කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලයි. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත්කරණ කාඩ්පත විදෙස් සංචාරකයන් සඳහා ද අනිවාර්ය කි‍රීමට එමගින් හැකියාව ලැබෙන බවයි.

‍සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග සංචාරක කර්මාන්තයේ ඉදිරි කටයුතු පිලිබඳ පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම ඉල්ලීම කලේය. ඔහු පෙන්වා දුන්නේ මේ වනවිටත් මෙරට සමස්ත ජනගහනයෙන් එක්කෝටි තිස්හත් ලක්ෂයකට ආසන්න පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි. ඒ අනුව සමස්ත ජනගහනයෙන් 60%කට වැඩි පිරිසක් මේ වනවිට කොවිඩ් එන්නත ලබාගෙන ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට රටපුරා සංචරණ සීමා ලිහිල් කරමින් පවතියි.එන්නත්කරණ වැඩපිලිවෙලද ක්‍රියාත්මක වේ.පාසල් ළමුන් එන්නත්කරණය ද සිදුවේ. මේ තත්වය තුල රට තුල කොවිඩ් එන්නත්කරණ කාඩ්පත භාවිතය අනිවාර්ය කරන්නේ නම් එමගින් තවදුරටත් එන්නත්කරණයට ලක් නොවූ පිරිස් ද ඒ සඳහා යොමුකර ගැනීමට හැකිවනු ඇතැයි රණතුංග මහතා මෙහිදී විශ්වාසය පල කලේය.

විදෙස් සමුළු හා සම්මන්ත්‍රණ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රට තුල පැවැත්වීමට ඇති හැකියාව සොයා බලමින් පවතින බව මෙහිදී පෙන්වා දුන් ඇමතිවරයා ලබන වසර තුල සංචාරකයන් විශාල පිරිසක් සහභාගී වන වැඩසටහන් ගණනාවක් රට තුල පැවැත්වීමට සැලසුම් කර ඇතැයි කීවේය.ඒ අනුව ජාත්‍යන්තර මට්ටමේ සමුළු සම්මන්ත්‍රණ කිහිපයක් මෙන්ම සංචාරක වැඩසටහන් ගණනාවක් ලබන වසරේ මුල් කාර්තුව තුලදී සැලසුම් කර තිබේ. රටේ පවතින සෞඛ්‍ය නීති රීති වලට අනුව මෙම කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවද රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ අදාල අංශ සමග සාකච්ඡා කර මේ පිලිබඳව ඉදිරියේදී කටයුතු කල හැකි බවයි. සංචාරක ව්‍යාපාරය යළි යථා තත්වයට පත් කිරීමෙන් මෙරට ආර්ථික ක්‍ෂේත්‍රය නැවත ගොඩනැගිය හැකි බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ සඳහා සෞඛ්‍ය අංශයේ පූර්ණ සහය සංචාරක ක්ෂේත්‍රයට ලබාදෙන බවට සහතික විය.

සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ , සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරි‍යේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහූද සහභාගී වූහ.   

5 width=70%

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය