ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය පිළිබද ව නවසීලන්ත රජය සිය ප්‍රසාදය පළ කරයි. නවසීලන්තයේ මෙරට මහකොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය සිකුරාදා (01)  පැවති සාකච්ඡාවක දී නවසීලන්ත මහකොමසාරිස්වරයා මේ බව සදහන් කළේය. දෙරට අතර සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද ව සාකච්ඡා කිරීම සදහා මෙම හමුව පැවැත්විණි.

මෙරට කොවිඩ් මර්දන කටයුතු සහ එන්නත්කරණය සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා සංචාරක ඇමතිවරයාගෙන් විමසීමක් කළ අතර ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි ද අවධාරණ කළේ මේ වන විට සමස්ථ ජනගහණයෙන් 70% කට වැඩි පිරිසක් කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවයි. වයස අවුරුදු 30 ට වැඩි ජනගහණයෙන් 90%කටත් වැඩි පිරිසක් කොවිඩ් එන්නත ලබාගෙන ඇති බවත්, මේ වන විට වයස අවුරුදු 20-30 ත් අතර සහ 15-20 ත් අතර කණ්ඩුයම් වෙනුවෙන් එන්නත්කරණ කටයුතු සිදු කරන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. රජය කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසු රණතුංග මහතා ඒ සදහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම අංශයන් ගෙන යන වැඩපිළිවෙල මහකොමසාරිස්වරයාට පැහැදිලි කර දුන්නේය. එය ඉහළින් අගය කළ නවසීලන්ත මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඕනෑම විටක දී කොවිඩ් මර්දන කටයුතු සදහා සහාය දීමට සුදානම් බව ද සදහන් කලේය.

නවසීලන්තය මේ වන විට සංචරණ සීමා පණවා ඇති රටක් බවත්, එම සීමා ඉවත් කිරීමට අවම වශයෙන් සති කීපයක් ගතවනු ඇති බවත් පැවසු නවසීලන්ත මහකොමසාරිස්වරයා ඉදිරියේ දි ශ්‍රී ලංකාව සමග පුළුල් සංචාරක වැඩපිළිවෙලක් ආරම්බ කිරීමට අපේක්ෂා කරන බව ද සදහන් කළේය. නවසීලන්තය සංචාරක කටයුතු සදහා විවෘත කිරීමෙන් පසු දෙරට අතර ඒකාබද්ධ සංචාරක  ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ද ඔහු කීවේය.ඒ සම්බන්ධයෙන් සිය එකගත්වය පළ කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා දැනටමත් ඊට අදාළ සැලසුම් සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සකස් කර ඇතැයි සදහන් කලේය.

මෙම අවස්ථාවට නවසීලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඇන්ඩෘ ට්‍රැවලර්, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ගුවන් තොටුපළ හා අපනයන සැකසුම් කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

240116529 6871116386247152 4891035067081324977 n

240661558 6871116009580523 11257985564412589 n

 

සංචාරක පුවත්

Sri Lanka Convention Bureau’s Roadmap for a Knowledge-Driven MICE Sector

During the first half of 2026, the Sri Lanka Convention Bureau (SLCB), through its Research, Development & Training Division, successfully implemented a series of capacity-building initiatives aimed at strengthening Sri Lanka's Meetings, Incentiv

Continue Reading

Sri Lanka Tourism Showcases Progress Across Key Sectors – July 2026

Sri Lanka Tourism continues to strengthen its global presence through a series of impactful initiatives and achievements across wellness, marine, cultural, educational, and business tourism. The Sri Lanka Tourism Promotion Bureau (SLTPB) has recently

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය