27 දිනට යෙදී ඇති ‍ලෝක සංචාරක දිනය අප සමරනු ලබන්නේ ගෝලීය වසංගත තත්වය හමුවේ සංචාරක කර්මාන්තය බිඳ වැටී ඇති අවස්ථාවකය. කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අන් කවරදාටත් වඩා තීරණාත්මක අවස්ථාවකට එළැඹ තිබේ.

වත්මන් ලෝක වසංගත තත්ත්වය හමුවේ  ලොව සෑම රටකම සංචාරක කර්මාන්තය  බිඳ වැටිණි. රටවල් අගුලුලෑම නිසා සබඳතාවන් බිඳ වැටී, ගමනාගමන කටයුතු අඩාල විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇනහිටිනි. සංචාරක කර්මාන්තය සෘජුව හා වක්‍රව යැපෙන ලක්ෂ 30කට ආසන්න පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙය ඉසිලිය නොහැකි තත්වයකි.

කොරෝනා වසංගතය  පාලනය කරමින් සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා ලොව පුරා රටවල අවධානය මේ වනවිට යොමු වී ඇත.කොවිඩ් සමග ජීවත් වෙමින් ලෝකය නැවත නැගිටින්නට උත්සහ දරන  මේ මොහොතේ දී  "අන්තර්කරණීය වර්ධනයක් උදෙසා සංචාරක කර්මාන්තය " යන තේමාව යටතේ ලෝක සංචාරක දිනය සැමරීම සැබවින්ම අර්ථවත්ය.

ඉහළ ම විදේශ විනිමයක්  රට තුලට ගෙන ආ හැකි සංචාරක කර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසකි. එමෙන්ම පහසුවෙන් දියුණු කල හැකි ක්ෂේත්‍රයකි. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ වාර්ශිකව ඇමරිකන් ඩොලර් බිලියන 10ක් සංචාරක කර්මාන්තය හරහා ජාතික ආර්ථිකයට එක් කිරීම අපේ අරමුනයි. කොවිඩ් වසංගතය හේතුවෙන් එම ඉලක්කය කිසියම් පසුබෑමකට ලක්ව තිබුණද සංචාරකයන්ට රට විවෘත කිරීම සඳහා නැවතත් එකී ඉලක්කය සපුරාගැනීම අපේ අපේක්ෂාවයි.

කොවිඩ් වසංගත තත්වය යටතේ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කිරීමේදී අපගේ ප්‍රධානතම ඉලක්කයක් වන්නේ සංචාරකයන්ගෙන් මෙරට ජන සමාජයටත්, මෙරට ජන සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් වසංගතය වැළඳීම වැළැක්වීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුව මෙරට ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා එන්නත්කරණයට මුල් තැන දී ඇති අතර මේ වනවිට සමස්ත ජනගහණයෙන් 60%කට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත. සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්  සියලුදෙනාම පාහේ මේ වනවිට කොවිඩ් එන්නත ලබාගෙන අවසන්ය. මේ තත්වය තුල අදට යෙදෙන ලෝක සංචාරක දිනයේදී නව ජවයකින් සංචාරක ව්‍යාපාරය යලි ආරම්භ කිරීමට අපට හැකියාව තිබේ. මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය පියවර රැසක් අප විසින් ගෙන ඇත.

සංචාරක කර්මාන්තය පෙර තිබූ තත්වයටත් වඩා හොද තත්වයකට වර්ධනය කිරීමේ ප්‍රතිලාභ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව ස්වයං රැකියාවක නිරතවන්නාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා ලබාදීම අපේ අරමුණයි.ඒ වෙනුවෙන් ජනතා සහභාගිත්වය සහිත පරිසර හිතකාමි සහ සංස්කෘතික හිතකාමී සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම සඳහා අපි කටයුතු කරමින් සිටින්නෙමු. ස්වභාවික සෞන්දර්යයට අමතරව  සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගත්, විනෝදාස්වාදය පදනම් කරගත් නව ක්ෂේත්‍ර ඒ සඳහා හඳුනා ගනිමින් තිබේ. ආගමික සංස්කෘතික සංචාරක උරුමයන්, ත්‍රාසජනක ක්‍රීඩා, කෘෂිකාර්මික සහ වනාන්තර ආශ්‍රිත සංචාරක කර්මාන්තය , දේශීය ආයුර්වේදය ආදී ක්ෂේත්‍ර  මුල් කරගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා පෞද්ගලික අංශයට ද ඇරයුම් කරමි.

අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් නවීකරණය කර අභ්‍යන්තර ගුවන් සේවාවන් දියුණු කිරීම , රටේ ප්‍රධාන සංචාරක නගර යාවෙන මාර්ග පද්ධති ආශ්‍රිතව සංචාරක සේවා මධ්‍යස්ථාන පිහිටුවීම, එම ස්ථාන ආශ්‍රිතව සනීපාරක්ෂක පහසුකම්, අවන්හල්, මුදල් හුවමාරු මධ්‍යස්ථාන ආදිය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව ඉදිකිරීම, අන්තර්ජාලය හරහා හෝටල් වෙන් කිරීම, ප්‍රවාහන පහසුකම්, මාර්ගෝපදේශකයෙක්, අභ්‍යන්තර ගුවන් ප්‍රවේශපත්‍ර හා ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර  ලබාගත හැකි ආකාරයට මධ්‍යම අන්තර්ජාල මෘදුකාංග පද්ධතියක් සහ සංචාරක ස්ථාන සඳහා ස්වංක්‍රීයව ඇතුළුවීමේ දොරටු ක්‍රමයක් හඳුන්වා දීම , සංචාරක ක්ෂේත්‍රය තුළ පුහුණු හා නුපුහුණු සේවා සපයන්නන් දස ලක්ෂය දක්වා වැඩි කිරීම, සම්ප්‍රදායික සහ නූතන නර්තන ශිල්පීන්ගේ ප්‍රාසාංගික ප්‍රදර්ශන අවකාශ ලබා දෙන සහ චිත්‍ර සහ මූර්ති ශිල්පීන්ට ස්වකීය නිර්මාණ අලෙවි කර ගැනීමේ සංචාරක හෝටල් සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන වල ඉඩකඩ ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කිරීම,  ආදී සංචාරක කර්මාන්තය  නැංවීමේ වැඩපිළිවෙල  රැසක්   ඉදිරියේදී  ක්‍රියාත්මක කිරීමට අපි අපේක්ෂා කරමු.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට සැමදා වසා තැබිය නොහැකිය. සංචාරක ව්‍යාපාරය නතර කල නොහැකිය. ඒ නිසා නව සමාන්‍යකරණය යටතේ අප කොවිඩ් සමග ජීවත් වන්නට සූදානම් විය යුතුය. දැන් අවශ්‍ය වන්නේ ඒ සඳහා වන ජනතාවගේ සහයෝගයයි. එබැවින් රටේ ආර්ථිකයට නව පණක් ලබා දෙමින් සංචාරක කර්මාන්තය යලි නංවාලීම සඳහා එක්වන්නැයි සියලු පාර්ශවයන්ට ආරාධනය කරමි. 

සංචාරක පුවත්

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Sri Lanka Tourism Showcases the Island’s Diverse Tourism Experiences at JATA Tourism Expo 2026 in Tokyo

Continue Reading

Sri Lanka Tourism Strengthens Travel Trade Partnerships Through 2026 B2B Networking Series in Australia and New Zealand

Sri Lankan delegates engage over 250 Australian and New Zealand travel agents across a landmark five-city roadshow

Continue Reading

ඉදිරි වැඩසටහන්

Exit
දිස්ත්‍රික්කය