• ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට විදේශ කටයුතු අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය එක්ව නව වැඩපිළිවෙලක් 
  • ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගෙන් මසක් ඇතුලත ක්‍රියාකාරී සැලැස්මක් ඉල්ලයි 
  • විදේශ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල සංචාරක ප්‍රවර්ධනයට නිලධාරියෙක් පත් කිරීමටත් පියවර

ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් සැකසෙයි. විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම වැඩසටහනේ අරමුණයි.

මීට අදාල විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍ය තාරකා බාලසූරිය හා විදේශ කටයුතු,සංචාරක යන අමාත්‍යංශ ඉහලපෙලේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැති මෙම සාකච්ඡාවට සියලුම විදේශ රටවල ශ්‍රී ලංකා තානාපතිවරු zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

මෙම සාකච්ඡාවේදී ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට මේ මාසය තුල තමන් නියෝජනය කරන රටට ආවේණික පරිදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට විදේශ කටයුතු ඇමති මහචාර්ය ජී.එල්.පීරිස් මහතා උපදෙස් දුන්නේය. එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට  සහ එම රටවල ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒ ඒ තානාපති කාර්යාල වල සේවයේ නියුතු නිලධාරියෙකු නම් කිරීමට ද තීරණය කෙරිණ. ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය සඳහා මෙරට සංචාරක අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය සමග සම්බන්ධීකරණය ද එම නිලධාරියාට පැවරේ.

විදෙස් රටවල ශ්‍රී ලංකාව තානාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සැකසෙන මෙම ප්‍රවර්ධන ක්‍රියාකාරී සැලැස්ම පිලිබඳ ජනවාරි මාසයේදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා දිනවකවානු යොදා ගැනීමට ද මෙහිදී තීරණය කෙරිණ.

මෙම ප්‍රවර්ධන වැරඩසටහනේදී ශ්‍රී ලංකාවේ විවිධ අංශ ප්‍රවර්ධනය වෙනුවට “ශ්‍රී ලංකාව” ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය. විදේශ කටයුතු ඇමති මහචාර්ය ජී.එල් පීරිස් මහතා ද කීවේ “ශ්‍රී ලංකාව” රටක් ලෙස විදෙස් රටවල ප්‍රවර්ධනය කලයුතු බවයි. මෙම ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනේදී ඒ පිලිබඳ ප්‍රමුඛ අවධානය යොමුකිරීමට අමාත්‍යවරු තීරණය කලහ.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දීපා සන්නසූරිය,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකරණ අධ්‍යක්ෂ පද්මා වනිගසේකර යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

WhatsApp Image 2021 12 02 at 10.34.18 1

සංචාරක පුවත්

Shaping Tomorrow's Tourism Pioneers- SLCB Drives MICE Excellence at Rajarata University

The Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism and Hospitality of Rajarata University of Sri Lanka, successfully conducted a specialized MICE Training Programme on 19 August 2026 at Rajarata University.

Continue Reading

Bridging Academia and Industry -SLCB hosts MICE Tourism Workshop at Sabaragamuwa University

On 11 August 2026, the Sri Lanka Convention Bureau (SLCB), in collaboration with the Department of Tourism Management of the Sabaragamuwa University, successfully conducted a specialized MICE Training Programme at Sabaragamuwa University of Sri Lanka

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය