ශ්‍රී ලංකාව හා ඊජිත්තුව අතර සංචාරක සහයෝගීතාව වර්ධනය සදහා ඒකාබද්ධ කමිටුවක් පිහිටු වීමට යයි. දෙරට අතර අත්සන් තබා ඇති සංචාරක අවබෝධතා ගිවිසුමට අනුව එම කමිටුව පත් කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරට ඊජිප්තු තානාපති Hussein El Saharty මහතා සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය දා සංචාරක අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කලේය. ශ්‍රී ලංකාව හා ඊජිත්තුව අතර ද්විපාර්ශවික සබදතා පුළුල් කර ගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡාවට පැවැත්විණ.දෙරටේ සංචාරක බළධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා මේ සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට මෙම සාකච්ඡාවේ දි එකගතාවය පළ විය. දෙරට අතර විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට ද මෙහි දි තිරණය කෙරිණ. සංඛ්‍යා ලේඛණ අනුව මෙරටට වාර්ෂිකව පැමිණෙන ඊජිප්තු සංචාරකයන් ගාණ 5000 ක් පමණ වේ. එය ඉහළ නැංවිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාවට පැමිණිවිට වීසා පහසුකම් නොලැබෙන  (on arrivel visa) නොලැබෙන රටවල් 07 අතරට ඊජිප්තු අයත් වන බවත් එය ඉවත් කර ගන්නා ලෙසත් ඊජිප්තු තානාපතිවරයා මෙහි දී ඉල්ලා සිටියේ ය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ඒ සම්බන්ධව ආගමන විගමන අංශවල අවධානය යොමු කරන බවයි.මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබද සිය ප්‍රසාදය පළ කළ ඊජිප්තු තානාපතිවරයා මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ඊජිප්තු රජය සිය පූර්ණ සහාය පළ කරන බව ද මෙහි දී කියා සිටියේය.

ඊජිප්තු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Karim Abulenein , සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

FO4A2621 1

 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය