ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය සදහා සංචාරක ගුවන් සේවා සහ ශ්‍රී ලංකන් යන ආයතන ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ඇරඹේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මකයි.

ඊට අදාළ මුලික සාකච්ඡාව ඊයේ (21) සංචාරක අමාත්‍ය කාර්යාලයේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල ප්‍රධානීහු ඊට සහභාගී වුහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කියා සිටියේ සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට නම් ඒ සදහා පිහිටුවා ඇති ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු බවයි. දැනට ක්‍රියාත්මක ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට අමතරව මෙය ක්‍රියාත්මක විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. මේ වන විටත් සංචාරක සංවර්ධන අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී  ලංකන් ගුවන් සේවය යන ආයතන වෙන් වෙන් වශයෙන් සිය ප්‍රවර්ධන කටයුතු  සිදු කරනු ලබයි. නව ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ඊට අමතරවයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර  විදෙස් රටවල පැවැත්වෙන සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර වලට අදාළ ජාත්‍යන්තර සමුළුව සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන වල දී මෙම ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට තීරණය කෙරිණි.

සංචාරකයන් වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීම අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. පස් අවුරුදු ප්‍රවර්ධන ගෝලිය සංවර්ධන වැඩසටහනට අනුව මෙය ප්‍රකාශයට පත් කෙරිණි. ඒ වෙනුවෙන් විශේෂ ලේකම් කාර්යාලයක් ද පිහිටුවා ඇති අතර හදුනා ගත් රටවල මෙම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පෙන්වා දුන්නේ එම ප්‍රවර්ධන වැඩසටහන් වලට අමතරව අදාළ ආයතන වල ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවයි.

මේ අතර 2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් 152,109 මෙරටට පැමිණ ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. දෙසැම්බර් මාසයේ ගෙවී ගිය දින 20 ක කාලයක පමණක් මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 47,120 කි. ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් මගින් ලබන වසර තුළ සංචාරකයන්ගේ පැමිණිම ඉහළ නැංවිය හැකි බව ද ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණි කිමාලි ප්‍රනාන්දු ඇතුළු නිළධාරිහු රැසක් සහභාගී වුහ.

efcc668f 3ba4 4113 93f3 1683c54ee649

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය