රටවල් 03  ක් සමග කඩිනමින් සංචාරක සහයෝගිතා ඒකාබද්ධ ගිවිසුම් වලට එළඹීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. බංගලාදේශය, කාම්බෝජය හා දකුණු අප්‍රිකාව එම රටවල් තුනයි.

බංගලාදේශය සමග මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සදහ යෝජනාව ඉදිරිපත් කෙරුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බංගලාදේශයේ නිළ රාජ්‍ය සංචාරයක යෙදුණු වකවානුවේයි. ඒ අනුව සංචාරක ක්ෂේත්‍ර යේ සහයෝගිතාව පිළිබද ව ඒකාබද්ධ ආයෝජන සහ අලෙවිකරණ ක්‍රිියාකාරකම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අදාළ ගිවිසුම කෙටුම්පත් කර තිබේ. කාම්බෝජය රජය විසින් කරන ලද යෝජනාවකට අනුව දෙරට අතර සංචාරක ක්ෂේත්‍රය සහයෝගතා පිළිබද අවබෝධතා ගිවිසුම අත්සන් කරන අතර ඒ සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ. දකුණු අප්‍රිකානු රජය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාවකට අනුව දෙරට අතර සංචාරක අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිමට ද සැලසුම් කර ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

ඊට අමතරව මෙරට සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සදහා හදුනා ගත් රටවල් ගණනාවක් සමග ඉදිරියයේ දි අවබෝධතා ගිවිස්මු වලට එළඹීම සදහා රජය කටයුතු කරමින් සිටින බව පෙන්වාදෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන් රටවල් සමග මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බව ද කියා සිටි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය