සංචාරක ගමනාන්ත 09 ක් තිරසාර සංචාරක ගමනාන්ත ලෙස කඩිනමින් සංවර්ධනය කෙරේ. දිවයිනේ පළාත් 09 ම ආවරණය වන පරිදි මෙම සංචාරක ගමනාන්ත  තෝරාගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මූල්‍ය ව්‍යාපෘතියේ සහාය ඇතුව මෙය ක්‍රියාත්මකයි.

සීගිරිය තිරසාර ගමනාන්තය, පිළිකුත්තුව දේශීය උරුම ගමනාන්තය, වනාතවිල්ලුව ගංගේවාඩිය ගමනාන්තය, එල්ලාවල ඇල්ල ස්වභාවික ගමනාන්තය, වවුල්පනේ හුණුගල් ගුහාව ගමනාන්තය, ඩෙල්ෆ් දූපත, මධුනාගල උණුදිය උල්පත්, පානම ප්‍රජා ගම්මාන සහ මිහින්තලේ මෙම ගමනාන්ත 09 යි. මේ අතර සීගිරිය හා යාල ජාතික වනෝද්‍යානය ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි තිරසර සංචාරක ගමනාන්ත ලෙස ප්‍රවර්ධනය කිරිම දැනටමත් ආරම්භ කර තිබේ.

තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරාලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වැඩපිළිවෙලකි. ඒ අනුව මෙම තිරසර ගමනාන්ත සංවර්ධනය ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා සදහන් කරයි. මේ වන විටත් මෙම තිරසර ගමනාන්ත සංවර්ධනය සදහා අදාළ පළාත් සංචාරක බළධාරින් වෙත වගකිම පවරා තිබේ. දැනටමත් ඔවුන් මේ සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බව ඇමතිවරයා සදහන් කරයි.

කොවිඩ් වසංගතයත් සමග පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් සංචාරකයන් තුළ වැඩි ආකර්ෂණයක් ඇති වී ඇති බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා  ඒ අනුව මෙරට පරිසරය ආශ්‍රිත ආකර්ෂණිය ගමනාන්තයන් වලට වැඩි සංචාරක පිරිසක් ගෙන්වා ගැනීම සදහා අනුගමනය කළ යුතු උපාය මාර්ග සම්බන්ධයෙන් ද රජයේ විශේෂ අවධානයක් යොමු ව ඇතැයි ද කීවේය. සංචාරක ආයෝජන සදහා අනුමැතිය ලබාදීමේ දි ඒ පිළිබද ව වැඩි අවධානයක් යොමු කෙරේ.  ඒ අනුව ඉදිරියේ දී ඉදිරිපත් කරනු ලබන සංචාරක ව්‍යාපෘති වලට අදාළ යෝජනා තිරසර මාර්ගෝපදේශයන්ට අනුව අනුමැතිය සදහා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යය වේ. ඒ සදහා සහාය දැක්වීම සදහා ඉදිරියේ දී තිරසර සංචාරක ප්‍රවර්ධන හා සංවර්ධනය උදෙසා වන අභ්‍යන්තර ඒකකයක් ද සංචාරක සංවර්ධන අධිකාරිය තුළ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading
Exit
දිස්ත්‍රික්කය