නව වසරේ ගෙවුණු මුල් දින හතරේ පමණක් සංචාරකයින් 11,380ක් මෙරටට පැමිණ ඇති අතර එය සංචාරක කර්මාන්තය නැංවිම සඳහා ගෙනයන වැඩපිළිවෙළේ සාර්ථකත්වය පෙන්නුම්කරන්නක් යැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එරටින් සංචාරකයින් 2032ක් පැමිණ ඇත.  ඉන්දියානු සංචාරකයින් 1809ක්, යුක්රේන් සංචාරකයින් 1041ක්, ජර්මන් සංචාරකයින් 775ක්, එංගලන්ත සංචාරකයින් 709ක්, කසකස්තාන් සංචාරකයින් 506ක්, මාලදිවයින් සංචාරකිය්න 506ක්, ඕස්ට්‍රේලියානු සංචාරකයින් 420ක්, ප්‍රංශ සංචාරකයින් 414ක් හා පෝලන්ත සංචාරකයින් 282ක් ජනවාරි මාසයේ මුල් දින හතරේ මෙරටට පැමිණ තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වඩා දැමුණු රට නැවත සංචාරකයින්ට විවෘත කිරීමෙන් පසුව 2021 වසරේ සංචාරකයින් 194888ක් මෙරටට පැමිණ ඇත. ජනවාරි මාසයේ 1682ක්, පෙබරවාරි මාසයේ 3305ක්, මාර්තු මාසයේ 4561ක්, අප්‍රේල් මාසයේ  4161ක්, මැයි මාසයේ 1497ක්, ජුනි මාසයේ 1614ක්, ජුලි මාසයේ 2429ක්, අගෝස්තු මාසයේ 5040ක්, සැප්තැම්බර්  මාසයේ 13547ක්, ඔක්තෝම්බර් මාසයේ 22771ක්, නොවැම්බර් මාසයේ 44297ක් හා දෙසැම්බර් මාසයේ 89506ක් ලෙස සංචාරකයින් පැමිනීම වර්ධනය වී ඇත.

ඉකුත් 2021 වසරේ ජනවාරි මාසය තුල මෙරටට පැමිණ ඇත්තේ ‍සංචාරකයින් 1682ක් පමණක් යැයි පෙන්වා දෙන ඇමැතිවරයා සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා දායකත්වය දක්වන සියලුදෙනා මෙම සාර්ථකත්වයේ කොටස්කරුවන් බවද සඳහන් කළේය.

මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගය වූ සංචාරක කර්මාන්තයේ බිද වැටිම හේතුවෙන් ඇතිව තිබෙන ආර්ථක අර්බුදය විසදීම සදහා ‍සංචාරක ක්ෂේත්‍රය පැවැති තත්ත්වයටත් වඩා හොද තත්ත්වයකට වර්ධනය කළ යුතු බවද සදහන් කරන අමාත්‍යවරයා ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරිම හා නියමිත පරිදි එන්නත් මාත්‍රා ලබා ගැනිම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ යුතුකමක් බවද කීවේය.

පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අභූත චෝදනා නගන පිරිස් රටේ පිඹිදෙන ආර්ථකය සම්බන්ධයෙන් ‍වූ සැබෑ තොරතුරු හිතාමතාම ජනතාවගෙන් වසන් කළත්,  නව වසර සංචාරක කර්මාන්තයට හොඳම වසර බවට පත්කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය