සංචාරක හෝටල්, අවන්හල් හා වාසස්ථාන වලින් පළාත් පාලන ආයතන අයකරනු ලබන බදු මුදල් සංශෝධනයට හා විදුලි බිල්පත් සහනය තවදුරටත් ලබාදීම සදහා විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරන බව  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන බදු මුදල් සංශෝධන කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා සමග ඒකාබද්ධව ඉදිරිපත් කරන බවයි. විදුලි බිල් පත් සහනය ලබාදීම සදහා වන කැබිනට් පත්‍රිකාව ද මේ වන විටත් කෙටුම්පත් කර ඇතැයි ද ඔහු කියා සිටි.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටලයක්, ආපනශාලාවක් හෝ නවාතැන්පොළකින් පූර්ව වර්ශයේ සම්පූර්ණ පිරිවැටුමෙන් 1%ක උපරිමයකට යටත්ව බලපත්‍ර ගාස්තුවක් අයකිරිමට පළාත් පාලන ආයතනවලට බලය පැවරී තිබේ. මේ නිසා වාර්ෂිකව සිය ආදායමෙන් සැලකිය යුතු මුදලක් පළාත් පාලන ආයතනවලට ගෙවීමට එම ආයතනවලට සිදුවේ. මීට අමතරව අදාළ ආයතන මගින් අනෙකුත් බදු හා කසළ එකතු කිරීමේ බදු මුදල් ද පළාත් පාලන ආයතනවලට ගෙවනු ලබන අතර මේ තත්ත්වය ද සැලකිල්ලට ගනිමින් එම බදු මුදල සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මීට අමතරව ලංකා විදුලිබල මණ්ඩලය මගින් සංචාරක හෝටල්, ආපනශාලා, වාසස්ථාන වෙත ලබා දි ඇති විදුලිබිල්පත් සහනය තවදුරටත් දීර්ඝ කිරිම සම්බන්ධයෙන් ද කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට කටයුතු  යොදා තිබේ. ඒ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට 2021 පෙබරවාරි 28 දින දක්වා ලබා දී තිබු විදුලි බිල් සහනය මේ වසර අවසන් වනතුරු දීර්ඝ කිරීමටත්, වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවල දී හෝටල් කර්මාන්තයේ විදුලි ඒකකයක මිල අනෙකුත් කර්මාන්ත හා සමාන වන පරිදි සැකසීමටත් යෝජනා කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, ආපනශාලා හා වාසස්ථාන සදහා 2020 මාර්තු මාසයේ සිට 2021 දෙසැම්බර් මස 31 වන දින දක්වා දැනට ගෙවීම් කර නොමැති සියලු හිග සමුච්චිත විදුලි බිල්පත් ලබන වසරේ 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 36 කින් ගෙවිමේ සහනය ලබාදිමට යෝජනා කරන අතර එම කාලය අවසන් වනතුරු විදුලිය විසන්ධි නොකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

අදාළ කැබිනට් පත්‍රිකා දෙක ඉතා ඉක්මණින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. මෙම කැබිනට් පත්‍රිකා දෙක ඉදිරිපත් කරන්නේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුුතු වුවන් කරනු ලැබු ඉල්ලිම් සැලකිල්ලට ගනිමිනි. මේ වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම තුල එම ක්ෂේත්‍ර යේ නියුතු වුවන් මුහුණ දෙන ගැටළු ඉදිරියේ දි නිරාකරණය වනු ඇතැයි විශ්වාස කෙරේ.  මේ වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් 05 වෙනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 115,190 කි. දෙසැම්බර් 01 වෙනිදා සිට 05 වෙනිදා දක්වා මුල් දින 05 තුළ පමණක් සංචාරකයන් 10,201 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, කසකස්ථානය, ඇමෙරිකාව, ප්‍රංශය, මාලදිවයින හා ස්පාඤ්ඤය වැනි රටවලින් මෙම සංචාරකයන් පැමිණ ඇති බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටි.

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය