අපනයනකරුවන් 120 ක් මල් අපනයනයේ යෙදි සිටිති. මල් වගාවේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන් සංඛ්‍යාව 10,000 ක් පමණ වන අතර වක්‍ර ප්‍රතිලාභීන් සංඛ්‍යාව 100,000 ඉක්මවයි. මෙම මල් අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීම සදහා කෙටිකාලින, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට රජය කටයුතු යොදා ඇතැයි ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය