මෙම වසර අවසන් වීමට පෙර තවත් නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශයේ දී පැවසීය. මෙම වසර අවසන් වීමට පෙර තවත් නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ඇරඹීමට නියමිතව ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශයේ දී පැවසීය.  සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා සංචාරක අමාත්‍යංශය අන්තර් ජාතික මට්ටමින් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නව ගුවන් සමාගම් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ඇරඹීම සිදුකෙරේ. 
ඒ අනුව, නොවැම්බර් පළවෙනිදා සිට ස්විස්ටර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාරයක් හා රුසියාවේ එයාරෝ ෆ්ලොට් ගුවන් සේවය සතියකට ගුවන්ගමන් වාර දෙකක් බැගින් ද ආරම්භ කිරීමට නියමිත අතර නොවැම්බර් මස තුන්‍වැනිදා සිට ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගම සතියකට ගුවන් ගමන් වාර තුන බැගින්ද මෙරටට පැමිණිමට නියමිතව ඇත. 
එසේම දෙසැම්බර් පළමු සතියේ සිට රුසියාවේ එයාර් අසුර් ගුවන් සේවය ගුවන් වාර දෙක බැගිනුත්, ඉතාලියේ නියෝස් එයාර් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර දෙක බැගිනුත් මෙරරටට පැමිණෙයි.  
දැඩි සෞඛ්‍ය හා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව මෙවැනි අන්තර් ජාතික ගුවන් ප්‍රවාහන කටයුතු  පවත්වා ගෙන යමින් ගුවන් සේවාව මගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දිම සිය අරමුණ වි ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය

සංචාරක පුවත්

4th Meeting of the BIMSTEC Network of Tour Operators – July 2026

Sri Lanka successfully hosted the 4th Meeting of the BIMSTEC Network of Tour Operators on 21–22 July 2026 at the Sheraton Colombo

Continue Reading

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය