• මාසය අවසන් විමට පෙර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර යේ නියුතු වුවන්ට කොවිඩ් බුස්ටර් එන්නත....
  • ප්‍රංශ ගුවන් සේවය හා සංචාරක සංවර්ධන අධිකාරිය අතර ඒකාබද්ධ ප්‍රචාරක වැඩපිළිවෙලක්...
  • ප්‍රංශය හා ශ්‍රි ලංකාව අතර සෘජු ගුවන් ගමන් වාර වැඩි කිරිමට ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අවධානය...

මේ මාසය අවසන් වීමට පෙර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ එවිට ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා කොවිඩ් සුරක්ෂිත රටක් බවට පවතින බවයි.

ප්‍රංශයේ පැරිස් නුවර ෂැංග්‍රිලා හෝටලයේ දි 09 වැනිදා පැවති ප්‍රංශ සංචාරක නියෝජිතායතන හා මාධ්‍ය වේදීන් අතර පැවති හමුවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. එළඹෙන ශීත සමයේ දි ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් මෙම හමුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සංවිධානය කර තිබිණි. ඒ සදහා ප්‍රංශ සංචාරක නියෝජිත ආයතන හා මාධ්‍ය වේදීන් 100කට ආසන්න පිරිසක් සහභාගී වුහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයෙන් ඉදිරියෙන්ම සිටින බවයි. නොවැම්බර් 08 වෙනිදා වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් කොවිඩ් එන්නත් එකක් හෝ ලබාගෙන ඇති ප්‍රතිශතය 71%කි. සමස්ථ ජනගහණයෙන් 63%ක් මේ වන විට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි ද ඇමතිවරයා මෙහි දි කීවේය.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ශ්‍රි ලංකන් ගුවන් සමාගම හා ප්‍රංශ ගුවන් සේවය සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමත් දෙරට අතර සංචාරක ව්‍යාපාරය දියුණු වීමට රුකුලක් බව පැවසු ඇමතිවරයා මෙම ගුවන් සේවා හදුන්වා දීමත් සමග ප්‍රංශ සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ ප්‍රවණාතාවයක් දක්නට ඇතැයි ද කීවේය. ඒ අනුව එළඹෙන ශීත සමයේ දි ප්‍රංශ සංචාරකයන් වැඩිවශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා සංචාරක සංවර්ධන අධිකාරිය හා ප්‍රංශ ගුවන් සේවය අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට අපෙක්ෂා කෙරේ. ප්‍රංශය ගුවන් සේවය පසුගිය 05 වෙනිදා සිට ශ්‍රී ලංකාවට හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළ අතර සතියකට ගුවන් ගමන් වාර 03 ක් ක්‍රියාත්මක කරයි. ඒ අගහරුවාදා, සිකුරාදා හා ඉරිදායි. ඉදිරියේ දි එළඹෙන ගිම්හාන සෘතුවේ දි මෙම සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ ගුවන් සේවය සමග සාකච්ඡා කරමින් සිටන බව ඇමතිවරයා කීවේය.

පසුගිය ඔක්තෝම්බර් 30 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද වසර 06කට පසු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළේය. ඔවුන් ද සතියකට ගුවන් ගමන් වාර 03 ක් සිදු කරනු ලබයි. ඒ බදාදා, සිකුරාදා හා ඉරිදාය. ඉදිරයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ප්‍රංශය හා ශ්‍රි ලංකාව අතර සිදු කරන සෘජු ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහි දි කීවේය.

රට සංචාරකයන්ට විවෘත කිරිමෙන් පසු මෙරටට මේ වන විට සංචාරකයන් 70,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබේ. කොවිඩ් වසංගතය පැවතිය ද ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 130 ක ආදායමක් උපයා ඇතැයි ඇමතිවරයා මෙහි දි පෙන්වා දුන්නේය. ඉදිරි කාලය තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් ලක්ෂ 02කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ලබන වසරේ දි මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් පැවසු ඇමතිවරයා ශ්‍රි ලංකාව ලොවපුරා සංචාරකයෝ පිළිගැනීමට සුදානම් බව ද කීවේය. විශේෂයෙන් ම ප්‍රංශ සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය කාලය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බව පැවසු ඇමතිවරයා ඉදිරියේ දි ප්‍රංශයේ එම සංචාරක ප්‍රවර්ධන කටයුතු පුළුල් කරන ලෙස උපදෙස් දී ඇතැයි ද කියා සිටියේ ය.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි, ප්‍රංශ ශ්‍රි ලංකා තානාපති ක්ෂණිකා හිරඹුරේගම වන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

40dd352a e0b3 45c7 b470 ade506b3acab

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය