ශ්‍රී ලංකාව මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම  සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) 05 අතරට එක්ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගෝලිය සුවතා ආයතනය (Global Wellness Institute)  මගින් මෙම නම් කිරිම  සිදු කර තිබේ. ඇමතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් තත්ත්වයෙන් පසු ලෝකයේ සංචාරකයන් වැඩි පිරිසක් මානසික හා ශරීර සෞඛ්‍ය පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ පැවතගෙන රන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව අනුව සුවතා සංචාරක ව්‍යාපාරයට වැඩි ඉඩක් වෙන් ව ඇති බවත්,  එය දියුණු කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රංශ සංචාරක ප්‍රදර්ශනයට සමගාමීව පැවති සංචාරක අමාත්‍යවරුන්ගේ හමුවේ දි ඇමතිවරයා මේ බන සදහන් කළේය. මේ සදහා ප්‍රංශයේ සංචාරක රාජ්‍ය ලේකම්  Jean Battiste Lemoyne, ඊජිප්තු සංචාරක අමාත්‍ය   Khaled el Anany, ග්‍රිසියේ සංචාරක ඇමති Vassilis Kikilias, ජෝර්දාන සංචාරක ඇමති  Nayef Hamidi Mohomad Al- Fayez, ඩොමිනික් සමුහාණ්ඩුවේ සංචාරක ඇමති David Collado, මාර්විටි්‍යුස්  (Mavritivs) රාජ්‍ය යේ සංචාරක අමාත්‍ය නියෝජිත Lovis Steven ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ශ්‍රී ලංකාව කොවිඩ් වලින් සුරක්ෂිත රටක් බවට පත්වෙමින් තිබෙන බව මෙම හමුවේ දි පෙන්වා දුන්  ඇමතිවරයා ගෝලීය වසංගතය හේතුවෙන් බිදවැටුණු ලෝකයේ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට නම් සංචාරක ව්‍යාපාරයේ නිරත සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ අපනයන ආදායමෙන් ඩොලර් ට්‍රිලියන 1.3 ක් හා සෘජු සංචාරක දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් ට්‍රිලියන 2 කට වැඩි පාඩුවක් සිදුව තිබේ. ලොවපුරා සංචාරක ක්ෂේත්‍ර යේ අවධානමකට ලක්ව ඇති රැකියා සංඛ්‍යාව මිලියන 100 කට අධික සංඛ්‍යාවකය.  එහි බලපෑම සංචාරක ක්ෂේත්‍ර  යෙන් ඔබ්බට යන බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ගේ පැමිණීමේ දැවැන්ත බිද වැටීම 2020 වසරේ ලෝක වෙළදාම 40%කින් පහත වැටීමට හේතු වූ බව ද පෙන්වා දුන්නේය.  මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර සංචලතාව නැවත ස්ථාවර කර ගැනීම සදහා කටයුතු කල යුතුය. ඒ සදහා සෞඛ්‍ය අර්බුදයකට ප්‍රතිචාර දැක්වීමට ගත් ක්‍රියාමාර්ග තක්සේරු කිරීමෙන් සංචාරක ව්‍යාපාරය ශක්තිමත්, තිරසාර හා පරිපූර්ණ සංචාරක ව්‍යාපාරයක් බවට පත් කරගත හැකි වනු ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ් සුදානම පිළිබද පැහැදිලි කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයෙන් ලක්ෂ 120කට වැඩි පිරිසක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවයි. ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් එන්නත්කරණ වැඩසටහන නිසියාකාරයෙන් රට පුරා ක්‍රියාත්මක වූ බවත් මේ වන විට වයස අවුරුදු 12 ට වැඩි ළමුන් එන්නත් කිරීමට ද කටයුතු කරමින් සිටින බවත් රණතුංග මහතා කීවේය. මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් සුරක්ෂිත රටක් බවට පත් ව ඇති බැවින් සංචාරකයින් ශ්‍රී ලංකාවට එවීමට බිය නොවන්න යැයි ලෝකයේ සියලු රටවලින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග මෙරට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 40,365 ක් බවත් ඉන් කොවිඩ් අසාදිතයන් 323 දෙනෙකු පමණක් වාර්තා වු බවත් පැවසු රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණයත් සමග රට මේ වන විට සංචාරකයන් සදහා පූර්ණ වශයෙන් විවෘතව ඇතැයි ද කීවේය.

64df4513 d350 456f 8b65 cca5b020dd7d

 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය