සංචාරක ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට තීරණය කෙරේ. ඉදිරි මාසයක කාලය තුළ එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. අදාළ අවබෝධතා ගිවිසුම දැනටමත් කෙටුම්පත් කර තිබේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග හා ශ්‍රී ලංකාවේ ජෝර්ජියා තානාපති ARCHIL DZULIASHVILL යන මහත්වරු අතර අද (16) පැවති සාකච්ඡාවක දී මෙම තිරණයට එළඹීණ. සාකච්චාව පැවැත්වුණේ ලෝක වෙලද මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයේ දීයි.

ජෝර්ජියානු සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා පුර්ණ සහාය පළ කරන බව ද තානාපතිවරයා මෙහි දී කීවේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා තානාපතිවරයාට යෝජනා කලේ ජෝර්ජියාව, කසකස්ථානය හා අසර්බයිජානය යන රටවල ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමටයි. එම රටවල් තුනේ මාධ්‍ය වේදීන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සහ සංචාරක ඒජන්තයින් සමග සාකච්ඡා වටයක් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා මෙහි දී කිවේය. ජෝර්ජියානු තානාපතිවරයා ඊට සිට එකගත්වය පළ කළේය. ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන පිළිබද ව සිය ප්‍රසාදය පළ කළ ජෝර්ජියානු තානාපතිවරයා ඉදිරයේ දි ජෝර්ජියාව තුළ ශ්‍රි ලංකාව ප්‍රචලිත කිරිම සදහා විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද එකගත්වය පළ කළේය.

මෙම සාකච්ඡාව සදහා ජෝර්ජියානු තානාපතිවරයා සමග ජ්‍යෙෂෟඨ උපදේශක LASHA JAPARIDZE සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.

thumbnail

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය