• ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ සැලැස්මක්...
  • කොවිඩ් වසංගතය නිසා බිදවැටුණු සංචාරක ව්‍යාපාරය නංවන්න රජයේ වැඩි අවධානයක්..
  • ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරය නංවාලිමට සහාය දෙන බවට ප්‍රංශ සංචාරක රාජ්‍ය ලේකම්වරයාගෙන් සහතිකයක්...

වාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළද ප්‍රදර්ශනය ( IFTM TOP RESA 2021 ) ඊයේ (05) ආරම්භ කෙරිණ. එය (05) සිට 08 වෙනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වේ. ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ප්‍රංශයේ සංචාරක කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් JEAN BATISTE LIMOYNE මහතාගේ ප්‍රධානත්වයෙනි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක්විය. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශන සදහා ඉදිරිපත් වීම යලි ආරම්භ වී ඇති අතර මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව මේ වසරේ සහභාගී වන දෙවන ප්‍රදර්ශනයයි.

ශ්‍රි ලංකාව මෙම සංචාරක වෙළද ප්‍රදර්ශනය සදහා වසර ගණනාවක් නොකඩවා සහභාගී වන අතර මෙවර ශ්‍රි ලාංකික සංචාරක නියෝජිත ආයතන 16ක් මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී වි සිටිති. මේ සදහා රටවල් 170 ක් පමණ සහභාගී වේ. වෙළඳ සන්නාම 1700ක් මෙන්ම සංචාරක වෘත්තිකයන් 34,000ක් පමණ සහභාගී වන මෙම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය මෙවර සමුළු සැසිවාර 150කින් පමණ සමන්විතය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශන කුටිය විවෘත කෙරුණේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට විදේශ සබදතා රාජ්‍ය අමාත්‍ය  තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අමාත්‍ය උපදේශක කමිටුවේ සම්බන්ධීකාරක නිමේෂ් හේරත්, සංචාරක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් රුක්ෂණ මල්ලවආරච්චි, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අලෙවි නිළධාරී විරංග බණ්ඩාර යන මහත්වරු සහභාගී වුහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද මෙම ප්‍රදර්ශනය සදහා ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කර තිබු අතර එය විවෘත කෙරු‍ණේ ද සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශොක් පතිරගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ. ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ප්‍රංශයේ රාජ්‍ය ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූණේ ද සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශන කුටිය තුළ දියි.

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර ඒකාබද්ධ සංචාරක සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබද ව මෙහි දී දෙපාර්ශවයේ ම අවධානය යොමු විය. කොවිඩ් වසංගතයත් සමග බිදි වැටුණු සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ශ්‍රි ලංකා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව මෙහි දී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණයත් සමග ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා සුරක්ෂිත රටත් බවට පත්ව ඇතැයි ද කීවේය. ප්‍රංශ සංචාරක රාජ්‍ය ලේකම් JEAN BATISTE LIMOYNE මහතා මෙහි දී සදහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක හා ආයෝජන  ප්‍රවර්ධනය සදහා ප්‍රංශය සිය පූර්ණ සහාය පළ කරන බවයි.

ලොව පුරා පැතිර ගිය කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ සංචාරක ව්‍යාපාරය ඉතා තිරණාත්මක තත්ත්වයකට පත් ව ඇති බවත්, එම තත්ත්වයෙන් ගොඩ ගැනීම සදහා ලොවපුරා සියලු රටවල් සමග සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහි දී පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පශ්චාත් කොවිඩ් වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම සදහා විශේෂ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද මෙහි දී කියා සිටියේය. ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රංශ සංචාරකයන්ගේ අවධානය දිනාගෙන ඇති බවයි. 2019 වසරේ දී මෙරටට සංචාරකයන්  වැඩියෙන්ම පැමිණි රටවල් අතර ප්‍රංශය ඉදිරියෙන් ම සිටි බව ද ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඊයේ දිනය තුල සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශන කුටිය තුල දී සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශේෂ සාකච්ඡා කීපයකට සහභාගී විය. ප්‍රංශ සංචාරක සංවිධාන නියෝජිතයන් සමග ද එහි දී සාකච්ඡාවක් පැවැත්විණි. එහි දි ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියේ ඉදිරි කාලය තුල වැඩි වශයෙන් ප්‍රංශ සංචාරකයන් මෙරටට රැලෙන එන ලෙසයි. ඔවුන් සදහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සුදානමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කලේය.

1f990efb 8b5d 49c3 91ec 14f39a877aa0
7d7b60ad 1841 4161 b8ee 463dc353cf22
74edfd9e 54bb 4e47 882a 96f5e0b60525

123fa91a 5ca5 4c09 9b27 192f2cb0f1e6
335c4b33 6a80 4bfe 8b28 94065da871e5
f0d25974 e8ce 40b5 b3c3 427a135dc654

සංචාරක පුවත්

Sri Lanka Mega Roadshow 2026 Achieves Remarkable Success In Seoul, Strengthening Tourism, Cultural And Buddhist Ties Between Sri Lanka And South Korea

The Sri Lanka Tourism Promotion Bureau (SLTPB), in collaboration with the Embassy of Sri Lanka in the Republic of Korea, successfully concluded the Sri Lanka Mega Roadshow 2026 at the prestigious Lotte Hotel Seoul on 08 June 2026, further strengtheni

Continue Reading

The Embassy of Sri Lanka in the Republic of Korea hosted Pulse of Sri Lanka – A Celebration of Dance and Heritage on 5 June 2026 at the Kkumbit Theater, Seongbuk Media Culture Maru, Seoul, presenting a vibrant showcase of Sri Lanka’s cultural traditi

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය