කොව්ඩ් වසංගතය තත්ත්වය යටතේ වුවද ශ්‍රී ලංකා රජය අඛණ්ඩව රටේ සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාම පිළිබඳව ජපානය සිය ප්‍රසාදය පල කරයි. ශ්‍රී ලංකාවේ ජපාන නව තානාපති Mizukoshi Hideaki මහතා පවසන්නේ ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට නියමිත මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලට ජපානය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බවයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සමඟ  පසුගියදා (22) පැවති විශේෂ සාකච්ඡාවකදී ජපන් නව තානාපතිවරයා මේ බව සඳහන් කලේය. හමුව සංචාරක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

ජපන් රජයේ සහයෙන් කටුනායක ගුවන් තොටුපලේ ක්‍රියාත්මක කටුනායක ගුවන්තොටුපල පුලුල් කිරීමේ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සිය ප්‍රසාදය පල කල ජපාන තානාපතිවරයා කොවිඩ් වසංගත තත්ත්වය බාධාවක් කර නොගනිමින් එය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද සිය ප්‍රසාදය පල කලේය. ශ්‍රී ලංකාව හා ජපානය අතර සංචාරක හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ඒකාබද්ධ වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටද එකඟත්වය පල කල ජපන් නව තානාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ආයෝජනයට ජපන් ආයෝජකයන් වැඩි කැමැත්තක් දක්වන බවයි.

ජපන් සංචාරකයන් හා ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත් ඒ සඳහා ජපානය තුල විශේෂ ප්‍රවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

මෙරට කොවිඩ් එන්නත්කරන වැඩපිලිවෙල සම්බන්ධයෙන් තානාපතිවරයාට කරුණු පැහැදිලි කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම මත මේ වන විට රටේ ජනතාවගෙන් 90% ක් පමණ කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇති බවයි. මේ නිසා ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට හෝ ආයෝජනයට බිය විය යුතු නැතැයි ද ඔහු කීවේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Katsuki Kataro, පලමු ලේකම් හා ආර්ථික අංශ ප්‍රධානි Hoshiai Chibaru, දෙවන ලේකම් Muraleami Takashi, ගුවන්තොටුපල හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, සංචාරක අමාත්‍යංශ අතිරේක ලේකම් දීපා සන්නසූරිය, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රමික මේජර් ජෙනරාල්  ජී.ඒ. චන්ද්‍රසිරි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

a487e5de 92b9 4c10 adac 7b01e0f9fd02

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

Sri Lanka Recognized Among World’s Best Travel Destinations for 2026

Sri Lanka has continually proven its potential as a top travel destination, maintaining a strong global image despite challenges such as the Easter attacks, the COVID-19 pandemic, the economic crisis, and the recent Ditwah disaster. Demonstrating res

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය